විදුලි ඒකක 60 දක්වා විදුලි බිලේ වෙනසක් සිදු නොකරන බවත් ඒකක 180 දක්වා සහනයක් දෙන බවත් ජනපති මහින්ද රාජපක්ෂ මහතා කැම්බල් පිටියේ මැයි රැලියේදී ප්‍රකාශ කළේය.
විදුලි බිල වැඩි කිරීමට එරෙහි රට පුරා උද්ඝෝෂණ පැවැත්වීය.එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්තා පෙරමුණ එහි මුල් තැන ගත්හ.
මහින්ද රාජපක්ෂ ජනපති මෙසේ කීවේය. ‘‘එක්සත් ජාතික පක්ෂ කාලයේ විදුලි බලාගාර කලට වේලාවට ඉදි කෙළේ නැහැ. අප එම බලාගාර ඉදි නොකෙළේ නම් ජනතාවට යන්න වෙන්නේ පන්දම් පත්තු කරගෙනයි. එක්සත් ජාතික පක්ෂය දැන් හැම තැනම පෙන්වන්නේත් ඒකමයි‘‘.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිරියට රට ගෙනෙන්න අපෙන් සුබ පැතුම්! (නි)
යොහාන්, කටාර් රජයේ දත්තයන් අනුව 2007 දී ඒක පුද්ගල අදායම මාසෙට රියාල් 41,500යි. අපේ මුදලින් රු1,411,000. දැන් ඇති රුපියල් ලක්ෂ 20ක් වත්. තව මොකටද හර්තාල්? වියදම වැඩි වුනත් ඔවුන්ගේ මිලදී ගැනීමේ ශක්තිය අපිට වඩා සෑහෙන වැඩියි. ඔච්චර අමාරුවෙන් නම් ඉන්නේ ඇයි කටාර් ගිය අය ආපහු එන්නේ නැත්තේ? (නි)
ඇමතිතුමා කිව්වේ දරාගන්න පුළුවන් කියලානේ? ජනාධිපතිතුමාට නම් තේරේනවා නේද? (ත)
ඔබට පිං මහත්තයෝ (දී)
මේ ප්‍රකාශය අපිට මානසික සහනයක්
ඔය කටාර් වල ඉන්න අය පඩි ගන්නේ රුපියල් වලින්ද? එහෙ බඩු වල ප්‍රමිතිය ලංකාවේ ප්‍රමිතියට සමානද? (නි)
විදුලි බිල තමයි මිනිස්සුන්ට තියෙන එකම ප්‍රශ්නය
මිනිස්සු රැවටෙනවා (අ)
තවත් ආරංචියක් තමයි ළගදීම බස් ගාස්තුව සියයට 7කින් ඉහළට. අපි දේශප්‍රේමියෝනේ. ඉතින් කමක් නැහැ (නි)
ඔබතුමාට පිං (දී)
ජනතාව ඔබව විශ්වාස කරනවා
කරන්න පුළුවන්නම් ලොකු දෙයක්
කටාර් නෙවේ සවුදි ගිය අයත් හොරෙන් ඉන්නවා.මම ලගදී දැක්කා අපේ කෙනෙක් ජමෙයිකාවෙත් හොරෙන් ඉදලා අහුවෙලා.අපේ රටේ කවුරුත් බඩගින්නේ නැත්තේ රට පොඩි නිසා. භූ විෂමතාවේ අඩු නිසා. රට ලොකු වෙලා කාන්තාර,හිමවැටෙන ප්‍රදේශ තිබුනා නම් තත්වේ වෙනස් වෙනවා.හැමදේම වැවෙන පොඩි භූමියක් නිසා කොස් ගෙඩියක් හරි කාලා ඉන්නවා.නැතුව වෙන ප්‍රාතිහාරයක් නොවේ. (නි)
කව්රු මොනවා කිව්වත් වියදමට සරිලන අදායමක් ලැබෙනවානම් මෙහ ප්‍රශ්ණයක් නැහැ.එක ලැබෙන්නැති හින්ද තමය් අපිට මෙහ ගැන කතා කරන්න සිද්ද වෙලා තියෙන්නේ.කටාර් වල වැඩ කරන එක්කෙනෙක්ට ලංකාවේ ජීවන බර දැනෙන්නේ නැහැ.(ස)
මේවා හොද වැඩ
බදු ගෙවලා ඇති වෙලා
විදුලි බිල විතරක් මදි. වාහන බදු අඩු කරන්න ඕනෑ. අපි කොහොමද වාහන ගන්නේ? (නි)
