ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාරි ව්‍යාපෘතියක් වන මොරගහකන්ද වේල්ලේ නිදන් වස්තු තැන්පත් කිරීම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් අද (06) පෙරවරුවේ යෙදී තිබූ සුබ මොහොතින් අතින් සිදු කරනු ලැබීය. මොරගහකන්ද කළුගඟ බහුකාර්ය යෝජනා ක්‍රමයේ ඉදිකිරීම් කටයුතු සොයා බැලීම සහ කළුගග ව්‍යාපෘති ඉංජිනේරු කාර්යාලය විවෘත කිරීම ද ජනාධිපතිවරයා එහිදි සිදු විය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ලෝකය දියුණුයි. මමත් පිටිගලට එකඟයි (නි)
හොඳ කටයුතු වලට අපිත් කැමතියි (නි)
රටේ ප්‍රශ්න තව කොපමණ තිබේද? මහවැලිය රටේ කොපමණ ප්‍රශ්න විසඳුවාද? මහවැලිය නැත්නම් අපි තවමත් පිටරටින් හාල් එනතුරු බලාගෙන ඉන්න ඕනෑ (නි)
ඇතැම් අදහස් ගැන කණගාටුයි (නි)
පැරණි ශිෂ්ටාචාරයක් තිබෙන සෑම ජාතියකටම මෙවැනි සිරිත් විරිත් තිබෙනවා. මෙවැනි සිරිත් ඊයේ පෙරේදා ඇතිවුණ ඇමරිකන් සමාජවල නැත. එමනිසා පිටිගල නොදන්නා දේ කතානොකර සිටීම හොඳය (නි)
අපේ රට කිරියෙන් පැණියෙන් ඉතිරේවා! (නි)
පිටිගල මහතා කියන කතාවට මමත් එකඟයි. නිදන් වස්තු තියලා තමයි ලංකාවේ බොහොමයක් ගොඩනැගිලි හදන්නේ. නිදන් තියලා,නැකැත් බලලා, කේන්දර බලලා කර තිබෙන හැටියට ලංකාවට දැන් කිසි අඩුවක් තියෙන්න බැහැ. රන්ජිත් කියන කතාව ඇත්ත වෙන්න පුළුවන්. ඒ වගේම ඔය සංස්කෘතිය අගයන බව මහා ලොකුවට පවසන පිරිසෙන් කීදෙනෙක් මත්පැන් වලින් ඈත්වෙලා වාසය කරනවද? (නි)
නිධන් වස්තු තැන්පත් කිරීම වැරදි අදහසක් නොවේ. මෑත අතීතය දක්වාම පැවත ආ අපේ සිරිත් අපගේ දියුණුව තකා සිදුවුවත් පරගැතිවීමත් සමඟ එම සිරිත් නැතිවීගොස් අප සෑම අතකින්ම පිරිහී ඇත. පිට දේශයකට ගොස් හෝ මෙහි සිටිමින් වෙනත් අයගේ සංස්කෘතියක් තමන්ගේ කරගෙන වහලුන් ලෙස ජීවත්වෙනවාට වඩා තම ප්‍රෞඪ සංස්කෘතිය අනුව ජීවත්වී සිංහල ජාතියක් විදියට නැඟීසිටීමෙන් අපගේ සංකෘතිය මුළු ලෝකය පුරා ව්‍යාප්ත කළහැකිය. (නි)
වේල්ලේ නිදන් වස්තු තැන්පත් කරන්නේ එයට අමතර ශක්තියක් ලබා දෙන්නද? අපි මේ ගෝත්‍රික මිසදිටු අඳුරෙන් ගොඩ යන්නේ කවදාද? (ම)
ජයෙන් ජයම වේවා! (නි)
රටටම වාසනාවන්! (නි)
පිටිගලට පුදුම අදහස්නේ තියෙන්නේ (නි)
අනේ වාසනාවන් ! මොන, මොනවා හරි තැන්පත් කරලා වැඩේ හරියට සිද්ධ වෙනවනම්, එයින් හොඳ ප්‍රතිලාභ ජනතාවට ලැබෙනවනම් එච්චරයි. (ර)
ඕවා තැන්පත් කරන්නේ ඉදිරියේදී හිටපු බේබිලා වගේ අයට පොලිස් ආරක්ෂාව ඇතුව ආපහු ගන්න....(රේ)
පුලුවන්නම් මත්තලත්, හම්බන්තොට වරායත් ලාභ ලබන තත්වයට පත් කරන්න. (ර)
පිටිගල, අපේ රටේ වසර 2500 කට වැඩි ඉතිහාසය තුල පෝෂණය වුනු සංස්කෘතියක් තියනවා. ගොඩක් බටහිර රටවලට නැත්තේ මෙයයි. තමුන්ට නැති දේ ගැන ඔවුන්ට ඇති හීනමානය තුරන් කර ගන්න ඔවුන් උත්සාහ කරන්නේ මෙවැනි සංස්කෘතිකාංග වලට ඔයාකර ලේබල් ඇලවීම තුලින්. හොදයි පිටිගල ලංකාවේ තමුන්ට ගෙයක් හදාවිද නැකත් නොබලා. (ර)
