
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ මන්නාරම දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මන්නාරම ජනතාවගේ ගැටලු සොයා බැලීම සහ එම ගැටලුවලට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සාකච්ඡා කිරිම ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ අරමුණ වී තිබිණි.
මන්නාරම නගරයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළමුවෙන්ම මන්නාරම ඕලන්ද කොටුවේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සොයා බැලීය.
අනතුරුව නඩුකුඩා ධීවර ගම්මානයේ සංචාරයක නිරත වූ ජනාධිපතිවරයා ධීවර ප්‍රජාව සමග සුහද කථා බහක නිරත වෙමින් ඔවුන්ගේ ගැටලු පිළිබඳ විමසීය.
නඩුකුඩා ධීවර ගම්මානයේ වැසියන් මුහුණ දී ඇති ගැටලු රැසක් පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කළ අතර ඒ පිළිබඳ කඩිනමින් සොයා බලා අවශ්‍ය විසඳුම් ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මන්නාරම සුළං බලාගාරය ඉදි කරන ප්‍රදේශය ද නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා සුළං බලාගාරයේ ඉදිරි කටයුතු පිළිබඳ සොයා බැලූ අතර බලාගාර ප්‍රදේශයේ ජනතා ගැටලු විමසීය.


2025 නොවැම්බර් මස 04
49
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1558
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනපති මන්නාරම් යයි