ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන මාර්තු මාසයේදී බංග්ලාදේශයේ නිල සංචාරයක නිරතවීමට නියමිතව ඇත.
එරට අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මියගේ ආරාධනයකට අනුව එම සංචාරය සූදානම් කර ඇත.
කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මෙම සංචාරය සිදු කෙරෙන දින වකවානු මේවන තෙක් තීරණයක් ගෙන නොමැති අතර දෙරටේ විදේශ අමාත්‍යාංශ විසින් ඊට අදාළ කටයුතු සිදු කරමින් සිටින බැව් වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අපනයන වලට ඉතාම හොඳ වෙළදපොළක් බංගලිදේශය ඉන්දියාවට වඩා මොවුන් අපට හිතවත්. මේ රටේ පොහොසත් ජනගහනය කොටි 5 කි . එම අය සංචාරය සදහා ලංකාවට එන්න කැමතිය .නමුත් කොලඹ සහ ඩකා අතර ගාස්තු ඉතා අධිකය. .ආයෝජනය කිරීමටත් හොද රටක් මොකද විශාල දේශීය වෙළදපොළක් තිබෙන නිසා. මෙරට සමඟ ද්වී පාර්ශික වෙළද ගිවිසුමක් ඇත්නම් හොඳයි. (ම)
ගියාට කමක් නැහැ. අපේ රටට අහිතකර, රටට පාඩු වෙන ගිවිසුම් වලට නම් අත්සන් කරන්න එපෝ !!!!(කෞ)
බමුණු, ඔබට ඉතිහාස දැනීම නැති වගයි පෙනෙන්නේ. (නි)
ඔනෙම් දේවාලයක යනවා අපට පව් නොදී, දෙමළට ජාතක ගීය විකිනු එවුන්ගෙන් අපට ඇති වැඩේ මොකක්ද? (කෞ)
මේ වෙලාවේ අපි කවුරුවත් මොකුත් කියන්න හොඳ නැහැ (නි)
මහජන මුදල් නාස්ති කරන්න නම් එපා (නි)
ගැමුණු, කාටද ඉතිහාසය මතක තියෙන්නේ? (නි)
මෙතුමා තනිවම යයි නේද? (නි)