සෙනසුරාදාට යෙදෙන දීපාවලී දිනය නිමිත්තෙන් සැමරුම් උත්සවයක් අද අරලිය ගහ මැදුරේ දී පැවැත්විණි.
ඊට මෛත්‍රීපාල සිරිසේන ජනපති ද, රනිල් වික්‍රමසිංහ අගමැති ද, ආර් සම්බන්දන් විපක්ෂ නායක ද සහභාගී වූහ.
සෙනසුරාදාට යෙදෙන දීපාවලී දිනය නිමිත්තෙන් සැමරුම් උත්සවයක් අද අරලිය ගහ මැදුරේ දී පැවැත්විණි.
ඊට මෛත්‍රීපාල සිරිසේන ජනපති ද, රනිල් වික්‍රමසිංහ අගමැති ද, ආර් සම්බන්දන් විපක්ෂ නායක ද සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහලයා දෙමලයා මරක්කලයා කියකියා වාදභින්න නොකර එකාමෙන් සමගියෙන් ජිවත් වෙන්න මේ මහපොළොවට ආදරය කරමින්. සහාජිවනයනම් එය වියයුතුයි. (බ)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
අපගෙත් සුබ පැතුම්.(හේ)
මේවා හොද වැඩ මේ හැමෝම අපේ රටේ වැසියෝ අපි විතරක් තමයි උතුරේ ජීවත්වෙන්න ඕනේ කියන කට්ටියටත්, දකුණේ අපිට විතරයි මේ රට අයිතියි අපේ ලේ තමයි වැදගත් කියන කට්ටියත් මේවා කොහොමත් දිරවන්නේ නැහැ. යහපාලනයේ හොද පැත්තක් ලෙසයි මම මේවා දකින්නේ (හේ)
සුබ දිපවාලී දිනයක් වේවා.(හේ)
අපේ වෙසක් උත්සවයටත් මේගොල්ලෝ එකතුවෙනවා නම් කොචචර එකක්ද? (නි)
රාමායණයට අනුව සමරන දීපවාලි කියන්නේ රාමා විසින් ලංකාවේ රාවණා රජතුමන්ව පරදා නැවත ඉන්දියාවට පැමිණි දවසයි. එතකොට අපේ රටේ නායකයෝ සමරන්නේ අපේම රටට ඇවිත් අපේම රජ කෙනෙක්ව පරද්දවපු දවසම නේද? (නි)
කවදාවත් සිංහල අවුරුද්ද සමරන්නේ නැති අය දීපවාලි සමරනවාලු...? මේ රවටන්නේ සිංහලයන්වද? දමිළයන්වද? (නි)
අපි ඔක්කොම ලංකාවේ මිනිස්සු ඉන්න ටික කාලේ හැමෝමත් එක්ක හොධින් ඉමු. මේකේ ප්‍රතිචාර දාපු අයගෙන් ගොඩක් දෙනෙක් බුද්දිමත් විධියට හිතන අය වීම සතුටක්. සත්‍ය, සංජීව, සහන, චින්තක යන අය ගොඩක් බුද්දිමත්. (අ)
අපේ කටිටියට මොනවා කලත් වැඩක් නැ කෑගහනවා! මෙහෙම නැත්නම් කොහොමද ඔයාලට ඕනෑ? අයේ කටිටිය සෙට්වෙලා මරාගන්නද කියන්නේ? (අ)
අප්පච්චිට කඩේ යන මෝඩ හරක් . මේ උත්සවය රටේ සියලුම මිනිස්සුන්ට ආශිර්වාදයක්. එක තේරුම් ගන්න බැරි මෝඩ මූසලයෝ.