ලොව ධනවත් රටවල බඩුමිල ලංකාවේ බඩුමිලට වඩා වැඩියි. උදාහරණයකට ඇමෙරිකාවේ පාන් ගෙඩියක් ලංකාවේ මුදලින් රු.250 විතර වෙනවා. නමුත් එහෙ මිනිසුන්ගේ ආදායමත් එක්ක බලනකොට එය ඉතා පහසුවෙන් දරා ගත හැකි මිලක්. බඩු මිල දුප්පත් මිනිසුන්ට තියා කාටවත් දරාගත නොහැකි විදියට වැඩි කරන්නේ නැහැ. විදුලි බිලත් එහෙමයි. වැරදි තොරතුරු කියලා ලංකාවේ මිනිසුන්ව නොමග යවන්න හොඳ නැහැ. මොලයෙන් කල්පනා කරන්න දැන්වත් පුරුදු වෙන්න. (නි)
මයි දින පොරොන්දු ඉටු කරන්න
දන්නේ නැති නිසයි අහන්නේ. ලංකාවේ තියෙන ජල විදුලි බලාගාර හැදුවේ කවුද? (නි)
අතිගරු ජනපතිතුමනි, අපි දන්නවා ලෝකයේ බලවත් රටවල්වල පවා අද ජීවන වියදම ඉතා ඉහළ ගිහින්. අපි ලංකාවේ පිට ඉන්න නිසා දන්නවා. කටාර් රාජ්‍යය 2011 වසරේ ලෝකයේ ධනවත්ම රටයි. තවමත් ඉදිරියෙන්. මෙහෙ සමහර බඩු මිලත් අපේ රටට වඩා අධිකයි. අපේ එකම ඉල්ලීම හැකි තරම් මහජනතාව ගැන සිතා සහන සලසා දෙන්න. අදත් හෙටත් ඔබයි අපේ ජනපති. (නි)
ඉතින් මේ නාට්‍යයේ පිටපතේ හැටියට තිබුනෙ ඕක ඔය විදියට කරන්න තමා.... දේශපාලනික වශයෙන් බිද වැටෙද්දි, කර කියා ගන්න දෙයක් නැති වෙද්දි, ප්‍රතිරූපය විනාශ වෙද්දි ඒක රැකගන්න කරන්න දෙයක් නැති වෙනකොට ඔය වගේ දේවල් කරනවා. මොකද අපෙ සිං හෙළුවො දෙන ඕනෙ ලණුවක් ගිලින්නනෙ බලන් ඉන්නෙ....(ස)
අපි කවදත් ඔබතුමාට
විපක්ෂයට හොද වැඩේ . (නි)
ලොකු දෙයක්
විදුලි බිල අඩු කළ අපේ ජනාධිපතිතුමා ඇතුළු අපේ ආණ්ඩුවට ජනතා ප්‍රණාමය! (නි)
මම දැන් ඉතාලියට ඈවිත් අවුරුදු 14 ක් වෙනවා. මිට වසර 10 කට පෙර මගේ පඩිය 1200€යි. දැන් 1280යි. ගෙදර රෙන්ට් එක 700€. විදුලි බිල ගෑස් බිල වතුර බිල මාසයකට 150€. මගෙ පුතගේ වියදම් ඈතුලු පවුලේ වියදම300€. ලංකාවෙ ඉන්න දෙමාපියන්ගෙ වියදම් 100€යි. ලංකාවෙ නෙමෙයි ලෝකයේ කොහෙත් වියදම වැඩියි. ලංකාවේ මොනවා හරි සහනාධාර දෙනවා. ඒ අතින් ලංකාව කොච්චර හොදද? (නි)
නියමයි... අපි ඔබට ඔබ අපිට
යථාර්තය තේරුම් නොගත්තු මෙහි අදහස් දාපු සමහර මොලේ නාමයක් නැති අය ඉන්නකම් ලංකාවට දෙයියන්ගේම පිහිටයි (නි)
අපේ ජනපති තුමාට ජයවේවා
ජනපතිතුමනි, විදුලි බිලට වගේම රට තුල දූෂණය, වංචාව, අපරාධ සහ රජ්‍ය ආයතන දේශපාලණීකරණය වීම වැනි දෑ නැතිකර නීතිය කාහටත් එක හා සමාන කරන්න. ඔබට ජය ශ්‍රී! (නි)
ජයවේවා
මයි දින පොරොන්දුව
නගිනවා බහිනවා, අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
ඔයාල කියනවා වගේ අපිට රජ සැප මෙහෙ නැහැ. මෙහෙ ඉන්න අයගෙන් අහන්න. (ස)
මොකාක් හරි සහනයක් දෙනවානම් ගොඩාක් හොදයි (දී)
නොදන්නා අයට පොඩි පැහැදිලි කිරීමක් කරන්නේ. දියුණු රටවල බඩු මිළ ලංකාවේ මිළ එක්ක සංසන්දනය කරන්න බැහැ. ඒ රටවල බඩු මිළ අදායමෙන් 1/10 ටත් අඩු අගයක්. කටාර් වල නම් මම දන්නේ නැහැ. ඕස්ට්‍රේලියාවේ නම් එහෙමයි. ලංකාවේ සාමාන්‍ය පවුලක පඩිය ගෙදර වියදමටත් මදි. කිසිම රටක උද්දමනය අඩු කරන්න බැහැ. ඒක පාලනය කරන්න පුළුවන්. කරන්න ඕනෑ ආර්ථික සංවර්ධනය මගින් අදායම වැඩි කරන එක. (නි)
