අයවැයෙන් අහිමි කළ රාජ්‍ය සේවක වරප‍්‍රසාද යළි ලබාගැනීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (4) පැවත්වු සාකච්ජාවේ දී තම ඉල්ලීම් සඳහා යහපත් ප‍්‍රතිචාර ලැබුණු බවත් ඒ පිළිබඳ අවසන් තීන්දු තීරණ ගැනීම සඳහා මුදල් අමාත්‍යවරයා හා එම අමාත්‍යාංශ නිලධාරීන් සමඟ සාකච්ඡා තමාගේද මූලිකත්වයෙන් පවත්වන බවට ජනපති පොරොන්දු වූ බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් පැවසීය.
අයවැය සම්මත කිරීමට පෙර මේ මස 10 වැනි දාත් 19 වැනි දාත් අතර දිනකදී මෙම සාකච්ඡාව පැවැත්වීමට ජනාධිපතිවරයා පොරොන්දු වූ බව කී වෛද්‍ය හේරත්, එම සාකච්ඡාවේ දී යහපත් ප‍්‍රතිචාරයක් නොලැබුණොත් ඉදිරියේ දී දැඩි වෘත්තීය ක‍්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව සඳහන් කළේය.
මේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද සහභාගී විය.
විදුලි බලයෙන් ක්‍රියාකරන කාර් හා හයිබ්‍රිඩ් කාර් වැනි පරිසර හිතකාමි වාහන වලට පනවා ඇති බදු ඉවත් කිරිම වැනි ඉල්ලිම් වලට ජනාධිපතිගෙන් හොඳ ප්‍රතිකාර ලැබුණූ බව ඔහු කියයි.
(ජායාරූප හා විඩියෝ ජයමාල් චන්ද්‍රසිරි)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට ලැජ්ජයි මෙවන් රටක ඉපදීම ගැන (නි)
ජපානය අද ඉන්න තත්වෙට එන්න රටේ මිනිසුන්ගෙන් ලැබුන දායකත්වය අතිමහත්. අපි අපි ගැන මොහොතක් කල්පනා කළොත් තුන්වෙනි ලෝකේ දුප්පත් රටක් වුණත් උපතේ පටන් සියලුම දේ නොමිලේ දෙන රටක් මේක. රටේ පළමු පුරවැසියා වාර්ෂිකව මිලියන ගානක් ඉතුරු කරලා රටට පමණක් නෙමෙයි ලෝකෙටම ආදර්ශයක් දුන් රටක වෛද්‍යවරු ගැන නම් කියන්න දෙයක් නැහැ (නි)
කට්ටියකට වරප්‍රසාද ලැබෙද්දී මහජනයා බස් වල හිරවෙලා යනවා. ඇයි එහෙම වෙන්නේ? මහජනයා තුළ එකමුතුකමක් නැහැ. ඔවුන් දේශපාලුවන් පස්සෙන් යනවා. නමුත් වෛද්‍යවරු නුවණැති නිසා එකමුතු වී තමුන්ට ඕනෑකරන දේ ලබාගන්නවා. ඔවුන් දේශපාලුවන්ට රැවටෙන්නේ නැහැ. (නි)
ඇයි මෙයාලා කියන කියන හැමදේටම අපි කන්දෙන්නේ? (නි)
වෙනත් රටවල දොස්තරලා හරියට සේවාවේ කටයුතු නොකළොත් ඔවුන් සේවයෙන් පහකර වෙනත් දොස්තරලා ඒ පුරප්පාඩුවට පත්කරනවා. අනෙක ඒ රටවල දොස්තරලාට බලපත්‍රයක් තිබෙනවා. මෙය වසරින් වසර අලුත් කරගත යුතුයි. හරියට සේවාවේ නොයෙදුනොත් බලපත්‍ර අහෝසියි. මම නම් කියන්නේ ඔය ටික ලංකාවෙත් කළා නම් අසරණ රෝගීන්ට යහපතක් සැළසේවි. (නි)
