ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මීට සුළු වේලාවකට පෙර ඇමරිකාවේ නිව්යෝක් නුවර බලා පිටත්ව ගිය බව ගුවන්තොටුපළ ආරංචි කියයි.
70 වැනි එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සමුළුවට සහභාගිවීම සඳහා ජනපති එසේ අද දිවයිනෙන් පිටත් විය.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ලබන 30 වැනිදා එක්සත් ජාතීන්ගේ 70 වැනි මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිත බව විදේශ අමාත්‍යාංශය පවසයි.
නිව්යෝර්ක් වෙලාවෙන් එදින පෙරවරු 9.45 ට ජනාධිපතිවරයා සමුළුව අමතනු ඇත. සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අමතන ප‍්‍රථම අවස්ථාවද මෙය වේ. මීට අමතරව ජනාධිපතිවරයා ලෝක නායකයින් රැසකගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන ආර්ථික සමුළුවකටද සහභාගී වනු ඇත.
නිව්යෝර්ක් නුවර බලා ගිය නියෝජිත පිරිසට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන්, සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ යන මහත්වරුද ඇතුළත් වෙති.
2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති නිව්යෝර්ක් යයි
නාමල් Wednesday, 23 September 2015 11:51 AM
අබෲ බොරු කියන්න එපා... කලාම් ජනාධිපති කාලේ පිටරට නොගියයි කියලා කොහේද තියෙන්නේ? (අ)
යසිරු Wednesday, 23 September 2015 04:15 PM
ඔබට සුබ පැතුම්! (නි)
දුමින්ද Wednesday, 23 September 2015 06:13 AM
වෙනසට උරදුන් අය හමුවෙවිද (බ)
අාබෘෘ Wednesday, 23 September 2015 06:15 AM
කිසිම හේතුවකට පිටරටකට නොගිය අබ්දුල් කලාම් මහත්තයව මතක් වුනා. කියන කොට එහෙමයි කරන කොට මෙහෙමයි. (බ)