ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පියාණන් වූ අභාවප්‍රාප්ත පී.ජී. ඇල්බට් සිරිසේන මහතා සහ මෑණියන් වන වයි.ඒ.ඩී. නන්දාවතී ගුරු මාතාවගේ ගුණ සිහි කරමින් මව්පිය පූජා ධර්ම දේශනයක් පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේදී පැවැත්විණි.
දොඩම්පහළ රාහුල හිමියන් විසින් ධර්මදේශනාව පවත්වන ලද අතර ජනාධිපතිතුමා, ජයන්ති සිරිසේන මහත්මිය ඇතුලූ පවුලේ සාමාජිකයෝ මෙන්ම ප්‍රදේශවාසිහු බණ ඇසීමට එක්ව සිටියහ.
ඉසිපතනාරාමාධිපති උඩුගම ධම්මානන්ද පොළොන්නරුව දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ගල්කඹරාව ශ්‍රී විජයාරාමාධිපති කොඛෙයිතුඩුවේ විජිත ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද මෙම අවස්ථාවට වැඩම කළහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනසක් කල පුතෙක් බිහිකළ උතුම් මාපියන් (අ)
බොහොම හොඳ වැඩ. (නි)