කාබනික පොහොර පමණක් යොදා සරු අස්වැන්නක් ලබාගැනීමේ වැඩපිළිවෙළ ප්‍රායෝගිකව පෙන්වා දීම සඳහා වන වැඩසටහන පොළොන්නරුවේ හේවාගම විජයබාපුර පහ ඇළේ කුඹුරු යායේදී අද (11) ඇරැඹිණි.
මෙම කුඹුරේ හිමිකරු මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයාය. ඩී.එස් සේනානායක මහතාගේ ගොවිජන ව්‍යාපාරය යටතේ ගම්පහ සිට ජනපතිගේ පියා එදා පොළොන්නරුවට ගියේය.
පොළොන්නරුව අතිරේක දිස්ත්‍රික් ලේකම් ගංගානි නිරෝෂනී මහත්මිය හා විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ප්‍රේමසිරි මුණසිංහ මහතා ද ගොවියෝද එම අවස්ථාවට එක්වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොර නැතුව ඵලදාව ලබාගන්න බැහැ. අපිට වැඩි මිලක් කෘෂි බෝග සඳහා ගෙවිය යුතුයි. මොකද අස්වැන්න අඩු නිසා (නි)
අද ලෝකයේ ලොකුම ගැටලුව නම් වස , විස නැති ... රස ගුණ ඇති අහර සොයා ගැනිමයි. . සමරවිට . ලංකාවේ මේ ප්‍රතිපත්ති එවැනි ප්‍රශ්නවලට උත්තරයක් වේවි .. ජය..වේවා !!! (අ)
සියළු දේශපාලඥයන් නොතකා හැර තිබූ, වස විස මාරයාගෙන් දරුවන් ගලවා ගැනීමට මුල පිරූ ඔබ තුමාට මගේ ප්‍රණාමය. මෙය සාර්ථක කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා. (අ)
සංකල්පය හොඳයි. කොපමණ ප්‍රායෝගිකද කියන එකයි ප්‍රශ්නය. මුළු රටක වගා වලට කාබනික පොහොර හදන්න පුලුවන්ද. මේවා යොදාගන්න ගමන් රසායනික පොහොරවල ගුණාත්මකභාවය ස්ථාපිත කළයුතුයි. කොහොමත් පැලයකට උරන්නේ මූලික සංඝටක ටික විතරනේ. මම හිතන්නේ වැඩි අවදානම තියෙන්නේ කෘමිනාශක වල. ඒවයි කෙළින්ම භෝගයට බලපාන්නේ. ඒකට පිළියම් සෙවිය යුතුයි. (නි)
තව ටික දවසකින් බෙහෙතකටවත් වස විස හොයාගන්න බැරිවෙයි ....(බ)
ජනාදි පතිතුමා බලයට පතුවුන ගමන්ම කුණු කසල ප්‍රතිචක්කිරණයේ ව්‍යාපෘතියක් පටන් ගත්තා,එහෙත් රටේ කණු ප්‍රස්නේ තම විසදිලා නැහැ.අනික එම සංකල්පය දැන් අමතක වෙලා.(ම)
මෙය රතන හිමියන්ගේ සංකල්පයක් මෙතුමාට පවරා දීලා තියෙන්නේ වැඩේ කෙරෙන්න ඕන නිසා. නැත්නම් ලොක්කට ඔය සංකල්ප පහලවෙන්නේ නැහැ. (බ)
බහුජාතික සමාගම් වල මුදලට යට වෙලා තියන අපේ කෘෂිකර්මය නිසා බොහෝ ළමයි දැන් අසනීප වෙනවා. මේක නවත්වන්න සිතීමම ඉතා කාලෝචිත දෙයක්. අපේ ළමයින්ට ලෙඩක් දුකක් නැතුව ලොකු වෙනවා බලන්න හැම දෙමාපියෙක්ම නොකරන දෙයක් නැහැ. ඔබට අපේ ආචාරය. (බ)
අපට දැන් වෙලා තියෙන්නේ වස විස නැති වගා කරන්න නෙමේ, වස විස හරි ටිකක් වගා කරලා, වස ටිකක් කන්න. නැත්නම් වස කඩෙන් ගන්න ගියොත් එහෙම, ඒකටත් වැඩි වුන වැට් එක ගෙවන්න වෙනවා. (බ)
පුවතක් තිබුණා කාබනික වී වගාව කරලා අස්වැන්න විකුනන්න හදන කොට රජයේ සහනාදාර වල මුදලට ගත්ත පිටරට පොහොර වල රිසිට් පත අවශයි කියල. එම ගොවියෝ ඒවා පාවිච්චි නොකළ නිසා විකුණා ගන්න බැරි වෙලා . (අ)
අනේ කාලේ වනේ වාසේ කිවුවලු. දැක්කද කුඔුර වටේ තිබෙන වාහන ගොඩ (නි)
වස විස නැති රටක් හදමු. දුෂණයත් තුරන් කරමු. හැබැයි ඉඟුරු එපා කියපු ජනතාවට මිරිසුත් දැන් සැර වැඩිලු (නි)
මෙය ජාතික වැඩපිළිවෙලක්. (ර)
මේක නම් සන්දර්ශනයක් මේ වගේ වැඩ ඩඩ්ලි කාලෙත් තිබ්බලු ඔය පළාතේම (බ)