බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් හා ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර සාකච්ඡාවක් බණ්ඩාර නායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත් වූ බව ජනාධිපති ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
පොදුරාජ්‍ය මණ්ලඩ නායක සමුළුව සංවිධානය කර ඇති ආකාරය පිළිබඳව සිය සතුට පළ කළ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කමරන් මහතා මෙම රැස්වීම වර්ජනය කරීමට ඇතැමුන් යෝජනා කළද තමා ඒ කිසිවත් නොපිළිගත් බව මෙම හමුවේදී පවසා ඇත. උතුර කළ චාරිකාව පිළිබඳ සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා ගැටළු අවසන් වීමෙන් පසු විශාල ප්‍රතිගයක් අත්කර ගෙන ඇති බව දක්නට ඇතැයි සඳහන් කළේ යැයි එම නිවේදනයේ සඳහන් වේ. උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සමගිය සඳහා ගනු ලැබී වැදගත් පියවරක් ලෙස ද අවතැන් වුවන් ඉඩම් ගැටළු, උතුරු පළාතේ හමුදාව රැඳී සිටිම සහ අලුතින් පත් වූ පළාත් සභාවට බලතල පැවැරීම වැනි අංශවල විදඳිය යුතු ප්‍රශ්න පිළිබඳව ද දෙරටේ නායකයෝ සාකච්ඡා කර ඇත.
අවතැන් වූ වන් යළි පදිංචි කිරීම, පුනරුත්ථාපනය, ගැටුම් සමයේ විනාශ කළ යටිතල පහසුකම් යළි ඉදිකිරීම වැනි අංශයන් හි සිවිසල් කොටසක් සම්පූර්ණ කර ඇතැයි ජනාධිපතිවරයා මෙම හමුවේදී සිහිපත් කර ඇත. ගැටුම් නිම වී තවම ගත වී ඇත්තේ වසර 4 ක් වැනි කෙටි කාලයක් බැවින් ප්‍රධාන අභියෝග ජයගැනීමට ලංකාවට තවම යම් කාලයක් අවශ්‍ය බව ද පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපාලි,ඔබත් හරි. යු එස් ඒ, ඔබලා දෙන්නම හරි අදහස දාලා තිබෙනවා.ඒක තමා සැබෑව .'ස්තුතියි' (නි)
උපාලිට දවල් හීන පෙනිලද? (නි)
මේ උණුසුමත් සමගම,එල්ලුම් ගහත් ක්‍රියාවට නැංවුවොත් මොකද ?අපේ ජනාධිපතිතුමනි ..! (නි)
අපේ ජනාධිපතිතුමා තරම් දක්ෂ නායකයෙක් මෙම රාජ්‍ය නායකයන් අතර මට හදුනාගන්න බැරිවුණා. අපේ ජනාධිපතිතුමා ඉදිරිපත්කරපු අදහස් සියල්ලක්ම දීප්තිමත් අනාගතයක් වෙනුවෙන් අවංක හදවතකින් සහ පිරිසුදු චේතනාවකින් මතුවුණු සංකල්ප කිහිපයක්. අනිත් රාජ්‍ය නායකයන්මෙන් අපේ ජනාධිපතිතුමා කොලයක් බලාගෙන අදහස් ප්‍රකාශ නොකර තමාගේ මනසට එකගව පෙලබීමකින් තොරව නොසෙලමින් කරුණු පැහදිලි කරමින් අපට අසීමිත ආඩම්බරයක් ලබාදුන්නා. (දී)
