ඉන්දියා අගමැති මන් මෝහන් සිං ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බව ඉන්දීය විදේශ අමාත්‍යාංශ ලේකම් සුජාතා සං පැවසූ බව ඉන්දියා මාධ්‍ය වාර්තා කළේය.

ඉන්දියා අගමැති ලංකා ජනපති හමුවන්නේ පොදු රාජ්‍ය මාණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවෙන් තුන් මාසයකට පසුවය.

මාර්තු හතර වැනි දා මියන්මාරයේ දී පැවැත්වෙන බිම්ස්ටෙක් සමුළුවේ දී මේ දෙදෙනා හමුවන බව සුජාතා සං මහත්මිය පැවසා ඇත.

 මාර්තු මාසයේදි ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට සහය දක්වනවා දැයි ඉන්දීය විදේශ අමාත්‍යාංශ ලේකම්වරියගෙන්     මාධ්‍ය වේදියෙකු විමසා සිටි අතර එයට විදේශ ලේකම්වරිය සෘජු පිළිතුරක් දීමට අපොහොසත් වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තාවලින් කියැවිණි.