අනේ අපොයි කියනවා හැරෙන්න මට නම් කියන්න දෙයක් නැහැ (නි)
සත්‍යයා ඔබ හරි.. නමුත් ප්‍රශ්නේ එක නෙවේ.. රටක ජනාධිපති අගමැති කියන්නේ ඔබ ඔය කියන විදියේ අය බව හැමොම දන්නව.. මෙරට විතරක් නෙවේ මෙතුමන්ලා මේ අපි ගියේ නැති වුණාට ඉන්දියටත් ගිහින් ආශිර්වාද ගත් උදවිය.. මේ කටයුතු වලට ජනතා අප්‍රසදයක් නැහැ... නමුත් දැනට රටේ ඇත්තේ එක ප්‍රශ්ණයක් නොවේ.. එක පැත්තකින් කැළෑ එලිකරගෙන තමන්ගේ අම්මගේ අප්පගේ බූදලයක් ලෙස බෙදා දෙනවා.. ඒවා රක්ෂිත වනාන්තර.. මූනවල් වහගෙන රජයේ විභාග වලට පෙනීසිටිනවා.. පිටරට මිනිසුන් මේරට ඉදිකිරීම් කර ආක්‍රමණය කරන්න යනවා .. උතුරෙත් නිතර ප්‍රශ්න.. මේ සියල්ලෙදි මෙතුමන්ලා ඉන්නවාද නැද්ද කියල වත් ජනතාව නොදන්නා තරම්... දන්නේ නෑ.. සිංහල ජාතිය අසරණ වෙලා කියල හිතට දැනෙනවා... ජනතාව වැඩි ඈතක නෙවී කී නොකී දෙවල් වලට අසාධාරණයට වගකිවයුත්තන් පිටමං කිරීමට පෙළ ගැසේවී. (අ)
දීපාවලි කියන්නේ ඉන්දියාවේ රාමා අපේ රාවණා රජ්ජුරුවෝ පරද්දපු එක සැමරීම..... (ම)
කාව මේවායින් රවටන්න හැදුවත් අපි නම් රැවටෙන්නෙ නැහැ (නි)
ඔහොම යමුකෝ. ජයවේවා! (නි)
සම්බන්දන් මහත්තයා එයාට ඕනෑ විදියට මෙතුමලාට අන්ඳලා නේද? (නි)
වවුලගේ මඟුල් ගෙදර ගියා නම් ඒ විදියට ඉන්න ඕනෑ කියන්නේ නිකන්ද? (නි)
ඉස්සර නම් පෝයට බණ ඇහුවා අපි. දැන් සැබෑ වෙනසක්! (නි)
ලක්සිරි, ප්‍රථමයෙන් ඔබගේ වචන කිහිපයට අපගේ ස්තුතිය! අසරණ වීමක් පිළිබඳ සිතුවිල්ලක් අපගේ සිතටද ඇතුළුවීමට වළිකෑවත් එවැන්නකින් හදවතට පීඩා කරගැනීමට මම අකමැත්තෙමි. මන්ද හෙට පිළිබඳව පව්කාරයින්ගෙන් තොර යහපත් රටක් පිළිබඳ සර්වසුභවාදී හැඟුමෙන් ජීවත්වන නිසා. සහන් මෙහි අදහස් ලියන අතරම නුතන දේශපාලන, ආගමික හා සමාජ ආර්ථික යථාර්ථය පිළිබඳවත් යමක් ඉගෙනගැනීමට උත්සාහ කරන්නේ නම් ඔහුගෙන් බොහෝ වැඩදායක අදහස් මෙහි පළවීමටද ඉඩකඩ ඇත (නි)
දීපවාලි යනු සකල මනුෂ්‍ය සංහතියටම ආශිර්වාදයක් ගෙනදිය හැකි දාර්ශනික මෙන්ම සංස්කෘතික වටිනාකමකින්ද යුත් ආගමික උත්සවයක්. ලංකාවේ මෑත දේශපාලන ඉතිහාසයේ සෑම වසරකදීම වාගේ බලයේ ඉන්න ඇත්තෝ කෝවිල් වලට ගොස් වර්ණ රෙදිපිළි පටලවාගෙන වර්ග අතර සංහිඳියාවකට අතවැනීමක් වැනි දේවල්ද කරති. නමුත් මේ කියන සංහිඳියාව ඇතිවිය යුත්තේ දේශපාලකයින් අතර නොව සාමාන්‍ය මිනිසුන් අතර නිසා මාධ්‍යය සංදර්ශන නොපවත්වා සාමාන්‍ය මිනිසුන් විසින් සංවිධානය ආගමික භක්තිය දනවන සාමුහික ක්‍රියාවලියට මුල්තැනක් දෙන්නේ නම් මීට වඩා ආදර්ශයක් බවයි අපේ කුඩා මොළයට හැඟෙන්නේ. (නි)
නියමයි. ඔහොම තමයි ඉන්න ඕනෑ (නි)