දැනට නම් ප්‍රතිචාර හොඳයි. එහෙ ගියාට පස්සෙ තමා මොනවා කියනවද කියලා බලන්න ඕනෑ. මූණට එකකුත් නැතිවෙලවෙ තව එකකුත් කියන අයනේ. පුදුම කාරණය කියන්නෙ මේ හැමෝටම හමුදාවනෙ ප්‍රශ්නෙ. අනික් පළාත් හතේම කෑම්ප් තියෙනවා, උතුරු නැගෙනහිරට තමා ලොකුම ප්‍රශ්නෙ. යුද්ධ ඇතා නැතා,අනික් හැම රටකම ආරක්ෂක වියදම් වලට තමා ප්‍රමුඛත්වය දෙන්නෙ. ලංකාවට විතරක් එහෙම බැහැ. යුද්ධය ඉවර වුණ ගමන් හමුදාවක් ඕනෑ නැහැ කියලද දන්නෙ නැහැ මේගොල්ලෝ කියන්න හදන්නෙ. (නි)
ශාන් කරුණාකර මම මෙතන දාපු අදහස් කියවලා තේරුම් ගන්න,මම ඉන්නේ ලංඩන්. මම දන්නවා ඔබ ඉතාලි කියලා. ,අපි අපිට මොනවද කරන්න පුළුවන් කියා තේරුම් ගනිමු. මම කියන්නේ මගේ රට ගැන මා දුටු දේ හා මා කියවන දේ.මා ලංකාවේ කිසිම දේශපාලනයට සම්බන්ද නැහැ.(නදී)
අගමැති කොහොම හරි ඇත්ත තත්වය දැක්කා. ඒ උනාට මැක්කට බැරිඋනා යාපනේට යන්න අලුත් වීඩියෝ එකක් හදන්න. මේ ඩයස්පෝරාව මැක්කගේ දීමනාව අඩුකරයි වගේ, එක පැත්තකින් බලපුහම මැක්කා සුද්දෙක් උනාට කරන්නේ බොරු කිය කිය බඩ ගොස්තරේ හොයන එකයි. (නදී)
අගමැති කොහොම හරි ඇත්ත තත්වය දැක්කා. ඒ උනාට මැක්කට බැරිඋනා යාපනේට යන්න අලුත් වීඩියෝ එකක් හදන්න. මේ පර ඩයස්පෝරාව මැක්කගේ දීමනාව අඩුකරයි වගේ, එක පැත්තකින් බලපුහම මැක්කා සුද්දෙක් උනාට කරන්නේ බොරු කියකිය බඩ ගොස්තරේ හොයන එකයි.(නදී)
මැක්රේට යාපනේ යන්න බැරි වුණාට එහෙ වෙන දේවල් සහ විකෘති කර සාදන සියල්ල ඔහුට කොළඹදී ලැබෙනවා . ඒක කරන්නේ අපේම සිංහලුන් කොටසක්. මැක්රේ කිව්වේ එයට පළමු විස්තර සහ සමහර පින්තූර දුන්නේ ලංකාවේ යුද හමුදාවෙන් පැනපු දෙන්නෙක් කියා. (නි)
මැක්රේ ලංකාවට ආවත් නැතත් තව එකක් නොව කිහිපයක් කරනවා. මෙම රජයට විරුද්ධව සහ හමුදාවට විරුද්ධව. ඔවුන්ට ඕනෑ මෙම රජය පෙරළන්න ඒ. කොටින්ව නැති කර දාපු නිසා. එයට උදව් කරන්න අපේම සිංහල කොටි කොටසක්ද සිටිනවා. මැක්රේ විස්තර ගන්නේ ගොඩක් සිංහල කොටින්ගෙන්. ඔහුම කිවුවා සිංහල අයගෙනුත් විස්තර ලැබෙනවා කියන එක (නි)
හාදය ඉන්නෙනම් පණ ඇරලා වගේ අපි බලමුකෝ එංගලන්තේ සීතලටත් මෙයාගේ ඔලුව නරක නොවී තියේවිද කියල. බටහිර හුගදෙනෙක්ට මෙහෙට ආවහම මොලේ පෑදෙනවා වගේම, ආයෙත් තමන්ගේ රටට ගියාම ඔක්කොම කචල් වෙනවා. ඒ පැත්තේ හැටිද මන්දා...(අ)
කැමරන්ට කොන්දක් තියෙනවා මොනවා කිවුවත් (නි)
දැන් කවදාද එන්ගලන්තයේ යන්නේ? (නි)
ඇති යන්තම් , දැන් ගිහින් බැලුවට පස්සේ ටිකකක් සන්සුන්වෙලා වේවැල බිමින් තියල වගේ (දිල්)
අපේ රජය හොද උත්තරයක් දීල ඇති මංගල නම් රට පාවාදෙන කෙනෙක් මේ වෙලවෙවත් පොඩ්ඩක් හරි රට ගෙන හිතන්න තිබුණා(දිල්)
