රවී කරුණානායක මුදල් ඇමැතිට එරෙහිව විශ්වාසභංග යෝජනා විවාදය අතරතුර ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (09) පස්වරු 4 පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණියේය.
විශ්වාසභංග යෝජනාවේ විවාදය අවසන් ඡන්දය අද (09) පස්වරු 5.30 ට විමසිමට මුල් තිරණය කර තිබු නමුත් තවත් කතා කීපයක් පැවැත්වීමට නියමිතය. අැමැති හරීන් ප්‍රනාන්දු මහතා දැන් රජය වෙනුවෙන් විවාදයට සහභාගී වෙයි. රවී කරුණානායක මහතාගේ පිළිතුරු කතාවෙන් පසු ඡන්ද වීමසිමට නියමිතයි
විවාදයට එක්වෙමින් කතා කළ ඇමැති එස් බී දිසානායක මහතා පැවසුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ කාලය ජුනි මාසයේ අවසන් වීමට නියමිත බවයි. ඔහු යළි පත් නොකිරිම ජනපතිටත්, රජයටත්, මුදල් ඇමැතිටත් හොඳ යැයි ඔහු කීවේය.
ඔහු යළි පත් නොකරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉල්ලා සිටින බව ද ඔහු කීවේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.