
(නිමල කොඩිතුවක්කු)
හිටපු ජනාධිපතිවරයෙකු වන දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 32 වන ගුණ සමරුම් උත්සවය කොළඹ අලුත්කඩේ උසාවිය අසල එතුමාගේ පිලිරුව අභියසදී අද (01) පැවැත්විණි.
ඒ සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, හේමා ප්‍රේමදාස මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
සමගි ජනබලවේගයේ කොළඹ පුරපති අපේක්ෂක වෛද්‍ය රුවීස් හනීෆා මහතා ප්‍රේමදාස පිළිරුවට මල්දම් පැලදූ අතර ජලනි ප්‍රේමදාස, දුලාංජලී ප්‍රේමදාස, හිටපු කතානායක කරූ ජයසූරිය සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එහිදී පුෂ්පෝපහාර දැක්වූහ.
මෙරට දෙවැනි විධායක ජනාධිපතිවරයා වූ රණසිංහ ප්‍රේමදාස මහතා ඝාතනය වී වසර 32ක් ගතවන අතර ඒ මහතා සිහි කරමින් ආගමික වැඩසටහන් රැසක්ද මෙම සැමරුම් වැඩසටහනට සමගාමීව පැවැත්වුණි.
ඡායාරූප : සුමුදු හේවාපතිරණ

2025 දෙසැම්බර් මස 18
301
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
997
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති ප්‍රේමදාස ගුණ සැමරේ
බකල ජයා Thursday, 01 May 2025 02:45 PM
තිස් දෙවසරකට පෙර රතිඤ්ඤා හඬින් ලංකාව කතාකෙරුවා මතකයි....
වින්සන්ට් කජ්ජාThursday, 01 May 2025 06:32 PM
ගාලු පාරේ මැද තැන් තැන්වල කිරිබත් ඉව්වා. වෙලාව හැන්දෑවේ පහට විතර මිනිස්සු කිරිබත් කනවා. මොරටුව හරියේ රබන් ගැහුවා.
prasanna Sunday, 04 May 2025 03:28 PM
මනුස්සයෙක් මැරුණාම කිරිබත් කන සත්තු කොට්ටාසය අයත් වෙන්නේ මාලිමාව නැමැති නොදියුණු ජන කොට්ටාශයයි.