ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ලබන මාසයේ අගදී නිල සංචාරයක් සඳහා ඇමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතව ඇතැයි තානාපති ආරංචි මාර්ග පවසයි.
ලොව පුරා රටවල් රැසක නායකයින්ගේ සභාගීත්වයෙන් නිව්යෝර්ක් නුවරදී අත්සන් කෙරෙන පැරිස් සම්මුතිය සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් අත්සන් තැබීම වෙනුවෙන් ජනාධිපතිවරයා මෙලෙස ඇමෙරිකාවේ නිල සංචාරයක නිරතවන බව තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද ගියේ සුපිරි ගුවන් යානා වල. නමුත් මෙතුමා යන්නේ මගී ගුවන් යානා වල (නි)
මොනවා වුණත් අපේ නායකයාගේ සරල බවට අපි ගරුකරන්න ඕනෑ. (නි)
හිරාන්, මරු කතාව. (නි)
බොහොම සතුටුයි (නි)
ඩී එච් එල් කරලා ගිවිසුම් ටික එවුවා නම් දවස් දෙකෙන් අත්සන් කරලා යවන්න තිබුනනේ. (නි)
බලන් යද්දි ලංකාවේ ඉන්න වෙලාවක් නෑනේ.(හේ)
බලනකොට රාජපක්ෂ රෙජිමයයි මේ පාලනයයි දෙකම එකයි. ජනතාවට දෙවියන්ගේ පිහිටයි. (නි)
ශ්‍රී ලාංකික අනන්‍යතාවක් ගොඩනඟන්න. ඇමරිකාවට හිස නොනමන්න. (නි)
රටට වැඩක් කරන්න කල්පනාවක් එහෙම නැද්ද? ඇමතිවරු පත්කරනවා. රටවලට යනවා. අනේ මන්දා! (නි)
කවුරුන් හෝ නිකරුණේ මහජන මුදල් වීනාශ කරනවා නම් බලවත් වරදකි. සැබවින්ම රටේ සම්පත් පසුගිය කාලයේ දේශපාලුවන් සොරාගෙන යනවිටදී ඇයි කවුරුත් කතානොකළේ? (නි)
සුබ ගමන්! (නි)
හොද දෙයක් වෙයි කියලා හිතෙනවා.(හේ)
කලින් එක්කෙනා මගීන් 300ක් විතර යන ගුවන් යානයක් ගෙනිහින් අරාබි රජවරු වගේ විශාල හෝටලවල කාලා බීලා එයාගේ වැඩ අවසන් වෙනතුරු අහස් යානය තියාගෙනයි ආපසු එන්නේ. එහෙම බැලුවහම සිරිසේන ජනාධිපතිට ලෝකය වටේ 300 සැරයක් යන්න පුළුවන්නේ කලින් එක්කෙනාගේ එක ට්‍රිප් එකක මුදලින්. (නි)
කට්ටියට අමතකවුණ දෙයක් තමයි, මෙතුමා මේ ටිකට ලෝකේ වටේ ගිය වියදමට වඩා කිහිප ගුණයක් වියදම්වෙලා තියෙනවා කලින් එතුමාගේ එක ගමනකට. මොකද ඒ තුමා ගියේ රොත්ත පිටින්නේ. අනේ මන්දා ලංකාවේ අපි නිදාගෙන ඉඳලා නැගිට්ටද කියලා (නි)
