රවී කරුණානායක මුදල් ඇමැතිට එරෙහිව විශ්වාසභංග යෝජනා විවාදය අතරතුර ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (09) පස්වරු 4 පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණියේය.
විශ්වාසභංග යෝජනාවේ විවාදය අවසන් ඡන්දය අද (09) පස්වරු 5.30 ට විමසිමට මුල් තිරණය කර තිබු නමුත් තවත් කතා කීපයක් පැවැත්වීමට නියමිතය. අැමැති හරීන් ප්‍රනාන්දු මහතා දැන් රජය වෙනුවෙන් විවාදයට සහභාගී වෙයි. රවී කරුණානායක මහතාගේ පිළිතුරු කතාවෙන් පසු ඡන්ද වීමසිමට නියමිතයි
විවාදයට එක්වෙමින් කතා කළ ඇමැති එස් බී දිසානායක මහතා පැවසුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ කාලය ජුනි මාසයේ අවසන් වීමට නියමිත බවයි. ඔහු යළි පත් නොකිරිම ජනපතිටත්, රජයටත්, මුදල් ඇමැතිටත් හොඳ යැයි ඔහු කීවේය.
ඔහු යළි පත් නොකරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉල්ලා සිටින බව ද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝලයන් විශ්වාසභංගය පරාජය කරනු ඇත යයි දැන් සිතා ගත හැක. (බ)
කොහේ පරද්දන්නද මේක අඩුම තරමේ මහින්ද රාජපක්ෂ වත් මේකට අස්සන් කරලා නෑ (බ)
නිමල් හීනයක් දකිනවද .....(බ)
පැරදී බබාලවත් අයින් කරන්ඩ ඕන බහුතරයකට එපා වෙච්ච මිනිස්සු බලය යොදල සුළුතරයකගේ ඕන එපාකම් ඉස්ට කරගන්නවා රටකට ගිය කලක් (බ)
පරදින්න ඕනා. නමුත් එහෙම නොවන එක තමයි දුක.(බ)
අවාසනාවට රවී මොන ගේමක්හරි ගහල මේක දිනනවා. නමුත් අපිට වැදගත් වෙන්නේ විශ්වාසභංගයට පක්ෂව ඡන්දෙ දෙන්නේ කව්ද කියන එකයි මේකට ඡන්දෙ නොදී ජනතාවට සුදු මුහුණ පෙන්නන ඩබල් ගේම් කාරයෝ කව්ද කියල හඳුනා ගන්න එකයි. (බ)
ජනාධිපතිතුමාගේ වඩවලින් රනිල්ලා ,රවීලා උපරිම ප්‍රයෝජන ගන්නවා, මේ විදියට ගියොත් අපේ මවු බිමට අබ සරණයි (බ)
බය කරන්නද ඇවිල්ල තියෙන්නේ ? කව්ද විරුද්ධ, කව්ද සහයෝගය දෙන්නේ කියල ඇස් දෙකෙන්ම බලා ගන්න පුළුවන් නේ (බ)
කෝ දැන් පැරදුනාද? පැරදුන අය තවත් බලා ඉන්නේ දිනන්නද? ටිකක් රැ වෙයි! (බ)
හැමදාම එකම කාසිය උඩ දම දමා ඉම්මු. (බ)
කොහේ පරදින්නද දී කිරට බළල්ලුත් සාක්කිනේ. (බ)
අනේ අපොයි ශ්‍රී ලංකා නිදහස් පක්ශෙ නායකයොත් රවි එක්ක එකතුවෙලා මේක භංග කරල නේද?පව් අර අය.ඌරගෙ මාළු ඌරගෙම තියල කපනවා. (බ)
කරුනනායගම් පරදින්නම ඕනේ. නමුත් එහෙම වෙන්නේ කොහෙද? (බ)
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණිමෙන්ම පේනවා රජයත්, ජනපති අතරත් තිබෙන සුහද, එකමුතුකම (බ)
එස්.බී. මහත්තයලා හරියට කුම්බලා මාලු කාපු බළල්ලු වගේ දැන් (නි)
මම නම් කියන්නේ රවී පරදිනවා අද... (නි)
මේගොල්ලන්ගේ මන්ත්‍රී පර්මිට් කතාව අමතක කරවන්න එක එක ඒවා කියනවා. (නි)
මේකේ ප්‍රතිඵල ගැන අපිට දැන්මම හිතාගන්න පුලුවන් (නි)
විකුම්, ඔබ හරියටම හරි. (නි)
මේකේ ප්‍රතිඵල කිවුවට පස්සේ තීරණය කරන්න බැරියෑ ඊළඟට කරන දේ (නි)
අද විපක්ෂයේ මන්ත්‍රීලා චීනයට යනවා නේද? (නි)
දෙගොල්ලෝ දෙගොල්ලන්ගෙම පිට කහගන්නවා තමන්ගේ සුඛවිහරණය වෙනුවෙන්. ජනතාවට සහ රටට බලා ඉඳිද්දි වැඩ වැරදෙනවා (නි)
සාලාවේ ජනතාවට හමුදාවේ ගින්නෙන් වූ ආපදාව නිරීක්ෂණයට යන්න වෙලාව නැති අපේ යහපාලන ජනාධිතිපති උතුමාට, රවිව ආරක්ෂා කිරීමට වෙලාව ඇත. රටට ගිය කලක්. (බ)