කොළම පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ පළමු අදියර යටතේ ඉදිකළ කොට්ටාව අන්තර් පිවිසුමේ සිට කඩුවෙල දක්වා මාර්ගය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද විවෘත කළේය. කොට්ටාව පිවිසුමේ සිට කඩුවලෙ දක්වා කිලෝමීටර් 11 ක් පමණ වන දුරක් බස් රථයක් පදවමින් පැමිණි ජනාධිපතිවරයා කඩුවෙල කොතලාවල අන්තර් හුවමාරු මධ්‍යස්ථානයෙන් ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන ගමන නිම කළේය. නුගේගොඩ සිට කඩුවෙලට ළඟාවීමට විනාඩි 15ක් පමණ ගතවිය.
මෙම මාර්ගයේ දෙවන අදියර වශයෙන් කඩුවෙල සිට කඩවත දක්වා ද තෙවන අදියර වශයෙන් කඩවත සිට කෙරවලපිටිය දක්වා කොටස ද නිම කිරීමට නියමිතය.
මෙහි සම්පූර්ණ දුර කිලෝමීටර් 29කි.
ගාල්ල සිට මාතර දක්වා කොටස ද ලබන 15 වැනි දා විවෘත කිරීමට නියමිත අතර මාතර සිට පැය එකකුත් විනාඩි 30කින් පමණ කඩුවෙලට ළඟා විය හැකිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වාභාවික දායාදයෙන් ශ්‍රී ලංකාවට උරුම වී ඇති හරිත අසිරිය පසුබිම මැදින් දිවෙන මේ අධිවේගී මාර්ගවල ගමන්කිරීමේදී නෙතට හසුවන ඒසා වූ මනස්කාන්ත දර්ශන හේතුවෙන් මේ සා වූ ගතට ද දැනෙන ප්‍රබෝධය විශ්මය දනවන සුළුය. (නධී)
රියදුරු අසුනේ පිටුපස එල්ලිලා සිටින මහත්වරු කවුද හැබෑටම? ප්‍රවාහන අමාත්‍යංශයේ නම් වෙන්න බැහැ.(දිල්)
ඉතා අනර්ඝයි. සුභ පැතුම්! (නදී)
රට සංවර්දනය වෙනවනම් අපගේ සහයත් රජයට .රට විදේශිකයන්ට විකුනනවාන්ම් අපේ විරෝදය සහ සාපය රජයටත් වචනයකින් හරි උදව් කරන්නටත් .(අ)
බොරුවට මිනිස්සු ආණ්ඩුවට බනිනවා එක්කෙනෙක් ලක්ෂ 3.5 නයයි. තවත් නය ගන්නවා කිය කියා. කරන හොද වැඩ පෙනෙන්නේ නැහැ.(නදී)
නියමයි! (නදී)
ජනාධිපතිතුමනි, අරනායක දෙබත්ගම පාර මිනිහෙකුට පයින් යන්නත් බැරි තරමට කැඩිලා අපිට අධි වේගය වැඩක් නෑ. මේ පාර හදලා දුන්නොත් ලොකු පිනක්.(නදී)
ඒක ඇත්ත මේ පාරේ පයින් යන්නත් බෑ. බීරි අලින්ට වීණා වයනවා වගේ හදන්නේ නැහැ.(නදී)
බොහොම සන්තෝෂයි ඔබ තුමාට දීර්ගායු ප්‍රර්ථනා කරමි,හැබැයි අරකවුද කිවුව වගේ සිංහ කොඩියක් බේතකටවක් හොයා ගන්න නැති එක ගැන හරිම දුකයි?? (අ)
ඔබ තුමාට අපගේ ආචාරය.(නදී)
ජනාධිපතිතුමනි, වැඩේ නම් ඉහලයි. ලස්සනයි එත් සීට් බෙල්ට් දාලා බස් එක එලෙව්වනම් නේද වඩා හොඳ? (නදී)
ඔබතුමාගේ මේ වැඩ අගය කරනවා.....(දී)
හරි ලස්සනයි නිමකර ඇති අධිවේගේ රැකගමු අපේ සම්පත් දී සහයෝගේ කොපමණ විවේචන තිබුනත් මිනිසුන්ගේ කාලය හොඳයි මහින්ද ජනපතිදුන්ගේ(නදී)
රටම ආඩම්බර විය යුතු දෙයක්නේ. ඒත් මොකෝ සිංහ කොඩි දාලා නැත්තේ පාර චිනට බදු දීලා වත්ද? (නදී)
ජනපතිතුමනි නියමයි, ඔබතුමාට බුදු සරණයි. ඔහොම ඉස්සරහට යමු. බල්ලෝ බුරාවී. ඒත් තවලම ඉදිරියට.(නදී)