ඇත්තටම විදුලි බිල වැඩිකරන්න තීරණය කළේ පාඩු අඩු කර ගන්න නම් මේ විදියට හිතෙන හිතෙන විදියට මිල තීරණය කරන්නේ කොහොමද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
සතුටුයි (දී)
හොද වැඩක්
අද සහන (දී)
මහජනයාට සහන දීම හොදයි (දී)
අඩු කරනවා කියලා ඇහුනත් ඇති
හරි ෂෝක්. හැබැයි ඉතින් වැඩි කළෙත් ඔබතුමාලමනේ... (නි)
අපේ රට පාලනය කරන්නේ කවුද ? (ස)
සන්තෝසයි නේ
විදුලි බිල අඩු කිරීම සඳහා ගත් උත්සාහයට එජාපයට සහ ජේවිපියට මගේ ප්‍රණාමය! (නි)
ඔබේ පිහිට තමයි
කවුරු මොනව කිවත් විදුලිය ගාස්තු අඩු කිරීම ගැන සතුටුයි.(ස)
ඔබ වැනි පාලකයෝ රටට වටිනවා
ස්ථිර දෙයක්ද
ෆස්රුල්, ඔබ හරියටම හරි. මම ඔබට ගරු කරනවා (නි)
ජනපති තුමාට මම ගරු කරනවා
මම ඔබට ගරු කරනවා
අපි අහුවෙයි ඕවට හැමදාම මිනිස්සුන්ව අන්දන්න බෑ වැඩිකරලා අඩුකරනවා වැඩි නොකර හිටියනම් මීට වඩා හොදයි නේ (ස)
සසික මහත්තයෝ, මට මේක කියන්න. ඇමරිකාවේ පාන් වල බරයි ලංකාවේ පාන් වල බරයි එක සමානද. ඇමරිකාවේ කන "ගාලික් බ්‍රෙඩ්,ඔලිව් බ්‍රෙඩ්,ඕල් ග්රෙන් බ්‍රෙඩ්, චීස් බ්‍රෙඩ්, ෆ්‍රෙන්ච් බ්‍රෙඩ්, ක්රුස්ටිනි බ්‍රෙඩ්"වගේ නානාප්‍රකාර පාන් ද මෙහෙත් තියෙන්නේ ඒ ගානටද. (නි)
අන්න ජයවේවා
නඩුත් රජුන්ගේ බඩුත් රජුන්ගේ.(නදී)
ලොකු පිනක්
අපි මොනවා හෝ කාලා ඉන්නවා කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ පෝෂ්‍යදායි ආහාර වේලක් ලැබෙනවා කියලා.මම උදේට කෑවේ බතුයි වම්බටුයි සම්බලුයි.කෝ විටමින්,කෝ ප්‍රෝටීන්,කෝ ඔමේගා තෙල්,කෝ ඛනිජ....? (නි)
මුලින් ලොක්කා දන්නේ නැති ගානට වැඩ කරා. පස්සේ අඩු කරලා ලකුණු ටිකක් දාගත්තා. ඒකෙන් දුමින්දගේ කේස් එක ෂේප් කළා. කොහොමද ටිකිරි මොලේ.(නදී)
ඵස්රුල් ඔබ කීවේ සහතික ඇත්ත. මමත් ඔබට ගරු කරනවා.(නදී)
කටාර් වල බඩු මිල ගැන විතරක් නෙවෙයි එහෙ පඩි ප්‍රමානයත් සැලකිල්ලට ගන්න වෙනවා. සාපෙක්ෂව ගත්තහම ලංකාවෙ බඩු මිල ගොඩක් ඉහල ගිහින්.(නදී)
ඔබට අපගේ උත්තමාචාරය (දී)
අතිගරු ජනපති තුමාට ජයවේවා
සන්තෝසයි මහත්තයෝ
අපේ ජනාධිපතිතුමණි, ඔබතුමා දුප්පතාගේ දුක හදුනණ ජන නායකයෙකි. බියෙන් සැකෙන් තොර නිවහල් රටක් උරුම කරදුන් ඔබතුමාගේ හෙට දවසේ ඉදිරි ගමනට සැමදා අපි ඔබ සමගයි. (නි)
අපි සාමාන්‍ය ජනතාව මහත්තයෝ
නන්දනට වැරදිලා .විදුලි ගාස්තුව කොහෙද අඩු කලේ.වැඩිකරපු එකනේ අඩු කලේ. (නි)
කනට මි පැණි දැම්මා වගේ
රොෂාන් ඔයා හරියටම හරි
ඒ කියන්නේ විදුලි බිල අඩු කරනවාද ...ජයවේවා!