අමිල, මෝඩ කතා කියන්න එපා. වෙනත් රටවල හරියට සේවයේ නොදෙන දොස්තරලා ගෙදර යවලා ඒ තැනට වැඩකරන්න වෙනත් දොස්තරලා ගන්නවා. දියුණු රටවල දොස්තරලා වර්ජන කරනවද? ඒ මිනිසුන්ට අපේ දොස්තරලා වගේ අධි මානසිකත්වයක් නැහැ. දැන් අපිට වෙලා තියෙන්නේ මේගොල්ලන්ට වාහන ගන්නත් අපේ පඩියෙන් බදු ගෙවන්න. (නි)
මහජනයාගේ සල්ලි වලින් ඉගෙනගෙන දැන් මහජනයාටම දොස්තර ඌෂ්ණය පිටකරනවා. මේ ගොල්ලෝ සත පහක් රැකියාවෙන් බදු ගෙවනවද? විශ්‍රාම වැටුප් මදිවාට පුද්ගලික චැනල් වලින් සල්ලි හම්බ කරනවා. උපන්දා සිට මැරෙනතුරු මේගොල්ලන්ගේ නඩත්තුව කරන්න ඕනෑ මහජනතාවද? අනෙක් මිනිස්සුත් වැදගත් රැකියා කරන්නේ. හැබැයි රටට බරක් නැහැ. වෙනස ඒකයි. (නි)
ඇයි ලොකුගේ, රට රැකියා කරන අනෙක් මිනිසුන්ට වාහන අවශ්‍ය නැද්ද? (නි)
ලොකුගේ , මේ වර්ජනය කරන උදවිය දොස්තරකම නිසා ඔලුව ලොකුකර ගැනීම තමයි මෙතන ප්‍රශ්නය. අඩු ගානේ පුද්ගලික චැනල් වලින් හම්බ කරන සල්ලි වලින් වාහන ගන්න බැරිද? ඒ බදු බරත් ජනතාවට පටවනවා. මේ රටේ අනෙක් මිනිස්සු බදුගෙවමින් තමන්ගේ මුදලින් හෝ බැංකු ණයක් අරගෙන වාහන ගන්නේ පුළුවන්කමට නෙමෙයි. (නි)
මේ දොස්තරලම මැදපෙරදිග ගිහින් වැඩකරන විදිහ බලනකොට පුදුම හිතෙනවා. එහෙ වර්ජන, හවසට චැනල් මොකුත් නැහැ. වෙනස එහෙ නීතිවලට කවුරුත් එකයි. (නි)
ලංකාදීපයේ පළවූ අර දරුවාට බෙහෙත් නැතුව බලාසිටින අසරණ මවගේ ඡායාරූපය මේ දොස්තරලාගේ දෙමාපියන්ට පෙන්වන්න ඇත්නම් (නි)
මේගොල්ලන්ට තමන්ගේ රැකියාව කියන්නේ වැටිලා හිටපු තැනින් ගොඩයන මාර්ගයක් විතරයි. අපි පුද්ගලික අංශයේ රැකියාවකට ගිය පළමු දිනයේ පටන්ම හිතුවේ කාර්යක්ෂමව ආයතනයට සහ සේවය ලබාගන්න එන මහජනයාට වැඩකරන්නේ කොහොමද කියලා. වරප්‍රසාද දෙවනුව. ඒකට මේ පුද්ගලයන් මේ වාගේ උතුම් වෘත්තියක් ව්‍යාපාරයක් කරගත් හැටි ! (නි)
සිසිර, මේ රටේ ඉන්න එකම උගත් බුද්ධිමත් කොට්ඨාශය දොස්තරලා විතරක් නෙමෙයි. උද්දච්චකමට පළමුව බෙහෙත් කරගන්න ඕනෑ. ලැබුණු නිදහස් අධ්‍යාපනයට ගුණයක් ලෙස කුමන හෝ සුළු රැකියාවක යෙදෙමින් රජයට ජනතාවට බරක් නොවී ජීවත්වන මිනිස්සු මොවුන්ට වැඩිය බුද්ධිමත් (නි)