නිධන් වස්තු තැන්පත් කිරීම වැරදි අදහසක් නොවේ. මෑත අතීතය දක්වාම පැවත ආ අපේ සිරිත් අපගේ දියුණුව තකා සිදුවුවත් පරගැතිවීමත් සමඟ එම සිරිත් නැතිවීගොස් අප සෑම අතකින්ම පිරිහී ඇත. පැරණි ශිෂ්ටාචාරයක් තිබෙන සෑම ජාතියකටම මෙවැනි සිරිත් විරිත් තිබෙනවා. මෙවැනි සිරිත් ඊයේ පෙරේදා ඇතිවුණ ඇමරිකන් සමාජවල නැත. මහවැලිය රටේ කොපමණ ප්‍රශ්න විසඳුවාද? මහවැලිය නැත්නම් අපි තවමත් පිටරටින් හාල් එනතුරු බලාගෙන ඉන්න ඕනෑ හරි දේ හරි විදිහට දකින්න පුරුදු වන්න එම නිසා පිටිගල නොදන්නා දේ කතානොකර සිටීම හොඳය. (ර)
මහසෙන් හරි. සිරිත් විරිත් කියන දේවල් තියෙන්න ඕනේ. පිට රටවල ඉඳන් ඒවගේ තියෙන සංස්කෘතියට හැඩගැහුණු ලංකාවේ කළු සුද්දන්ටනම් මේවා විහිලු. (ර)
පිටිගල, ඔබට මම අභියෝගකරනවා ඔප්පු කරන්න කියලා මේවායේ ප්‍රතිපලයක් නැතයි කියලා. මම කියන්නේ නැහැ ප්‍රතිපල තියනවා කියලා. මේවා අපේ සංස්කෘතිය. අපි දන්නා දෙයට වඩා නොදන්නා දේවල් විශාලයි. ඔප්පු නොකර යමක් ප්‍රතික්ෂප කරන්න එපා. (ර)
පිටිගල මහතාගේ අදහස මමද අනුමත කරමි (නි)
පැරන්නෝ නිධන් තැන්පත් කෙරුවේ වැව් විනාස වුනාම ඒ නිධානය අරන් විකුණා නැවත එම වැව් ප්‍රතිසංස්කරණය කරන්න කියා මා අසා තිබෙනවා. (ර)
ඉදිරිය සුබ වේවා! (නි)
පිටිගල ඔබහරි, තාමත් අපි සමහර අය ගෝත්‍රික යුගයේ ඉන්නේ. (ර)
යහපත් සංස්කෘතික වටිනාකම් ඉදිරියටත් රැකගැනීමට කටයුතු කිරීම අගය කල යුතු දෙයක්. (ර)
ඔය වගේ දේවල් වලට බනින්නේ බටහිර විද්‍යාව දොහොත් මුදුනින් පිලි ගන්න අය. (ර)
නිර්මල බුදු දහම තවමත් විනාශ නොවී තිබෙන මේ රටේ අප සිත් තුල නිදන් වස්තුවක් ලෙස තැන්පත් කර ගත යුත්තේ එම නිර්මල වූ උතුම් ධර්මයයි. එය එසේ වන තාක් කල් අපට හෝ අප කරන හොඳ කටයුතු වලට ආරක්ෂාවක් ලැබෙන නමුත් ද්‍රව්‍යමය වටිනාකමක් ඇති දේවල් ඇලවේලි අස්සේ නිදන්ගත කර කුමන ආරක්ෂාවක් ලබන්නද? ඉස්සර හංගපු ගොඩක් නිදන් වස්තු දැන් කොහෙද තියෙන්නේ කියලා කවුරුත් දන්නවා යයි මම සිතනවා. (ස)
ඔබට සුබ පැතුම්! (නි)
මේවා කියා කියා තැන්පත් කරන්න හොඳ නැහැ . අර නිදන් හොයන හොරු ඕක තියන තැන දැන් දන්නවනේ. මේවා බොරු වැඩ නේද (බ)
මේවාට බලයක් තියෙනවද නැද්ද කියන්න මම දන්නේ නැහැ එනමුත් අපේ සංස්කෘතික අංගයක් ලෙස කරන එක හොඳක් කියලා මම දකිනවා. (ර)
දැන් මේවා කරලද රටේ ප්‍රශ්න විසදන්නේ. (බ)
"සමහර අය ගෝත්‍රික යුගයේ ඉන්නේ " කියන අයගෙන් ගොඩදෙනෙක් අෂ්ඨක සහිතව මංගල පෝරුවේ චාරිත්‍ර කරපු අයයි. (අ)
ජිවත් වන්නේ තවම වැදි යුගයේ (බ)
අපේ ආදී මුතුන් මිත්තන් යහපත් වැඩක් කරන්න මුල පුරන අවස්ථාවකදී එය සාර්ථක වේවා යන අරමුණින් තුන් සිත පහදවා ගෙන සද් භාවයෙන් එකී කාර්යයේ නියැලෙන්නට යම් ප්‍රවේශයක් ලබා ගැනීමේ අරමුණක් ලෙස මෙවැනි දේ කර ඇති බව පෙනේ. පසු කාලීනව මේ ක්‍රියා දාමයන් රාශියක් එකතුවීමෙන් අපේ සංස්කෘතිකාංගයන් බිහිවී ඇති බව පෙනේ. (ම)
පිටිගල මහත්තයා ඉන්නේ පිට දේශයක නිසා මෙවැනි කටයුතු ගැන වැඩි අවබෝධදයක් නැහැ වගෙයි ....(බ)