මෙහි අදහස් දක්වන බහුතරය බුද්ධිමත්. රටේ හැමෝම එහෙම නම්.... (නි)
ජනාධිපතිතුමාට ජනතාවගේ දුක තේරෙනවා, මේක දරාගන්න බව අමාරු බවත් පෙනිලා, ස්තූතියි ජනාධිපතිතුමනි..(ස)
ඔය අපිට් ආදරේටද අඩු කළේ..(ස)
අසරණ අපි ගැන හිතුවාට තුති
උතුමාණෙනි ගොඩාක් පින්
ඉන්දික මිලානෝ, ඇයි අවුරුදු 14ක් තිස්සේ දුක් වින්දේ? මෙහෙ ඇවිල්ලා ගොවිතැනක් කරගෙන ඉන්නේ නැතුව. ඔබේ දෙමාපියන්ට යවන 100€ මොහොතකට අමතක කළොත් ඔබ කියන විදියට සාමාන්‍ය පවුලකට 130€ක් එනම් රු 20,800ක් මාසෙට ඉතුරු කරන්න පුළුවන්, හරි නේද? අහන්නකෝ ඔබේ දෙමව්පියන්ගෙන් ලංකාවේ කීයෙන් කී දෙනාද මාසෙට මේ වගේ ගානක් ඉතුරු කරන්නේ කියලා? (නි)
ගෆුර් මහත්මයා, තර්කනුකුලව කතා කරන්න. ලැබෙන අදායම් වියදම් කල්පනා කරන්න. ඕස්ට්‍රේලියා වගේ රටක සාමාන්‍ය ආදායම මාසෙකට 3-4 ලක්ශයක්. එහෙත් කුකුළු මස් කිලෝ එකක් 600ක් වගේ. අල කිලෝ එකක් 100-200 , පෙට්‍රල් 200 වගේ. ඔයා හිතුවද ලංකාවේ සාමාන්‍ය අදායම් හා වියදම් අතර පරතරය. මෝඩ විදියට තර්ක ලියන්න එපා. (නි)
විදුලි බිල අඩුකිරීමට බලපෑම් කළ ඡේවීපී හා යූඇන්පී පක්ෂවලට මගේ ස්තුතිය! වංචාව දූෂණය නවතන තුරු මෙම විදුලි ගාස්තු වැඩිකිරීම සාධාරණ නැහැ. සම්පූර්ණයෙන්ම මෙය හකුලා ගත යුතුයි. එතෙක් අපි සටන් කරනවා. අරගලය තාම ඉවර නැහැ. (නි)
වැඩි කල ගණන අදහා ගන්න බැහැ (දී)
දැන් ඔක්කොම හරි. (නි)
මම ඉල්ලන්නේ එච්චරයි
අපි අසරණයි මහත්තයෝ පිහිට වෙන්න
එක රටක බඩු මිල තවත් රටක බඩු මිල හා සැසඳීම හරියට ඇපල් සමග දොඩම් සංසන්දනය කිරීමක් වැනිය. (නි)
මිලියන දෙක නෙමෙයි,මිලියන තුනක් ඇවිත් වගේ. (දී)
අපි අසරණයි මහත්තයෝ
කටාර් වල ඉන්න අය වැටුප් ගන්නේ දිරාම් රියාල් වලින් තමයි. ඒ වගේද බඩු මිල ? අහස උසට නැගලා.නමුත් කිසි වර්ජනයක් හර්තාලයක් නැහැ.දෙන පඩිය අරන් ජීවත් වෙනවා.ගෆූර් ලියලා තියෙන්නේ ඒ සම්බන්ධවයි. (නි)
මිලානෝ ඉන්දික, ඉතාලි වියදමයි, මෙහෙ වියදමයි එකයි නම් ලංකාවට ඇවිත් බලන්නකෝ. (නි)
ෆස්රුල්, ඔයා වගේ අය , රට ගැන හිතන හැටි දැක්කම අපිට ඔයා ගැන ආඩම්බරයි (නි)
විස්වාස කරන්නත් බැහැ (දී)
දේශපාලනය කියන්නේ මේක තමයි
ලොකු පිනක් මහත්තයෝ
අඩු කලේ නෑ වැඩි කරලා කොටසකට තිබුන ගානටම දෙනවා.අපේ අය බොරුවට උඩ පනිනවා !(ස)
පාර්ලිමේන්තුවේ ඉටිපන්දම් පත්තු කළාට නොවෙයි ජනාධිපතිතුමා මේ විදුලි බිල අඩු කළේ. එතුමා ජනතාව ගැන කවදත් හිතනවා (නි)
