නව පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිය මීට සුළු මොහොතකට පෙර ඇරැඹිණි. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මීට ස්වල්ප මොහොතකට පෙර පාර්ලිමේන්තු භූමියට පැමිණියේය. සභාවාරයට සහභාගිවීමට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ අද අභිනවයෙන් තේරී පත්වූ කතානායක කරු ජයසූරිය යන මහත්වරුන් විසින් පිළිගනු ලැබිණි.
විශේෂ ආචාර පෙළපාළියකින් පැමිණි ජනපති පිළිගැනීමට යුද හමුදා ආචාර වෙඩි මුරයක්ද පැවැත්විණි.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද සවස නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
(ඡායාරූප - අශ්වින් හෙම්මාතගම - ට්විටර් අඩවියෙනි)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd