දකුණු අප්‍රිකා හා කෙන්යාවේ නිල චාරිකාවකින් පසු ශ්‍රී ලංකාවට එමින් සිටිය දී ඩුබායි ගුවන් තොටේ බදු රහිත සාප්පු සංකීර්ණයේ දී ඇමෙරිකා ඩොලර් 2325ක් (රුපියල් ලක්ෂ තුනක් පමණ) වටිනා ආරක්ෂක වීඩියෝ කැමරාවක් සොරකම් කළැයි ජනාධිපති මාධ්‍ය අංශයේ වීඩියෝ කැමරා ශිල්පියෙක් අත්අඩංගුවට ගෙන මුදා හරිනු ලැබීය.
තම කැමරා බෑගයේ මෙම කැමරාව සඟවාගෙන යද්දී ඔහු හසු වී ඇත.
ඔහු කැමරාව සොරකම් කරනු සාප්පු සේවකයන් දුටු බවත්, එහි ආරක්ෂක කැමරාවල ද ඒ බව සටහන් වී ඇති බවත් දැනගන්නට තිබේ.
වීඩියෝ කැමරා ශිල්පියා මහින්ද රාජපක්ෂ ජනපති සමග කෙන්නියාවට ගිය මාධ්‍ය කණ්ඩායමේ කෙනතු බව දැන ගැනීමෙන් පසු ජනපතිට ඇති ගෞරවය හා සැලකිල්ල නිසා ඔහු මුදා හළ බව ඩුබායි සාප්පු සංකීර්ණ ආරංචි කියයි.
එසේ නොවූයේ නම් ඔහු හිරේ යවනු ඇතැයි ගුවන් තොටුපොළ ආරක්ෂක සේවය කියයි.
කොළඹ පැමිණි පසු එම වීඩියෝ කැමරා ශිල්පියා සේවයෙන් ඉවත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට දේශපාලනඥයො මිලියන ගණන් සොරකම් කරන ඒවා? (ත)
ලෝක හොරෙක්ද? (ත)
මිනිහ කැමරාව උස්සන්න හැදුවේ මාධ්‍ය වැඩ කටයුතු සඳහා පහසුවක් කරදීමටද නැතිනම් පෞද්ගලික කටයුත්තකටද? (නදී)
මම මොහුට දොස් කියන්නේ නැහැ. (ත)
මට දුක ඩුබායි රටේ සිදුවෙලා තියෙන වෙනසට . දැන් එහෙත් හොරුන්ට නිදහස දෙනවා. සමහරවිට ජනාධිපති තුමා හිටපු නිසා වෙන්න ඇති.(නදී)
හෝටලයක ඇඳරෙදි අරගෙන ඇවිත් නැත්ද කවුරුවත්? (ත)
කැමරාව වගේද කැස්බෑව ත් ඉස්සුවේ.(නදී)
ශක්තිගේ කතාව හරි. (ත)
අරාබියේ තියෙන කසපහර නීතිය මෙහෙටත් ගේන්න ඕනෑ. (ත)
කැමරාකරු නිසා අහුවුණා. (ත)
සමහර දේශපාලනඥයන් කරන සොරකම් වල හැටියට මේක මොකක්ද? ඒ අයට කලින් දඩුවම් දෙන්න ඕනෑ. (ත)
දැන් ලජ්ජා ,බය නැත්තටම නැති වෙලා වගේ. (ත)
ඒවාගේ තැන්වල ඉන්න අයටත් සොරකම් කරන්න වෙනවා නම් දුප්පත් පිරිස් ගැන කවර කතාද. (ත)
ඉතිහාසයේ කෙදිනකවත් මේ වගේ දේවල් නම් සිදු වුනේ නැහැ. (ත)
පොඩි කාලේ කතාවක් මතක් වෙනවා. (ත)
ලංකාවේ මේක සිදු වුනා නම් සාප්පු අයිතිකරුට තමා දඩුවම් ලැබෙන්නේ. (ත)
අලුත් චිත්‍රපටයක් හදන්නද දන්නේ නෑ. (ත)
ඔහු සොරකම් කර ඇත්තේ කැමරාවක් නොව චොකලට් එකකි. (ත)
පව් අහිංසකයා. කාගෙවත් කීමට කළ වැඩක්ද දන්නේ නෑ. (ත)
හොඳ කියමනක් මතක් වුණා. (ත)
වැඩේ කැතයි. (ත)