ඔය කටාර් ඉන්න අයට එහෙ බඩු මිල වැඩිනම් ලංකාවට එන්නේ නැත්තේ මොකද? මෙහෙට ඇවිත් ලාබෙට ජීවත් වෙලා හොද ගානක් ඉතුරු කර ගන්නකො :) (නි)
මේ රටවල බඩු මිල ඉහළ යන බව ඇත්ත. ඒත් තරමක් දුරට හෝ පඩියත් වැඩි වෙනවා. ඒත් ලංකාවේ බඩුමිල වැඩිවෙනවා විතරයි.පඩි වැඩි නොවන එකයි ප්‍රශ්නේ. (ස)
මීට කලින් ලයිට් බිල් වැඩිවෙනවා දැකලා නැද්ද? (ස)
මේකට අදහස් දාන අය මොලයක් නැති ,අංක ගණිතය ගැන බිංදුවක්වත් දැනුමත් නැති අය කියලයි මට නම් හිතෙන්නේ (නි)
පාට කොඩි අරන් නටන්නේ බලයට එන්න. දැන් ඉතින් බොර දියේ මාළු බාවි. (ස)
සමහරක් අය ලංකාවේ බඩු මිල හා කටාර් මිල ගණන් සසදන්න හදනවා. නුගත්තු වගේ කතා කරන්න එපා.මෙහෙ කටාර් වැසියෙක්ගේ අවම වැටුප රියල් 25000ක්.රු.850000.දැන් තේරෙනවනේ.එහෙත් හාල් සිනි අල ගොඩක් දේ ලංකාවේ මිලටත් වඩා අඩුවෙන් තියෙන්නේ. අනික හොද වර්ග.අපිට ගණන් වැඩි වගේ තමා,රියන් 900 පඩියට. (නි)
ඔබට විතරයි කරන්න පුළුවන්
ඉන්දික, එහේ යන්නේ මොකටද ඔච්චරටම ජීවත් වෙන්න අමාරු නම්. මෙහේ හොද නම් කාලා ඇදලා ඉන්න තිබුණනේ. බොරුවට කිසි දෙයක් නොදැන කියවන්න එපා. මෙහේ ඉන්න ජනතාව දන්නවා ජීවත් වෙන්න තියන අමාරුව. (නි)
විදුලි පරිබෝජනයට නොයෙක් ක්‍රම තියනවා, ජළ විදුලිය ට වඩා නිවෙස් වලට සවිකරන වින් පවර්, හය් බ්‍රෛට් පවර් , පුංචි යුනිට් මොකද ජනතාවට හදුනා දෙන්න බැරි. (ස)
දෙයියෝ සාක්කි
එතුමාටත් තදටම දැනෙන නිසා තමයි මෙහෙම හරි සහනයක් දෙන්න හිතන්න ඇත්තේ.(ස)
ඔයාල හුඟ දෙනෙක් අනාගෙන ඉන්නේ විදේශ මුදල් රුපියල් වලට පරිවර්තනය කරලා හිතන නිසයි. මුදල්, ඒකක විදිහට සලකන්න. එතකොට ඔයාලට තරු පෙනෙයි ලංකාවේ ජීවන වියදම ගැන. සෞදියේ ඉස්තරම් පාන් ගෙඩියක් මුදල් ඒකක 3 යි. සුපිරි පෙට්‍රල් ලීටරයක් ඒකක දශම 6 යි. ඩීසල් ඒකක දශම 25 යි. එළවලු කිලෝ එකක් ඒකක 8 යි. මාළු මස් 10-12 අතර. එල් පී ගෑස් 13 යි. (නි)
දැන් මැයි රැලිය තියන්නේ දේශපාලකයෝමයි . නමුත් ඇත්තටම මේක ඒ අයට එරෙහිව තියන දෙයක් (දී)
හැමදේම නිකන් ලෙහෙසියට ගන්න දෙන්න හොද නැහැ.මිනිස්සු නාස්ති කරනවා. (නි)
යොහාන්, මැද පෙරදිග පඩි හරිම විකාරයක්. ලංකාවෙන් යන ගුරුවයකුට දෙන පඩිය වගේ 20ගුනයක් විතර වැඩියෙන් බටහිරින් එන කෙනෙක්ට දෙනවා. ඒකට සාධාරන හේතු තියනවා. ඒ රටේ කෙනෙක්ට ඊටත් වැඩිය දෙනවා.ඉතින් එහෙ හර්තාල් වෙන්නේ නැහැ. (නි)