මොන මතවාද තිබුනත් එක දෙයක් පැහැදිලියි. මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා වගේ දක්ෂ, එඩිතර, රාජ්‍ය තාන්ත්‍රික ඥානයක් සහිත රාජ්‍ය නායකයෙක් නිදහසින් පසු අපේ රටේ පහල වුනේ නැහැ. මේ සමුළුවට සහභාගිවන කිසිම රාජ්‍ය නායකයෙකුට වඩා එතුමා දුර දක්නා ඥානයෙන් යුක්තයි. සභාපතිත්වය දරන ඉදිරි වර්ෂ දෙක තුල එතුමා පොදු රාජ්‍ය මණ්ඩලය තුල ලොකු වෙනසක් කරන බව විශ්වාසයි. (දිල්)
මොනවා කරත් කම්මක් නැහැ හමුදා කැම්ප් අයින් කරන්න යන්න හදන්න ඕන නැහැ .අපේ රට කදවුරු අපිට ඕන තැනක තියන්න පුළුවන් .එ අයට පිට රටවල කැම්ප් දන්නා පුලුවන්නම් අපිට මොකද අපේ රටේ කැම්ප් දන්නා බැරි. අපි දන්නවා ගොනා පොල් පැලය කන්න හදන බව.(දිල්)
උපාලිගේ අදහසට මාත් එකඟයි (දිල්)
මම ඊයේ ඉඳල බලගන හිටියේ දෙන්නා කොයිවෙලේද මීට් වෙන්නේ කියල .ඩයස් පෝරාවට ඔය එක්කම පණිවිඩ ටිකත් දුන්නනම් (දිල්)
උතුරට සිංහල මිනිස්සුන්ට යන්න දෙන්නේ නැති එක ගැන කවුරුත් කතා නැහැ. සාමය මේක නම් මිනිස්සු බහුතරයට පක්ෂයක් නැහැ දැන්.සියල්ලෝම කැමරන්ලා මැක්රේලා කතා කරන්නේ දෙමලු ගැන විතරයි. හරිම බෙලහීන තත්ත්වයක්. විහින් කරගත්තේ මේවා. රට සියල්ලටම වගේ දියුණු කරන්න තිබුණා මේ සල්ලි වලින්. (නි)
මෙය ට්විට්ටේර් මැසෙජ් එකක් දල තිබුන "මම මහින්දට දෙකක් කතාකරනවා කියල" දැන් සද්ද බැහැල වගේ (දිල්)
කුමන අභයන්තර ප්‍රශ්නතිබ්බත් මේ වෙලාවේ රට ගැන සිතිය යුතුයි(දිල්)
30 අවුරුදු යුද්දේ දිනලා ලොකු කීර්තියක් අත්කරගත් මේ නායකයා හෙළ උරුමේ ඇතුළු අන්තවාදී කොටස් අයින් කරලා, දෙමල, මුස්ලිම් ජාතීන්ගේ විස්වාසයත් දිනාගෙන උතුරේ සිංහල මුස්ලිම් අය පදිංචි කරලා ජන අනුපාතේ වෙනස් කරලා, දෙමල ජාතිවාදෙත් අවසන් කරලා,ආගමික හා ජනවාර්ගික පක්ෂ තහනම් කරලා නෙල්සන් මැන්ඩලාටත් එහා ගිය සදා නායකයෙක් වෙන්න තිබුනා. යර්ස් සර් කියල බඩ වඩා ගන්න අය ඒ සේරම කෑවා.(නදී)
අනුරාධපුරේදී දුටු දේවල් ඇති ඇසල තව හොද චිත්‍රපටියක් හදන්න (නි)
රවී දැන් විපක්ෂයට ඉරිසියා ඇති නේද? (නදී)
සිසිරට...අභයන්තරර ප්‍රශ්න ගැන පාලකයෝ හිතන්නේ නැති නිසා නේද මිනිස්සුන්ට පිට රට අයට කියන්න වෙලා තියෙන්නේ. (දිල්)
කව්රු කොහොම කිව්වත් දැන් අපිට හොද නායකයෙක් ඉන්නවා ඩඩ්ලි සේනානායක මහත්තයට පස්සේ ආපු හොදම නායකයෙක් හැටියට තමා මම දකින්නේ. නිර්බීතව එඩිතර තීරණ ගන්න පුළුවන් රජෙක් රටේ වාසනාවට පහල වෙච්ච. ජය ශ්‍රී!(දිල්)
ජේ.වේ.පෙ.එකට නම දැන් තේරිලා වාගේ කටවහගෙන ඉන්නවා. මංගලයා අවස්ථාවාදියා රට පාවාදෙන්න දාගලනවා. මුන්ට කුරුදු පොල්ලෙන්නේවී බුවල්ලෙන් තමයි ගහලා එලවන්න ඕනේ . (දිල්)