සමහරු ඇඳ ඇතිරිලි සොරකම් කරනවා, සමහරු කැමරා හොරකම් කරනවා. මෙහෙම ගියොත් විදේශිකයන් අපිව සම්පුර්ණයෙන්ම පිළිකුල් කරාවි. (ත)
රටටම කැළලක්...(ත)
මේවගේ දේවල්වලට දඩුවම් දෙන්න ඕනෑ. (ත)
ලොක් තැන්වල සිටින පිරිස් මෙහෙම නම් අනිත් අය කොහොමද? (ත)
කැමරා ගැන නොදන්නා කැමරා කාරයෙක්ද නැත්නම් පන්දම්කාරයෙක්ද බොල ඔය ටීම් එකට තෝරාගෙන තියෙන්නේ? (නදී)
එතුමා සමග එන අය පරීක්ෂා නොකිරීම නිසා ගුවන්තොටුපොළේදී ඒ වාසිය අරගෙන තව මොන මොනවා කරනවා ඇද්ද.(නදී)
අනේ අපොයි කියලා හිතෙනවා.(නදී)
ලංකාවේ මේක සිදු වුණා නම් සාප්පු අයිතිකරුට තමා දඩුවම් ලැබෙන්නේ.ඔබ හරියටම හරි.(දිල්)
වස ලැජ්ජාව (ත)
මෙයා කව්ද?. කන්තෝරුවෙ ඉන්වෙන්ට්‍රි එකත් චෙක්කරන එක තමයි හොද.(නදී)'
පේනවා නේද වැඩ? (ත)
රටේ අගමැතිගේ ලේකම් කෙනෙක් කුඩු කිලෝ 262 ක් බේරාගන්න ලිවුම් දීලා ගැටලුවක් නැතුව ඉන්නේ එකේ මේක මොකක්ද? (ත)
ලොකු අය කරන වැඩ තමා පොඩි අයත් කරන්න හදන්නේ (දිල්)
මේක පොඩි අමතකවීමක් වෙන්ඩ ඇති. (ත)
"ගිලීමලෙත් ඇත දත සුද්දෝ " (ත)
හොරකම් වෙන විදියට කැමරාව මොකක්ද සුළු දෙයක්නේ. (ත)
මොකක්ද මේකේ තිබෙන වරද? මොකක්ද තියෙන ලැජ්ජාව. ඔය වගේ හොරකම් ඉස්සරත් වුනා. බොරුවට මඩ ගහන්න හදන්න එපා.(නදී)
එහෙදි දඬුවම් නුදුන්නේ මෙහෙ ආවහම දඬුවම් ලැබෙයි කියල හිතල වෙන්න ඇති. (ත)
මේ වගේ තැනකට ගනිද්දි ටිකක් හොයා බලන්නේ නැද්ද? (ත)
ඒ කියන්නේ මෙයා සී.සී.ටී.වී කැමරා එකටත් විදලා වගේ. අනේ අපොයි.(නදී)
විදේශ රට වලදී ලංකාව හැල්ලුවට ලක් කරන්න එපා. (ස)
ලංකාවේ කරපු හොරකම් වල පලපුරුද්දටද ඩුබායි ඇවිතුත් හොරකම් කළේ.(නදී)
මේ පුද්ගලයන්ගෙන් සොරකම පිළිබදව තිබෙන බිය සහ ලැජ්ජාව පහවී ඇත. සාමාන්‍ය පුද්ගලයන්ට වරදකට පවත්නා දඩුවම් මොවුන්ට අත් විදින්නට ලැබෙන්නේ නැත.මේ නිසා තම රටේ මෙන්ම විදේශීය රට වලද මෙවැනි හැසිරීම් පෙන්වයි. (ත)
අපේ බදු මුදල් වලින් විදේශ සංචාර වලට සහභාගී වී රටට කීර්ත්ය උදා කර දුන් අවස්ථාවක්.(ත)
ඔන්න ඕකට තම කියන්නේ ආශ්චර්ය කියල . (ත)
මේකත් විදේශ කුමන්ත්‍රණයක්ද ? (ත)
ඩුබායි නිසා හොදයි සෞදියේ මේ වගේ සිද්ද වුනානම් අත් දෙකම නැතුව තමයි එන්න වෙන්නේ. (නදී)
රටටම කැළලක්.(නදී)
යවන්න තිබුනේ හිරේ. රටේ නමත් කාලා ජනපති තුමාගේ නම්බුවත් කාලා. දැන්වත් හිරේ දාන්න තියෙන්නේ.(නදී)
ආරේ ගති නෑරේ කියන්නේ මේවට තමා.(නදී)
අපිටත් එක්ක ලැජ්ජයි.(නදී)