ෆස්රුල් වැඩි වෙන්නේ මොලේ උඩද? ලංකාවේ සොච්චම් පඩියයි , කටාර් වල පඩියි ඔයා දන්නෙ නැද්ද? අනේ පව් බබා ... (නි)
මිනිසුනේ, ඔය රට ඉන්න අය ප්‍රමිතිය ගැන මොකෝ කියන්නේ? ලංකාවේ වගේ බාල බඩු වලටද ඔහෙත් ගෙවන්නේ.පඩිත් රුපියල් වලින්ද ගන්නේ. (නි)
ඔව් ෆසූර්, පිට රටවල ගෙවන පඩියට සාපේක්ෂව බඩු මිල ඒ හැටි වැඩියක් නැහැ. (නි)
ෆස්රුල්, ඔයා වැරදියි. කියනවා වගේ පඩිය එක්ක සසදලා බලන්න වෙනස. එතකොට තේරෙයි. ලංකාවේ සාමාන්‍ය කෙනෙක්ගේ පඩිය 15000-25000 යි. ඒක ඇතිද පවුලකට කන්න බොන්න දෙන්න. (නි)
ගොඩක් හොඳ තීරණයක්. දැන්වත් රටේ බහුතරයකගේ ඔලුවේ තිබුනු බරක් සැහැල්ලුවෙයිනේ (නි)
අපි කවදත් අනුන්ගේ කතා අහගෙන තමයි හිටියේ
රටට යහපතක්ම වේවා.. ඔබතුමාට ජයවේවා
යොහාන්, අර නිතිය තිරිහන් කිරීම ගැන,අපරාද වැඩිවීම ගැන,වංචා දුෂණ ගැන,හොරකන් අතුරුදහන් ගැන,අකාර්යක්ෂමතාවේ ගැන,බෙහෙත් නැති ඉස්පිරිතාල ගැන සහ අනෙකුත් දේ ගැන යොහාන්ට ප්‍රකාශයක් කරන්න පුලුවන්ද? (නි)
දන්නේ නැති නිසයි අහන්නේ. ලංකාවේ තියෙන ජල විදුලි බලාගාර හැදුවේ කවුද?? විදුලි බිල අඩු කිරීම සඳහා ගත් උත්සාහයට එජාපයට සහ ජේවිපියට මගේ ප්‍රණාමය.! (නි)
අනෙක් ඒවත් අඩු කරන්න මහත්තයෝ
මගේ අදහසට ප්‍රතිචාර දැක්වූ සියුදෙනට මගේ ප්‍රණාමය. මුලින්ම කියන්න ඕනෑ මම ආර්ථික විද්‍යාව පිළිබද ආචාර්යවරයෙක් නොවේ. මගේ ඉල්ලීම ජනාධිපතිතුමාගෙන් දුප්පත් අපි ගැන හිතලා පුළුවන් අයුරින් සහන සලසා දෙන්න කියායි. ඒ ඉල්ලීම මා කරලා තියෙන්නේ මම දන්නා තරමින් ලෝක ආර්ථිකය කඩාවැටීම හේතුවෙන් මෙය ලෝකවාසී ජනතාවට සමව බලපෑ ඇති බැවින්ය.හරි? ඇමරිකාව, ඕස්ට්‍රේලියාව,එංගලන්තය, ඉතාලිය, සහ කටාර් ඔබලා සදහන් කර ඇති සංවර්ධිත රටවල් වල ජීවන වියදම අපේ රටට වඩා වැඩිනම් ඊට සාපේක්ෂිතව ඒක පුද්ගල ආදායම ලැබෙනවා නම්, 3 වන ලෝකයේ දුප්පත් රටක් වන අපිටත් ලෝක බලවතුන්ටත් ලොකු වෙනසක් තියනවද ? අද ත්‍රීවීල් රියදුරෙක් පවා දවසට 1500 - 1700 හෝ 2000 වගේ හම්බකරනවා. බඩු මිල වැඩි වුනත් කවුරුත් මැරිලා නැහැ. (නි)
94 හිටිය යූ.එන්.පී. එක වගකියන්න ඕනෑ අද බලාගාර නැති එකට. (නි)
දෙයියනේ! ඇයි මිනිස්සු මේ 21 වැනි සියවසේ කාලා විතරක් හිටියම ඇද්ද? ඔය පිට රට ඉන්න අයගේ විනෝදබර ජිවිත අපට තියනවද? ඔහෙලා ඔහේ ඉදන් ගෙවන්නේ ප්‍රමිතියෙන් උසස් බඩු වලට. ඒත් අපි? (නි)