ලංකාවේ ජීවකලාට මොකක්ද මේ වෙලා තියෙන්නේ? (නි)
ඇත්ත කතාව නම් ඔවුන්ගේ වාහන පර්මිට් සහ වෙනත් අවශ්‍යතා සඳහා ජනතාව ප්‍රාණ ඇපයට අරගෙන (නි)
මට නම් විශ්වාස නැහැ (නි)
මුළු ලෝකෙටම ණයවෙලා, උපදින්න සිටින දරුවන්වත් ණයකරලා කොහොමහරි හැමදෙයක්ම නොමිලයේම දෙන්න. (නි)
අද කාලයේ අම්මලා තමන්ගේ දරුවන්ව ලොක්කන් කරන්න මිසක් ගුණවත් උගතුන් කරන්න උත්සාහයක් නැහැ. මේ වගේ උදවිය තමයි කවදාහරි දේපළ ලියලා දුන්නට පසුව මවුපියන්වත් මහළු නිවාසෙට යවන්නේ. (නි)
අනේ අපි නම් මේවට කතාකරන්න කැමති නැහැ (නි)
විදේශ රැකියා කරන අපිට අඩුම තරමින් බැංකු ණයක්වත් දෙන්නේ නැහැ. (නි)
පොදු ප්‍රවාහන සේවා නැති වෙලාවල රෝගී වීම ජනතාවට තහනම් කරන්න. එවිට දොස්තරලාට බස් හා කෝච්චි වල විත් රාජකාරි කළහැකිය. පර්මිට් උවමනා නැත. අවේලාවේ ජනතාව මාරාන්තිකව රෝගී වෙනවා නම්, පණ අදිමින් රජයේ රෝහලට එනවා නම්, දොස්තරලාට රියදුරුයි වාහනයයි ඉන්ධනයි ලබාදෙන්න. පර්මිට් එපා. තව දෙයක් කළහැකිය. දොස්තරලාට ඉස්පිරිතාලය ඇතුළතම නිල නිවාස ලබාදීම (නි)
කාගේ වුණත් තිබෙන වරප්‍රසාදයක් කපන එක වැරදියි. වෘත්තිකයින් හොද සේවාවක් රටට කරනවා. මේ අය නැතිවුණාම තමයි ඔවුන්ගේ අඩුව පෙනෙන්නේ. හොඳ සේවාවක් ලබන්න සතුටුදායක වැඩ පරිසරයක් සෑදීම රජයේ වගකීමයි. රටේ ඉතාමත්ම අකාර්යක්ෂම රාජ්‍ය සේවකයින් හා දේශපාලකයින් සම්බන්ධයෙන් එකම විධියට තරාතිරම නොබලා පියවර ගැනීමත් රජයේ වගකීමයි. ඒත් අප රටේ හරියට සාධාරණ පරීක්ෂණයකවත් කෙරෙයිද? වැරැද්ද තිබෙන තැන තේරුම්ගන්නේ නැතුව හැඟීම්බර වීම තේරුමක් නැහැ (නි)
දුල්මි,කාන්ති.ඔබ දෙපලගේ අදහසට මම ගරු කරනවා. (ස)
දියුණු රටක නම් මෙලහකට මෙගොල්ලව ගෙදර යවලා වෙනත් උදවියව වැඩට අරන්. (ර)
"දොස්තර වැඩ වර්ජනය හේතුවෙන් ලංකාවේ රෝහල් 1084 ක වැඩ සම්පුර්ණයෙන් ඇන හිටිය. එදිනට නියමිත ශල්‍යකර්ම 60,000 කට අධික සංඛ්‍යාවක් නතර වුනා".........මොන කාරණය වුනත් දුප්පත් අසරණ රෝගීන් ප්‍රාණ ඇපයට තියාගෙන ලබන සැනසුම විමුක්තිය මොකක්ද? (ස)
ඇයි දොස්තරලට විතරක් පර්මිට්? ලංකාවේ සියලුම දෙනාට තීරුබදු රහිතව වාහන ගැනීමට ඉඩදෙන්න. (නි)