කවුරු මොනවා කිවුවත් මේක අපේ රට. ඉඩම් ,පොලිස් බලතල දීලා රට බෙදන්න දෙන්න එපා. මැදපෙරදිග රටවල් විනාශ කරන්නේ මේ බටහිර රටවල්. ඊජිප්තුව ඉරාකය සිරියාව වගේ රටවල් කනවා, තෙල් සම්පත් හුරා ගන්න. ඇතුවත් නැතුවත් බැරි අස්පයෝ.. (නි)
මතක තිය ගන්න ,අප ලෝකයක් සමග ජිවත් වෙනේ තනියම නෙමේ,අපේ විදේශ ප්‍රපතියේ තියන දුර්ලව තව නිසා අපිට ප්‍රශ්න ඇතිවෙලා තියෙනේ,හිතල බලන්න මෙය ලෝකේ ලොකුම සන්ස්කුතිය තියන රටේ , ගනු කෙනුකුට පාරේ බැහැලා යන්න පුලුවන්ද?අපි තම කළුවරේ අතගාන ජාතියක්,නයට කන්නේ,නිෂ්පාදනයක් නැහැ,සිතා බලන අපි කොහෙද කියා,(දිල්)
ඔය කවුරු කෑ ගැහැව්වත් ත්‍රස්තවාදය, මිනිස් ජාවාරම රටේ දේශපාලනයට කරන බලපෑම හිසරදයක් වෙලා තියෙන්නේ. ඡන්ද නිසා අරියාදු කලත් සැබවින්ම ඔවුන් ලංකා රජයට ඉතා ඉහලින් සහය දුන්න ඔය ත්‍රස්තවාදය අතුගා දමන්න. ඉතින් දේහපාලනය නය කියන්නේ ක්‍රීඩාවක් සුදුවක්. චෝගම් එක අපේ රටේ ප්‍රතිරූපය ලොවට ගෙනිච්චා. ඒක මිළ කරන්න බැහැ. නමුත් මංගල මහත්තයා චැනල් 4 එක එක්ක ජිල්බූල ගහල පක්ෂයයී අරටුවයි කාබාසිනියා කලා.(නදී)
අනේ දොන් පෙරේරා ඔහේ පාඩුවේ ඉන්න,ඔහෙලට ආණ්ඩුව මොනවා කලත් වැරදියි..වත්මන් ජනාදිපති තුමා නැත්නම් ඔහේගේ පවුලේත් කවුරු හරි මෙලහට මැරිලා කොටි ගහලා.ඒ මනුස්සයාගේ එඩිතර නායකත්වය හින්දා අද අපි මර බිය නැතුව ජීවත් වෙනවා.(නදී)
දොන්, ඔයා ලන්ඩන් වල ඉදලා මොනවා කතා කරනවාද? (නි)
පළමු වතාවට යාපනයේ චාරිකා කල බටහිර රටක නායකයෙක් වශයෙන් ඩේවිඩ් කැමරන් අගය කල යුතු රාජ්‍ය නායකයෙක්. (නදී)
ඩේවිඩ් කැමරන් අවංකව යටි සිතින් දන්නවා සත්‍යය . එහෙත් මංමෝහන් සින්ග් වගේම ඔහුටත් දේශපාලන වශයෙන් ඔහුගේ රටේ බලපෑම් තිබෙනවා . ඒවාට මුණ දීමට ඔවුන් සතුට කිරීමට ප්‍රකාශ කරන්න සිදු වෙනවා . කෙසේ නමුත් ඔහුට ඔහුගේ රටේ විරුද්ධ පක්ෂයත් ටැමිල් ඩයස් පෝරාවේ බලපෑම් වලට නොබියව අප රටට පැමිණීම අප අගය කලයුතුයි . ඔහු ඔහුගේ සියසින් දෙක ගත්තා උතුරු පළාත . මෙම සමුළුවේ වටිකාකම්ත් එකමය . අපේ රටට නොපැමිණ නොදුටු දෙයක් ගෙන කතා කරන අයට රට තුලට ඇවිත් සබේ තත්වය සියසින් බලා ගෙනීම . සමුළුවට පැමිණි ඔබට බොහෝ ස්තුතියි . ඩේවිඩ් කැමරුන් මහතාට (දිල්)
මොන දේ කතා කරත් කමක් නැ ඒ පැත්තේ බලතල ගැනනම් කතා කරන්න එපා.මේක රටක් එකම දේශයක් එකම නීතියක් විතරයි මේ රටේ තිබෙන්න ඕනා. බ්‍රිතාන්‍ය අගමැති තුමා මුළු රටේම ඇවිද බැලුවනම් තමයි හොඳ. ගරු ජනාදිපති තුමාට අපේ සුබ පැතුම්.(දිල්)
උඩ ප්‍රතිචාර කරපු අයටයි කියන්නේ මේ නිවේදනය ගහලා තියෙන්නේ ජනාදිපති මාධ්‍ය ඒකකයෙන්. ඕක ඒකාබද්ධ නිවේදනයක් නෙමේ .(නදී)