ඔය රට ඉන්න අය ගන්න බඩු මෙහෙ වගේ ඉන්දියාවෙන් ආපු බාල බෙහෙත්,බාල කෑම,මේඩ් ඉන් චයිනා ඒවාද? නැතිනම් ඇමරිකන්,ප්‍රංශ, ඉංග්‍රීසි වගේ උසස් තාක්ෂණයෙන් යුතු දේවල්ද? යන්නේ ටාටා බස් වලද? ත්‍රි විල් වලද? ඒ සි, හීටර් පාවිච්චි කරන්නේ නැද්ද? (නි)
කටාර් වල ඒක පුද්ගල ආදායම ඩොලර් 80000 යි. ලංකාවේ 2000 යි කඩේ යන්නත් සීමාවක් තියෙනවා. (ස)
හරි ලොකු වැඩක්. වැඩි කරල පස්සෙ අඩු කෙරල ලකුනු දාගෙන ජනතාව තවත් ගොනාට අන්දන්න එන්නෙ. ඕවට අහු වෙච්ච කාලෙ ඉවරයි.(ස)
මම නම් කියන්නේ ජනතාවට කොහොම හරි සහන දෙන්න (දී)
අපිට හරි සතුටුයි
එහෙ කන්නේ ස්පගති,ස්ටෙක්,බාබකිවු. යන්නේ බි එම් ඩබ්, බෙන්ටලී වල. ඉන්නේ කොම්පවුන්ඩ් වල. රෑට නයිට් ක්ලබ් යන්නේ රෝට්න්,මැරියට් වලට. අදින්නේ ගුචි,ප්‍රාඩා,ලාකොස්ට්. බොන්නේ වයින්,විස්කි. ඒ කරලා අපට එහෙ ඉදන් බණ දෙසනවා බඩු මිල කොහෙත් එකයි කියලා. (නි)
කටාර් වල බඩු මිලට සාපේක්ෂව තමයි එහෙ පඩිපත නිර්මානය කරලා තියෙන්නේ. ඒ නිසාවෙන් ඔබේ කතාව මෙහෙට ගැලපෙන්නෙ නැහැ ෆස්රුල්. මෙහි රුපියලේ අගයට සාපේක්ෂව බලන්න (නි)
රට වටේම මුහුද තියන් මාළු කන්නේ කීදෙනාද. දඹුල්ලේ එළවලු ලක්ෂ ගණන් විසික්කන්නේ අයි? ඇති වෙනකම් හරක් ඉදල කිරි ගණන්. පිටින් ආපු පලතුරු රට ඇතුලේ පලතුරු වලට වැඩිය ලාබයි. දැන් කියන්න එපා මේවා කුමන්ත්‍රණ කියල.(ස)
ඉස්සර හැම ගෙදරම වගේ කුකුලෝ හරක් හිටිය.ජීව වායුව ගමේ ගෙවල් වල තිබුන.මේවා නැති උනේ මිනිස්සුන්ගේ කම්මැලිකම නිසා පමණක් කියල අත පිහදගන්න එපා.රටක් කළමණා කිරීම දුර්වල නම් එහි වග කීම පාලකයෝ බර ගත යුතුයි.(ස)
මේ සම්බන්ධව උද්ඝෝෂණය කළ සැමටම අපේ ප්‍රනාමය! ජනපතිතුමනි, ජනතාවට සැබෑ නායකයෙක්ම වෙන්න. (නි)
හාල්,මාළු,බස්,එළවලු මාෆියාව, බෙහෙත්,දොස්තර මාෆියාව, කෘෂිරසායන ද්‍රව්‍ය මාෆියාව,මත්ද්‍රව්‍ය මාෆියාව, නීති මාෆියාව, පාසල් මාෆියාව, වෙළද මාෆියාව, නිලදාරිවාදේ, පන්තිබේදේ, පිළිගත් නිතියක් යටතේ නැති කළහොත් ජිවන වියදම අඩු වනු අත. (නි)
අපේ ප්‍රණාමය..! ජනාධිපතිතුමනි, අප ඔබ සමගයි...! (නි)
කටාර් වල බඩු මිලත් එක්ක ගත්තම මෙහෙ වැටුපත් ඒ එක්කම වැඩියි .ඒ කියන්නේ මිලදී ගැනීමේ හැකියාව වැඩියි.ඒ එක්කම උද්දමනයත් අඩුයි. ඒක නිසා ලංකාවත් එක්ක මේක සසදන්න බැහැ.ඕක නිකන් බොරු තර්කයක්. (නි)