මේ වගේ අනවශ්‍ය වරප්‍රසාද නිසා තමයි ලංකාවේ දුප්පත් පොහොසත් පරතරය වැඩිවෙලා තියෙන්න. (නි)
කොහොමහරි මේගොල්ල දිනාගනියි වගේ මේක. (ර)
ඒක තමයි රුවනි, දියුණු රටක් වුණා නම් මෙයාලව ඉවත්කරලා අපිටත් දොස්තරලා වෙන්න තිබුනා නේද? (නි)
වෛද්‍යවරුන් එදා අරගල කළේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව නිදහස් අධ්‍යාපනය සුරැකීමටය. මෙදා අරගල කරන්නේද කාර් පර්මිට් එකකට නොව රාජ්‍ය සේවය සුරැකීමටය. බුද්ධිගලනය නතර කිරීම සඳහා රාජ්‍ය සේවයට බුද්ධිමතුන් ආකර්ශනය කිරීම පිණිස සහන පොළියට වාහන සහ නිවාස ණය ලබාදීම ආදී වරප්‍රසාද රැසක් මෙයට කලින් ක්‍රමයෙන් අහිමි කරනු ලැබීය. පුරවැසියාගේ උපතේ සිට මරණය දක්වා සියළු සේවාවන් ඉටුකරනු ලබන්නේ ඔවුන් විසිනි. හුදකලාවේ සටන් කිරීමෙන් වැඩක් නොවන නිසා ඔවුහු එක්ව සටන් කරති. (නි)
ඔක්කොම දේවල් මේ අයට. විදේශ රැකියා කරන අපිට අඩුම තරමින් බැංකු ණයක්වත් දෙන්නේ නැහැ. අපි නේද ලංකාවට සල්ලි එවන්නේ? වාහනයක් ගන්න බලාගෙන හිටියා. දැන් ඒකත් නැහැ. ගරු ජනපතිතුමනි, අපි ගැනත් බලන්න (නි)
මාස් මහත්තයෝ, මගේ සහෝදරයත් දොස්තර කෙනෙක්. එයා නම් සටන් කරන්නේ ඔය කියන ඒවාට නොවෙයි. මුලින් පර්මිට් විකිණුවා. දැන් කෝටි ගණන් වල ඒවා බදු නැතුව ගේනවා. එකයි ඇත්ත. එයා කැමති නැහැ ගොඩක් අය දොස්තරලා වෙනවට. ඉතින් ඔයාගේ අදහසට මට හිනා ගියා. (නි)
හොඳයි බලමුකෝ (නි)
රට වෙනුවෙන් ආබාධිත වුණ රණවිරුවන්ට බසයේ සීට් එකක්වත් නැහැ (නි)
වෘත්තිකයන් කියලා පට්ටමක් ගහගෙන සේවයේ නොදී ඉඳලා හරියන්නේ නැහැනේ. කුමන වෘත්තියක් වුනත් සමාජ විරෝධී නැති නම් ඒක වැදගත්. දොස්තරලා විතරද රටට අවශ්‍ය ? තව වැදගත් සේවා සපයන උදවිය ඉන්නවානේ. මේ දොස්තරලා බදු ගෙවන්නේවත් නැහැ. අනෙක් මිනිස්සු ඒකත් කරනවා. දැන් තියෙන්නේ මේ ගොල්ලන්ව හුරතල් කරන එක නවත්වා හරියට රටට වැඩ කරන මිනුස්සු ගැන සොයා බලන්න. (ර)
අපගේ සුබපැතුම්.! (ර)
මෙයාලා අලුත් දෙයක් ඉල්ලනවා නොවේ.තිබුණ දේ දෙන්න කියලා විිතරයි කියන්නේ. ඒකේ ඇති වැරැද්ද මොකද්ද? (අ)
අත්‍යාවශ්‍ය සේවාවක් කඩා කප්පල් කළා නම් අනෙක් රටක මේ වෙනකොට හිරේ. (ර)