දහම් මහතා කියන්නා වගේ " ජනතාවගේ සල්ලි වියදම් කරගෙන ලෝකේ රවුම්ද කියලා බලන්න" හිටපු අයත් රංචු පිටින් ගිහින් ගුටි කෙළිද අසන්නට ලැබුණා. ඒ වගේම ඒ කාලේ "බේබිලාගේ" වැඩ ගැන මුදල් අමාත්‍යංශයේ ලොකු නිලධාරියෙක් "ණයට මඟුල් කන" කථාවක් පුවත්පත්වල දකින්න ලැබුණා. මේ නිසා මහා ගරු ගාම්භීර නායකයන් සිටින රටක් වශයෙන් අපි එක ඩොලරයක්වත් ණයට නොගෙන මඟුල් කෑ ණය ටික අවසන් කරගැනීම වඩා යහපත් නොවන්නේද? මේ ගොල්ලන්ටත් ණයට මඟුල් කන්න එක ඩොලරයක්වත් නොලැබෙන්නේ නම් එය ජනතාවගේ වාසනාවක් වියහැකිය. (නි)
මහින්දගේ වාර්තාව කඩාදාන්න නම් එපා (නි)
ශානක, හිරාන්, විජේසිංහ, මහින්ද, අන්වර් ඔය ඔක්කොම මහින්ද සරණං ගච්චාමි කිය කියා ඉන්න අයනේ. මහින්දගේ හොර නඩේ කරපු මුදල් විනාශයයි හොරකම් පිළිගන්නේම නැහැ නේද? ලාල් මහත්තයට විතරයි යමක් තේරුම් ගන්න පුළුවන් (නි)
බලාගෙන ඔය සම්මුති වලට අත්සන් කරන්නේ. ඕවා මඟින් අනිත් පැත්තට අපිව බරපතල ජාත්‍යන්තර නීති වලට පටලවා ගැනීමක් සිදුවේ. අපි වගේ මහා ජාතින් කීපයකට මැදිවී ඉන්න කුඩා රටක් ජාත්‍යන්තර හීන් නුල් දේශපාලනයේ කෙළපැමිණිය යුතුයි. ඒ සඳහා කිසිම දැනුමක් නැති හැම දෙයකටම ඔවු කියන දේශපාලකයන්ට සහ ඔවුන්ගේ හෙන්චයියන්ට වඩා සියුම් නුවණක් සහිත, දේශපාලනයෙන් තොර රාජතාන්ත්‍රිකයින් රැසක් බිහි කරගත යුතුයි. (නි)
ඒ වුනාට ‘අහස් යාත්‍රාවක්‘ ඒ වෙනුවෙන් අරගෙන යන්නේ නැහැ නේද? (නි)
ඕනෑම නම් නතරවෙන්න වුණත් පුළුවන්නේ. (නි)
පුෂ්ප, ඔබ රාජ්‍ය තාන්ත්‍රිකයෙක්ද? එහෙනම් ඇයි ඔයා ගිහින් ඒවා ගැන ජනාධිපතිට කියලා දෙන්නෙ නැත්තෙ? අපි දූපතක් වුණා කියලා ලෝකේ ජාත්‍යන්තර නීති වලට ගරුකරන්න ඕනෑ නැද්ද? තමන්ගෙ නොදන්නාකම පෙන්වන්න එපා (නි)
මිසාබ්, මොකද මේ ආවේගශීලීව ආරූඩ වෙලා? භාෂණය, ලේඛනය, සහ වෛරී භාෂණය, වෛරී ලේඛනය ගැන හොඳට අධ්‍යයනයක යෙදෙන්න. (නි)
අරය කළා මෙයා කළා එ්ක හින්ද අපිත් කරනවා කියන එක නෙවේ. මෙයාල ආවේ යහපාලානේ ඇතිකරන්නනේ . දැන් බලපුවම රටේ තියන ප්‍රශ්න විසදන්න වත් ලංකාවේ ඉන්න වෙලාවක් මෙතුමාට නැහැනේ (බ)
කලින් එක්කෙනා නිතර නිතර ගියේ නැහැ. ගියොත් ප්‍රයෝජන ගොඩක් අරගෙන එන්නේ. මෙතුමා නිතර නිතර යනවා. එහෙත් තවම රටට වැඩදායී කිසිම ප්‍රයෝජනයක් නැහැ. නමුත් ඉතින් ඇමරිකාවේ නොගිහින් බැහැනේ. (නි)