කම්කරුවන් නිසා තමයි රටක් පවතින්නේ
ජාති ජාති පලදෙන පින් කමක්
ඉතාලි ඉන්න අය බොන්නේ කපුචිනෝ,එස්ප්රෙස්සෝ,කැෆ ලතේ වගේ සුපිරි කෝපි.අහන්නේ එකොන්,ලේඩි ගගා ලාගේ සින්දු. සපත්තු දෙක ජෝන් වයිට්, ඇඩිඩාස්. කතාවත් චාවෝ,ග්රට්සේ කියා කියා. පරිප්පුයි බතුයි කාලා මරදානේ සරම් කෑල්ලක් ඇදන් ඉන්න අපට කියනවා බඩු මිල කොහෙත් එකයි කියල. (නි)
එංගලන්තෙත් බඩු ගණන්. තක්කලි කිලෝව රු 194, කුකුළු මස් රු 380-570, බිත්තර 12-රු 340 , බාස්මති රු 170-195, ඉස්සෝ ශීත් කල රු 950, පවුලක ප්‍රවාහන ගාස්තුව රු 55000 , සිගරැට් 12-රු 800, බීර පයින්ට් 1-රු 550, මාසෙක රෙන්ට් ,ගෑස්,විදුලිය,වරිපනම් බදු-රු 68000. අනේ අපිටත් උදවු කරන්නකෝ... (නි)
මිනිස්සුන්ට ඕනේ සහන
ජනතාව විදින දුක තේරුම් ගෙන ජනතාවට සහන සැලසීම සදහා උතුම් හිතින් විදුලි බිල අඩුකළ අපේ ජනපතිතුමාට ප්‍රනාමය! (නි)
කිසිම දෙයක් අද නිකන් දිය යුතු නැහැ.මැද පෙරදිග පෙට්‍රල්වත් නිකන් දෙන්නේ නැහැ.අපිත් වතුරවත් නිකන් දිය යුතු නැහැ.නමුත් එයින් කියවෙන්නේ නැහැ ගසා කෑමකින් වෙච්ච පාඩුව හොයන්න මිනිස්සුන්ගේ බොටුව මිරිකිය යුතුයි කියා. (නි)
ඔය රට ඉන්න අයගෙන් මම අහන්නේ එහෙ කොන්ඩේ කැපුවත් කෙස් කෑල්ලක් ඇගට වැටෙන්නේ නැති වෙන්න තාක්ෂණෙන් කපන්නේ. කෑමක් ඉවුවත් කඩේක අතිශයින්ම පිරිසිදුයි. බඩු මිල එකයි කිවුවේ මෙහෙත් එහෙමයි කියලා හිතලද. (නි)
මැයි පළවෙනිදට ඔය නාට්‍ය රගදක්වනවා කියලා අපි දන්නවා. ඒ කොහොම වුණත් විදුලි බිල අඩුකිරීම ගැන ස්තුතියි. අපේ රටේ මිනිස්සුන්ට ඔය නාට්‍ය පෙන්නන්නේ නැතිව දේශපාලනය කරන්න බැහැ (නි)
මෙහෙ දුවන බස් බෙන්ස්,වොල්වෝ වගේ වාහන. ඒකේ නැග්ගම දෙන ටිකට් එකේ සිතියම,හදිසි දුරකථන නොම්මර ඇතුළු සියල්ල දක්වා ඇත. කෝපි මැසිමක්,වැසිකිලි,නිදා ගන්න ආසන බස් එකේ තියෙනවා. එහෙම දේකට අය කරන ගාන ලංකාවේ ගණන් වලට සසදන්න බැහැ (නි)
100ක් වැඩිකරලා 20ක් අඩු කලාම ඇවිස්සෙන 'බුද්ධිමත්' දේශපාලන පාරිබෝගිකයින්ට නම් ඔවා හෙන මැජික් තමයි. .(ස)
පිට රට ජිවන වියදම වැඩියි කියන්නේ කොහෙට සාපේක්ෂවද? පිරිසුදු නගර, තාක්ෂණයෙන් යුතු සේවයක්, කාර්යක්ෂමතාවයෙන් යුතු සේවයක් ලැබෙන්නේ එහේ අය බදු ගෙවන සල්ලි වලින්. ඒ බදු නිසා එහෙ ගාන සැර ඇති. නමුත් අනික් පැත්තට ඔහෙලට සේවයක් ලැබෙනවනේ. (නි)