අර පොඩි මිනිහට තිබුන ත්‍රීවීල් එක, එකත් වැඩි උණා. ඔය කතා කරන උදවිය ඒ දිහා බලන්න. (ර)
උඩ පැන පැන කතිරේ ගැහුවේ ඕක වැඩි කරගන්න නේද. බයිසිකල් පර්මිට් තමා දෙන්න ඕන. (ර)
ඒක තමයි රුවනි. කතාව ඇත්ත (නි)
රුවනි, මෝඩ කතා කියලා මෝඩකම පෙන්නන්න එපා. අජිත්, ඒක ඉතින් ඔයාගේ මොළේ තරම තමයි. පුෂ්ප, ඔයාගේ සහෝදරයා දොස්තර කියලා හරියටම විශ්වාසද? (නි)
ඇයි මිනිස්සු මෙච්චර මේ වරප්‍රසාද වලට ආශා කරන්නේ? (නි)
ඇයි වෛද්‍යවරුන් මේ හැටි සුපෝපබෝගී ජීවිත වලට ඇලුම් කරන්නේ..? ඔවුන්ටත් සාමාන්‍ය වැසියෙක් ලෙස ගත කරන්න බැරි ඇයි.? වෙන රටවල් වල වෛද්‍යවරයත්, කම්කරුවත් එකම මට්ටමේ ඉන්නවා මිසක් ලංකාවෙ වගේ කැපී පෙනෙන්න දඟලන්නෑ. (ස)
ඉගෙන ගන්න කාලේ පෞද්ගලික විශ්ව විද්‍යාල එපා කියල කෑ ගහනවා. දොස්තර උනාට පස්සේ පෞද්ගලික ඉස්පිරිතාල වල වැඩ කරනවා. ඉල්ලීම් ඉල්ලලා වර්ජන කළා නම් අපේ රණ විරුවෝ අද ඔය කාටවත් ඔහොම දේවල් කරන්න නිදහසක් ඉතුරු වෙන්නේ නැ. දොස්තර කෙනෙක් කරන්න ඕන රටට සේවය කිරීම. නැතුව පෞද්ගලික වාසි වෙනුවෙන් රෝගීන් අසරණ කරන එක නෙවෙයි. (ස)
වරප්රසාද හැමෝ ටම ලැබෙන්න ඕන දොස්තරලට විතරක් නෙවෙයි .(අ)
මන්ත්‍රීලට තිබෙන වරප්‍රසාද ගැන මෙතන අදහස් දාන අයට ගානක් නැහැ. ඔක්කොටම අමාරු ජිවිතේ හොඳම කාලේ දහදුක් විඳලා පාඩම් කරලා රජයෙන් වියදම් කළ මුදලින් උපරිම ප්‍රයෝජනය රටට ගෙනදුන් දොස්තරලා ගැනනේ (නි)
ලලිත්, ඔයා හරියටම හරි. දොස්තරලා කතාකරන්නේ රාජ්‍ය සේවක වරප්‍රසාද ගැන මිස දොස්තරලගේ වරප්‍රසාද ගැන විතරක් නෙමෙයි (නි)
මේගොල්ලන්ව පිටරට රෝහලකට මාසයක් අනුයුක්ත කලොත් යසට හැදෙවී. මෙහෙම අත්‍යාවශ්‍ය සේවා කඩා කප්පල් කලොත් මෙහෙ නම් ඉතින් කෙලින්ම ගෙදර. (ර)
වරප්රසාද වලට ඇති ආශාව පේනවා නේද? (නි)
මම නම් කියන්නේ මේ කියන කියන විදියට වැඩකරන්න රජය බැඳිලා නැහැ කියලයි (නි)
මානෙල්, මමත් ඔයාගේ අදහසට එකඟවෙමි. තිත්ත ඇත්ත ඒකයි නේද..? (නි)
මුළු රාජ්‍ය සේවා කාලය සඳහා එක් තීරුබදු රහිත වාහන බලපත්‍රයක් ලබාදීම සුදුසුයි. තීරුබදු සහන යටතේ වාහන බලපත්‍ර ලබාගන්නා රජයේ නිලධාරීන් බාහිර පාර්ශවයන්ට බලපත්‍ර හිමිකර දී මුදල් උපයන තත්වයක් පසුගිය වසර කිහිපයකම දක්නට ලැබුණා. (නි)