ලැජ්ජාවක් නැති මිනිස්සු.(නදී)
දඩුවමක් නැද්ද මේ නොහොබිනා වැඩේ කළාට.(නදී)
හොරට හොරකම් කරන්න දෙයක් නැති වුනාම ලුණු පොල් කට්ටට ඇඟිල්ල දාලා හරි ලෙව කාලා බලනවාලු. රටේ කීර්ති නාමයට,ජනපති තුමාට කල අපකීර්තියට ඔය දුන් දඬුවම මදි. වාසනාවට පයින් ගහපු කාලකන්නි මිනිහා. (නදී)
ලැජ්ජාවේ බැහැ. අපේ ලංකාවටත් එක්ක අවනම්බුව. අනික රටේ ජනාධිපති එක්ක ගිහින් ඔය වගේ වැඩ කරනවද? (නදී)
සිම්පල් නේ ලංකාවේ වගේ නඩුව යටගහන එකනේ ඇත්තේ.(නදී)
විලි ලැජ්ජයි, රටේ ජනාධිපති එක්ක යන අය මෙහෙම කරනකොට අනිත් අය ගැන කවර කතා ද කියල ඒ රට වල මිනිස්සු කියනවා ඇති නේ. ගොඩක් අරාබි රටවල පොලිසි වල ලංකාවේ නම ලියවිලා තියෙන්නේ එක්කෝ බීලා ගහගෙන, නැත්තන් හොරකමකට සම්බන්ද වෙලා. අනේ අපේ රටේ නමට ගිය කල. (නදී)
ඉවත් කරලා වැඩක් නැහැ. ඔහුට රාජ්‍ය සේවය අපකීර්තියට පත් කළාට දඩුවම් දිය යුතුයි.(නදී)
ඔය අහුවෙන දේවල් ටිකක් විතරයි . තව කොච්චර දේවල් වෙනවා ඇද්ද ? (නදී)
සිරිමල්, මෝඩ කතා කියන්න එපා. මේක පොඩි හොරකමක්ද? රුපියල් ලක්ෂ තුනක් කියන එක ඔයාට පොඩි ගානක්ද? (නදී)
කඩ හිමියාට දඩුවම් කල යුතුයි. කැමරාව අපේ විරුවාගේ බෑග් එකට දැම්මට. ඩුබායි වල මෙහෙම උනාට ලංකාවේ එහෙම වෙන්නේ නැ. අපේ මැතිද හොර කරන්නේ නෑ.(නදී)
වෙලාවට දඩුවම් දුන්නනම් මේවා වෙන්නේ නෑ. (ත)
ලොකුම දඩුවමක් දෙන්නේ නැතිවේවි. (ත)
ඡන්දෙ ඉල්ලන්න හොද සුදුසුකමක්.(නදී)
සමහරු ඇඳට දාන බෙඩ්ශීට් එකත් අරගෙන ගියාලු. අපිට හරිම ලැජ්ජයි. (ත)
මේ අය මෙහෙම කරනකොට අනිත් අය ගැන කවර කතා ද? (ත)
අපිට ලොකු ලැජ්ජාවක් වෙලා තිබෙන්නේ.(ත)
ජනාධිපති තුමා ලග ඉදගෙන ඔහොම බයක් හැකක් නැතිව හොරකම් කරනවා නම් නම් අනිත් අය ගැන කුමන කතාද. තමන්ට සමීපවම ඉන්න අය ගැන සොයා බැලිය යුතුයි.(නදී)
ජාත්‍යන්තර සොරකමක්. (ත)
ලොක්කෝ හොරකම් කරන මේ රටේ සොක්කෝ ගැන කවර කතාද? මෙය සෞදියෙදී නොසිදුවුණ එක ගැන මම දුක් වෙනවා.(නදී)
පොඩි හොරු අහුවෙනවා. මහා පරිමානයේ හොරකම් කරන අය බේරෙනවා. (ත)
මේකත් විජාතික බලවේග වලින් කරපු දෙයක් කියයිද දන්නේ නෑ. (ත)
මෙවන්, හොයල බලලා මේ වගේ අයව තමා ගන්නේ.(නදී)
එතකොට අනිත් සොරුන්? (ත)
ලංකාවෙන් දඬුවමක් දුන්නනම් රටට කැළලක් නැතිවේවි (ත)
වගකිවයුතු තැන්වල පිරිස් සොරකම් කරයි නම් අනිත් තැන්වල කවර කතාද (ත)
පුදුම වෙන්න දෙයක් නෑ. (ත)
කොහේ ගියත් වැරදි වැඩ. (ත)