මිසාබ් හරියට හරි.(හේ)
ලලිත් මහතා, රටවල් අතර ගිවිසුම් අත්සන් කිරීමේදී අනුගමනය කරනු ලබන "පිළිගත් රාජ්‍යතාන්ත්‍රික ක්‍රමවේදය" ක් අනුව තමා ඒවා සිදු කෙරෙන්නේ. (නි)
මේ ලියන අයගෙන් එක්කෙනක් හරි ඔය තනතුරට පත්වුණොත් විදෙස් සංචාර කරන්නේ නැහැ කියලා කියන්න පුලුවන්ද? ඕක කාලෙක ඉඳලා වුණ දෙයක්. මට මතක හැටියට එක්කෙනෙක් නම් කොහෙවත් ගියේ නැහැ. ඒකට හේතුවක් තිබුණා. (නි)
රට සවාරි විතරද, (හේ)
මිසාබ් හරියට ජනාධිපති උපදේශක වගෙයිනේ (නි)
මුරුංගා අත්තේ ඉන්දවලා තියයි (බ)
තට්ටුවක් දමල එවාවි (බ)
ජනතාවගේ සල්ලි වියදම් කරගෙන ලෝකේ රවුම්ද කියල බලන්න යනවා. දැන් රටවල් කීයකට ගියාද මේ ටිකට. හැබැයි එක ඩොලර් එකක් එක රටකින්වත් ලැබුනේ නැහැ. දැන් චීනෙට වදිනවා.(කෞ)
මිසබ්, කලින් එක්කෙනා ගියාට කාටවත් නැමුණේ නැහැනේ. (නි)
ඊර්ෂ්‍යයා කරලා වැඩක් නෑ පින්වතුන් මේ වගේ තනතුරු වලට පත් වන්නේ (බ)
අපේ අතිගරු ජනාධිපති තුමාට ගිනස් වාර්තාවක් තැබීමට වාසනාව උදාවේවා! (බ)
ආයේ දෙකක් නැහැ, ඩොලර් මල්ලක් තෑගි දෙනවා, ඔබාමා ලංකාව දියුණු කරන්න (නි)
ශ්‍රී ලංකාව වෙනුවෙන් අත්සන් කරන්න යවන්න ඕනෑ කවුද එහෙනම්? රටේ මුල් පුරවැසියා නෙමෙයිද දහම්? (නි)
අපේ අනන්‍යතාවය රැකගන්න මහත්තයෝ. ඇමරිකාවට ඕනෑ ඕනෑ විදිහට නටන්න නම් එපා (නි)
මිසාබ්, රැවටුනා ඇති. දැන්වත් රට ගැන හිතන්න (නි)
ජයවේවා! (නි)
වෙනස මාරයි. (නි)
ජයවේවා! (නි)
මේ එක මෝඩයකුටවත් තේරෙන්නේ නැහැ අපේ ජනාධිපතිතුමා කොතරම් අඩු වියදමකින්ද පිටරට සංචාරය කරන්නේ කියලා. ඒත් එක්කම තේරුම් ගන්න බැරිද රටේ නායකයා වෙනත් රටවල් වල සංචාරය කළයුතු බව? ජාත්‍යන්තර සබඳතා ඇති කරගන්න මහින්ද ඇමරිකාවට ගිය හැටි අපිට තවම මතකයි. මුළු අහස් යාත්‍රාවක්ම පුරවාගෙන එයාගේ හෙන්චයියෝ ඔක්කොම අරගෙන ගිහින් අපේ සල්ලි කෝටී ගණන් වියදම් කරපු හැටි... (නි)
අරමුණු ඉටුවේවා! (නි)
දැන් රට සවාරි යන්න ලොකු ආසාවක් ඇතිවෙලා වගෙයි. (නි)
මිසාබ්, මෙතුමා යන්නේ පයිලට් කෙනෙක්වත් නැතුවද දන්නෙ නැහැ (නි)