(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපතිවරයාට දිවයින පුරා වෙන්කර ඇති බංගලා නවයෙන් දෙකක් පමණක් තබාගෙන ඉතිරි බංගලා ආර්ථික වශයෙන් ඵලදායී කටයුත්තකට යෙදවීමට ළඟදීම පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා ලංකාදීපයට පැවසීය.
එම බංගලා සම්බන්ධයෙන් තොරතුරු රැස් කරගෙන යන බවද ඔහු සඳහන් කළේය.
ජනපති බංගලා කුලියට ලබා ගැනීමට විවිධ ඉල්ලීම් දහයක් පමණ ලැබී ඇති අතර එම ඉල්ලීම් සලකා බලාගෙන යන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
යාපනයේ ජනාධිපති බංගලාව යාපනය විශ්ව විද්‍යාලයේ පාවිච්චිය සඳහා ඉල්ලීමක් කර ඇත නුවරඑළියේ බංගලාව සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් යෙදවීමට රජය බලාපොරොත්තු වෙයි.
කොළඹ සහ මහනුවර ජනාධිපති බංගලාදෙක පමණක් විශේෂ උත්සව අවස්ථා සඳහා පමණක් යොදා ගැනීමට අපේක්ෂා කෙරේ. රාජ්‍ය නායකයන් පැමිණෙන අවස්ථාවන්හිදී පිළිගැනීම් සහ හමුවීම් සඳහා ජනාධිපති මන්දිරයේ අවශ්‍ය වන අතර මහනුවර පෙරහර චාරිත්‍ර ඉටුකිරීම සඳහා මහනුවර ජනාධිපති මන්දිරය අවශ්‍ය වන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
ජනාධිපති කාර්යාලයේ පරිපාලන බලධාරීත්වය යටතේ කොළඹ, මහනුවර, නුවරඑළිය, මහියංගනය, අනුරාධපුරය, කතරගම, යාපනය, ඇඹිලිපිටිය සහ බෙන්තොට යන ප්‍රදේශවල ජනාධිපති මන්දිර පිහිටා ඇති අතර කොළඹ සහ මහනුවර ජනාධිපති මන්දිර හැර අනෙකුත් ජනාධිපති මන්දිර නිරන්තරයෙන් භාවිතයට ගෙන නොමැති බව රජය පවසයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ජනපති බංගලා ගැන ළඟදීම තීරණයක්
fairoos Monday, 28 April 2025 03:29 PM
ඉතාම හොඳ තීරණය. මේවා දකිනකොට වහල්ලුන්ට මාර සැප ඇතිනේ?
PrabathMonday, 28 April 2025 04:06 PM
බලාගෙනක ගියාම මොවුන්නේ තනිකරම ගොන් වහල්ලු...
Chandana Monday, 28 April 2025 04:16 PM
ෆයිරූස් තමයි ලොකුම වහලා...
සෙනෙවිරත්න Tuesday, 29 April 2025 09:17 AM
බංගලාවල කුස්සිය පැත්තෙන් ගිහින් යමක් කාල හාමුලගෙ ගුණ කියපු අයට මේවත් දකින්නෙ නුහුරට.
රට වැසියා Tuesday, 29 April 2025 09:18 AM
සජිත් දිනුව නම් මෙහෙම වෙයිද? එහෙම නම් ආර්යාවට වෙනම බංගලාවක් හදන්නම වෙනව,