වෛද්‍ය අධ්‍යාපනය රාජ්‍ය හස්තයෙන් මුදා පුද්ගලික වෛද්‍ය විද්‍යාල නිසි ප්‍රමිතියක් අනුව ඉක්මනින් පටන්ගැනීම අවශ්‍යයි. (නි)
ඉන්දියාවේ නම් මේ වෙදදුරන් ගෙදර ඇරලා මෙලහකට. ඉන්දියාවේ ඇතිතරම් පුද්ගලික වෛද්‍ය විදුහල් තිබෙනවා. එහෙ දොස්තරලා රෝගීන්ගේ බෙල්ලට පිහිය තියලා වැඩ වර්ජනය කරනවා අහලාවත් තිබෙනවද? ලංකාවේ සයිටම් එකට විරුද්ධ හේතුව මෙයින් නොපෙනේද..? 1980 දී ජේ.ආර් යුගයේ මේ වර්ජනය කළා නම් ...? ඒවගේම 1989 -1993 ප්‍රේමදාස යුගයෙදීත්..? (නි)
ඇත්තටම ඔය බක පණ්ඩිත අදහස් ඉදිරිපත් කරන අයට තේරෙන්නෙ නැද්ද පොලිටික්කෝ උගත් බුද්ධිමත් දොස්තරලට වඩා දස දහස් ගුණයක් වරප්‍රසාද විඳිනවා කියලා? (නි)
ගරු අගමැතිතුමා තීරණයක් අරගෙන තිබෙනවානේ වසර 10 කට වරක් තීරුබදු රහිත වාහන බලපත්‍ර දෙන්න. සේවා කාලයටම දෙකක් දෙන්න. මදිද? දොස්තර ප්‍රජාව මේ ප්‍රශ්නය ගැන මේ තරම් දරදඬු ස්ථාවරයක ඉන්නේ ඇයි? ආත්මාර්ථය පොඩ්ඩකට පැත්තකින් තියලා මේ රටේ ජීවත්වන අහිංසක මිනිස්සු ගැනත් කල්පනා කළොත් නේද හොඳ? පරහිතකාමී "ජීවක" ලා මේ රටේ මේ තරමටම හිඟද? (නි)
මේ රටේ මිනිස්සු තමන්ට අවශ්‍ය බෙහෙත් ටික ගන්න තමන්ගේ දහදිය මහන්සියෙන් වියදම් කරලා දොස්තරලා හදාගන්නවා. මේ සියලු දොස්තරකමක්ම අයිති මේ රටේ මිනිසුන්ට. මේ රටේ මිනිස්සු මේ සේරම කරලා අවසානෙට චැනල් සෙන්ටර් ළඟ පෞද්ගලික දිස්පෙන්සරි ළඟ මහා රෑ දහය දොළහ වෙනතුරු පෝලිම් වල. අපි ජීවත්වෙන්නේ අපායේ නොවෙයි නේද? (නි)
යුද්ධයේදී අබාධිත වුන රණවිරුවන්ට හෝ ජිවිත අහිමිවුණ රණවිරුවන්ගෙන් යැපෙන්නන්ටවත් වාහන පර්මිට් ලැබෙන්නේ නැහැ. මොකද දොස්තරලට විතරක්? (නි)
මෙයාලා රටේ දුප්පත් ජනතාවගේ මුදල් වලින් ඉගෙනගත් ගුණය අමතක කරලා රට ජාතිය ගැන හිතන්නේ නැතුව තමුන්ගේ සුඛවිහරණය පෙරට දාලා වැඩකරන අය වෙලා. (නි)
ඇයි මේ අය මෙච්චර තණ්හාකාරී වෙන්නේ? (නි)
මාෂ් මහතාට අනුව ලෝකය මවන්නෙත් විනාශ කරන්නෙත් දොස්තර නැමති අය විසිනි. එනිසා එතුමන්ට අවැසි සියළු දෙයම සැපයීමට අපි සැම බැඳීසිටිමු!! (නි)
අද වෛද්‍යවරු සල්ලි මත්තෙම මැරෙන පිරිසක් වෙලා. වෛද්‍ය ආචාර ධර්ම පද්ධතියට අනුවත්, රෝගියාගේ මුලික අයිතීන්ට අනුවත් සාධාරණ සේවාවක් ඔවුන්ගෙන් ලැබෙන්නේ නැහැ. (නි)