ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මීට සුළු වේලාවකට පෙර ඇමරිකාවේ නිව්යෝක් නුවර බලා පිටත්ව ගිය බව ගුවන්තොටුපළ ආරංචි කියයි.
70 වැනි එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සමුළුවට සහභාගිවීම සඳහා ජනපති එසේ අද දිවයිනෙන් පිටත් විය.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ලබන 30 වැනිදා එක්සත් ජාතීන්ගේ 70 වැනි මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිත බව විදේශ අමාත්‍යාංශය පවසයි.
නිව්යෝර්ක් වෙලාවෙන් එදින පෙරවරු 9.45 ට ජනාධිපතිවරයා සමුළුව අමතනු ඇත. සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අමතන ප‍්‍රථම අවස්ථාවද මෙය වේ. මීට අමතරව ජනාධිපතිවරයා ලෝක නායකයින් රැසකගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන ආර්ථික සමුළුවකටද සහභාගී වනු ඇත.
නිව්යෝර්ක් නුවර බලා ගිය නියෝජිත පිරිසට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන්, සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ යන මහත්වරුද ඇතුළත් වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අබෲ බොරු කියන්න එපා... කලාම් ජනාධිපති කාලේ පිටරට නොගියයි කියලා කොහේද තියෙන්නේ? (අ)
ඔබට සුබ පැතුම්! (නි)
වෙනසට උරදුන් අය හමුවෙවිද (බ)
කිසිම හේතුවකට පිටරටකට නොගිය අබ්දුල් කලාම් මහත්තයව මතක් වුනා. කියන කොට එහෙමයි කරන කොට මෙහෙමයි. (බ)