(අංජුල මහික වීරරත්න)
ප්‍රධාන ජාත්‍යන්තර සමුළු දෙකකට සහභාගීවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (13 ) අලුයම දිවයිනෙන් බැහැර යයි. ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ වාර්ෂික සැසි වාරයට සහ කියුබාවේ හවානා නුවර පැවැත්වෙන ජී 77 කණ්ඩායමේ සමුළුව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරයේදී සහභාගී වීමට නියමිතය.
මුලින්ම කියුබාවේ හවානා නුවරට යන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජී 77 සමුළුවට සහභාගී වෙයි. “වත්මන් සංවර්ධන අභියෝග හමුවේ විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනයේ කාර්යභාරය” මැයෙන් “G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුව මෙම 15 සහ 16 දෙදින කියුබාවේ හවානා නුවර දී පැවැත්වේ.
ජී 77 සමුළුව යනු ආර්ථික වශයෙන් සංවර්ධනය වන රටවල් 134ක සාමාජිකත්වය සහිත සංවිධානයකි. ශ්‍රී ලංකාව ද ජී 77 කණ්ඩායමේ සාමාජිකයෙකි. මෙම සමුළුවෙන් අනතුරුව ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට යන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ වාර්ෂික සැසිවාරයට සහභාගී වෙයි. සැප්තැම්බර් 19 වෙනිදා සිට 21 වැනිදා දක්වා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ වාර්ෂික සැසිවාරය පැවැත්වෙන අතර ජනාධිපතිවරයා 21 වැනිදා එම සැසිවාරය ඇමතීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
300
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති හෙට අලුයම එතෙර යයි
විජිත් Tuesday, 12 September 2023 11:46 PM
හපුයියා දැන් සංචාරයේම තමයි, ළඟදීම මහජන ඡන්දෙකින් - රටේ මිනිස්සු එකතුවෙලා ඔය හොර ජනාධිපති පට්ටම ගලවලා දැම්මාට පස්සේ ආයේ කොහේ කියලා යන්නද? බෝගම්බර සිපිරි ගෙදර, ජම්පර් එකක් ඇඳගෙන, හිරගෙදර කුස්සියේ ළූණු සුද්දකරන හපුයියාව මට මැවිලා පෙනෙනවා...!!!
Perera Wednesday, 13 September 2023 03:01 AM
මෙයාට කොහොමත් රට සවාරි පිස්සුව ඉස්සර ඉදන් තියෙන මානසික ලෙඩක් නෙ.
Dhananjaya Wednesday, 13 September 2023 06:13 AM
ආපසු එන්න වරම් දෙන්න එපා දෙවියනේ... මිනි මරුවන්, බැංකු හොරුන්, හොරු අරක්ශා කරන්නන්.... යන ගමනේදී හෝ ආපහු එනවිටදී කෙලින්ම අවීචි මහා නරකාදියට යවන්න.
ලුම්බිණි Wednesday, 13 September 2023 07:31 AM
අපරාදේ... තවත් වාර්ෂික සමුළු, සැසි වාර, සම්මන්ත්‍රණ ටිකකුත් එකතු කර ගත්තා නම් තමයි රටට හොඳක් වෙන්නේ...!
පියනන්ද Wednesday, 13 September 2023 08:08 AM
රටපුරා සන්නද්ධ හමුදා කැඳවලා නෙවෙයිද යන්නේ? පුදුමයි...
Kumara Wednesday, 13 September 2023 09:59 AM
තුක් නොදකින් , අහස්යාත්‍රාව මහ මුහුද පතුලටම කඩා වැටිය. හොයන්ඩම බැරිෙවන්ඩ.
kavidhu Wednesday, 13 September 2023 11:37 AM
මෙයාට වෙන රටකින් සිටිසන් අරන් දීලා ඒ රටේ නවත්තන්න බැරි වෙයි වෙයිද?
Rata Perata Wednesday, 13 September 2023 12:08 PM
අපරාදේ ජනතාවගේ බදුමුදල්. මේ කතා කියන්න හොඳයි වැඩ බැරි අයට...
Nimal Wednesday, 13 September 2023 01:05 PM
එළ එළ... කාලා බීලා එහෙම ඉන්නකෝ... අපි වැඩ කරලා... කරලා බදු ගෙවලා. ඔය වියදම් ටික පියවලා දාන්නම්...
අරවින්ද මොනරවිල Wednesday, 13 September 2023 07:16 PM
ගේමක් ගහලා ව්‍යවස්ථාවේ හිලකින් රිංගලා මංකොල්ලකෑව තනතුරින් උපරිම ආතල් ගන්න පිං ජනාධිපතියෙක් ලෝකයේ වෙන කොහෙවත් නැතුව ඇති. ඊළඟට පිහිටවනු ලබන ආණ්ඩුවකින් මේ පිනා ලෝකය වටේ රවුම් ගහන්න කොයිතරම් රටේ මහජන මුදලක් කාබාසිනියා කළාද කියලා හොයලා බලලා ඒ මුදල පොලියත් එක්ක අයකර ගන්න කටයුතු කළයුතුයි...