ප්‍රසන්න ඔබගේ ඇස් පෙනීම ගැන මම ගොඩක් සතුටු වනවා. විවේචනයට කියනවා කියලා හිතන්න එපා.(නදී)
කොන්දොස්තර කව්ද දන්නේ නෑ? (නදී)
පෙනුමෙන් නම් දැන් ලංකාව හරිම දියුණුයි වගේ. මම හිතන්නේ දැන් ඉස්පිරිතාලවල හොදට බේතුත් ඇති ගම්වල ඉස්කෝලවල හොද පහසුකනුත් ඇති. කාන්තාවෝ ගෘහ සේවයට මැද පෙරදිග යන්නෙත් නැතුව ඇති. රැකියා ඕනෑ තරම් ලංකාවේ ඇති. මිනිස්සු බොරුවට පෙළපාලි යනවා මෙච්චර පහසුකම් ලංකාවේ තියෙද්දී. මම ඉන්න රටේ ඉන්න ලංකාවේ අය සල්ලි එකතු කරනවා අනුරාදපුරේ ඉස්පිරිතාල වලට වකුගඩු රෝගීන් සදහා අවශ්‍ය ලේ පිරිසිදු කරන මැෂින් ගන්න සහ ඉස්කෝල වලට අවශ්‍ය දේවල් ගන්න කියලා. හැමදාම අපි මේ වැඩ කරනවා දැන් ඉතින් නවත්වන්න ඕනා. ලංකාවට පිටරවල් වලින් එකතු කරලා සල්ලි එවන්න ඕන නැහැ දැන්. ජනාදිපති හැම පැත්තම දියුණු කරලා ඇති. නැහැ නැහැ කියල මිනිස්සු බොරු කියනවා වෙන්ඩ ඇති.(නදී)
අදිවේගී මාර්ගයේ මැද වැට කෝ? රියදුරු ගේ සීට් බේල්ට් කෝ? (නදී)
පැයට කිමී 44ක සාමාන්‍ය වේගයකින් බසය පදවලා තියෙනවා. (නදී)
සුභපැතුම් ශ්‍රී ලංකා (දී)
අධික වියදමක් යන්න ඇති නේද (දී)
ඔය පාර හදන්න අධික වියදමක් යන්න ඇති නමුත් රටක සංවර්ධනයට මේවා අත්‍යාවශ්‍ය දේවල් (දී)
රටක දියුණුවට ගරහන්න එපා (දී)
රටක් දියුණු වෙන කොට කාලා ඉන්න බැරි පිරිසකුත් ඉන්නවා (දී)
දුලිප් 2014-03-08 23:15:47.ලගම ඉන්න මානසික දොස්තර කෙනෙක් ලගට ගිහින් බලව ගත්තොත් හොද නැද්ද? (දී)
අධිවේගී මාර්ගය විවෘත කලේ ලංකාවේද,නැතිනම් චීනෙද?සිංහ කොඩියක් බෙහෙතකට හොයා ගන්න නැහැනේ. (දී)
චීනය නිසා ලංකාව සංවර්ධනය වෙනවා (දී)
නරක දේ නරකයි කියල මම හැමදාම කැගැහුවට හොඳ දේ හොඳමයි. ලස්සනයි. ලංකාවේ තරමට විශිෂ්ටයි. ජනපති තුමාගේ අධිවේග මාර්ග සංකල්පයට සහ ඒ සඳහා සහභාගී වන සැමටම සෙතක්ම ශාන්තියකම සැලසේවා !ජයවේවා! (නදී)
අපෙන් සුභපැතුම් (දී)
මටනම් සැකයි මෙහෙම ඉරි කපන්නේ බස් රියදුරු බලපත්‍රයක් ඇතුවද කියල? (අ)
ජාතියේ පියාණනි අපි ඔබට සදා ණයගැතියි ඔබතුමාට දීර්ගායුෂ පතමි. (දී)
අතිගරු ජනාධිපතිතුමනි.ගාල්ල සිට මාතර අතර කොක්මාදුව අන්තර් හුවමාරුව අසලම සිටින මා පිඩාවට පත්වූ අයෙක්මි.අදිවේගී මාර්ගය සෑදීමේදී සිදූවූ අලාබහානි ඉතා පහත් ලෙස ගිණුම් ගතකර ඇත.15 වෙනි දිනට පෙර මා හට සාදරණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලමි. මගේ නම අදිවේගී මාර්ගයේ නිළදාරි සැවොම දනී. ජයෙන් ජය .. (දී)
බස් එකක් එළවන්න ලයිසන් ඕනා නේද? (නදී)
අතිගරු ජනාධිපතිතුමාට කලනොහැක්කක් නොමැත. ආඩම්බර නැති රදළ ගතිනැති ජනතාව ලගින්ම ඉන්න අවංක නායකයා.(නදී)
හොද දේට හොදයි කියන්නයි නරක දේට නරකයි කියන්නයි කොන්දක් තියෙන්න ඕනේ කවුරු කළත් . (අ)
ජනාධිපති තුමාට ජය වේවා (දී)
ටිකිරි බණ්ඩා චීනයට යවමු ..රටක සංවර්ධනය බලාගෙන එන්න (අ)