අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පසුගිය බ්‍රහස්පතින්දා රාජ්‍ය ගෞරව සහිතව මහ ඉහළින් පැවැත්විණි. එහිදී ජනපති අගමැති ඇතුළු මැති ඇමැතිවරුද ආගමික නායකයෝද විද්වත් වෘත්තිකයෝද කථා පැවැත්වූහ.
සෝභිත හිමියන්ගේ ගුණ කථන කිහිපයක්ම අවසානයේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කථාවට වාරය ළඟා විය.
ඊළඟ කථිකයා හඳුන්වාදීමට සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම නිවේදකයෝ තිදෙනෙක් වූහ. සිංහල හා දෙමළ බසින් මෛත්‍රිපාල සිරිසේන ජනපතිට ආරාධනා කළද ඉංග්‍රීසි බසින් ආරාධනා කළ නිවේදකයා ජනපති මහින්ද රාජපක්ෂට ආරාධනා කළේය. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ එම සභාවේ සිටියේද නැත.
වහාම වැරැද්ද නිවැරදි කළ නිවේදකයා යළි නිවැරදිව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ආරාධනා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනපති කිවුවහම අපිටත් තවම කියවෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ගැන තමයි (නි)
ඒ මනුස්සයට විතරක් නෙවේ අපිටත් කියවෙන්නෙ එහෙම තමයි.(ම)
මහින්ද මහතා මහා යුගපුරුෂයෙකු බවට පත්වී හමාරය. චිරන් ජයතු අප්පච්චී! සැමදා ඔබයි අපේ ජනපති.. (නි)
කවුරු මොනවා කීවත් ඉබේටම කියවෙන නම මහින්ද රාජපක්ෂ (අ)
19 දින පැවති ජනාධිපති කුසලාන වොලිබෝල් තරඟයේදීත් මේ වැඩේම වුණා. මේවා හිතාමතා කරන දේවල් නෙමෙයි. (නි)
ඇත්ත ඒක තමයි. කට බොරු කිවුවත් දිව බොරු කියන්නේ නැහැ. (ර)
ඕව ජාත්‍යන්තර කුමන්ත්‍රණ. (රේ)
කවුරු මොනවා කිවුවත් තාමත් මිනිසුන්ට ජනාධිපති මහින්ද මහතායි (නි)
මිනිසුන්ගේ හදවත් වලින් එතුමා අමතක කරන්න බැහැ. (නි)
මේවා අතපසු විම් නොව දැනුවත්ව නොදැනුවත් විදියට කරන දේවල් (ම)
කවුරු මොනවා කිවුවත් මහින්ද පරාදයි කියලා ලංකාවේ වැඩි දෙනෙක් දන්නවා. (නි)
මහාචාර්ය මහාපණ්ඩිත වීරවංශගේ වචනයෙන් නම් තවත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් (ම)
අප හදවතේ ජනපති ඔහුයි (නි)
වැඩක් කළ ජනාධිපති .(හේ)
අප්පච්චි ගැන දරුවන්ට කැක්කුමක් තිබුනා. ඒත් අප්පච්චි කළ වැරදි එයාටම පළදුන්නා (නි)
තවමත් පරාජය පිළිගන්න කැමති නැහැ ගොඩක් අය (නි)
ආයු බෝ වේවා මහරජාණනි! (නි)
ඕකනේ සැමදෙනාම "හොඳ සිහියෙන්" ඉන්න ඕනෑ කියන්නේ. (නි)
සැබෑ වීරයන් සිත් තුල සදානුස්මරණීයයි. (ර)
ගුරුන්ටත් අකුරු වරදී කියලා අපේ සිංහල භාෂාවේ කියනවනේ. (නි)
මාත් මේක බැලුව සජිවීව ඇත්තටම අත්වැරැද්දක් කියන්න බැහැ හිතා මතාම කළ දෙයක් (බ)
අවංකව හදවතේ ලියවුණ නම කියවෙන්න ඇති (නි)
සුළු අත්වැරැද්දක්. (නි)
ඔහොම පොඩි වැරදි වෙන්න පුළුවන්. (ර)
මහින්ද මහත්තයා තමයි අපේ හදවතේ ජනපති (නි)
කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැලු .... (ර)
දිව තියෙන්නෙත් කටේම තමයි, මේවගේ වැරදී වෙන්න පුළුවන් අවුරුදු ගානක් රජකම් කරපු නිසා. එත් මහින්ද කියන්නේ දුප්පතාව දුප්පත්ම කරලා දාපු මිනිහෙක්, (ස)
නිවේදක මහතාගේ වගේම අපේත් හදවතේ ලියවුණ ජනාධිපති තවමත් ඔහුයි (නි)
අපේ ජනාධිපති මහින්ද තමයි ඉතින් සුබ උපන් දිනයක් ෙව්වා ඔබ තුමාට (ම)
"රටක් වටිනා මහින්ද" (නි)
එහෙම වෙන්නේ එතුමා පඹයෙක් නොවුන නිසා. (බ)
ඒක ඇත්ත කවදාවත් අපේ හදවතේ ජනපති මහින්ද තමයි. ඡන්දේ දිනනවාට වඩා හදවත් දිනාගන්න එකයි වඩා වැදගත් වෙන්නේ (බ)
ඕක තමා සැබෑ යථාර්තය. මිනිසුන්ගේ සිත්වල තවම ජනපති ලෙස ඉන්නේ මහින්ද මහතා. අලුත් ජනපති හිටියත් නැහැ වගේ තමා දැනේනේ(රේ)
කට බොරු කිවුවත් දිව බොරු කියන්නේ නැහැ කියන්නේ ඒකයි (නි)
තවම අපිට නියම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි (නි)
ගණන් ගන්න එපා. කවුරු මොනවා කියුවත් ලාංකිකයන්ගේ හදවත් වලට කා වැදුණු නමක් නිසා වෙන්න ඇති.වසර තිහක් අප බලාපොරොත්තු වුනු දැන් කටමැත දොඩවන කිසිවෙකුට කිරීමට දහිරියක් නොතිබුන දේ ඔහු කළා (බ)
අපිට වුනත් තවම කියවෙන්නේ එහෙමයි දුටුගැමුණු පරාක්‍රමබාහු ගෙන් පස්සේ වැඩියෙන්ම කියවෙන නම (බ)
ඔය වරදින් පස්සේ නිවේදකයාට මොකද වුනේ? (ස)
හරියට නම කිව්වට ඔබට සම්මානයක් දෙන්න ඕන. (ර)
එක තමයි ඇත්ත. මිනිස්සුන්ගේ හදවතේ ඉන්නේ එකම ජනපති. ඒවා කොච්චර මොනවා කිව්වත් වෙනස් කරන්න බෑ. (ස)
අනේ සිංහලයා (බ)
ඕක තමා සැබෑ යථාර්තය. මිනිසුන්ගේ සිත්වල තවම ජනපති ලෙස ඉන්නේ මහින්ද මහතා. අලුත් ජනපති හිටියත් නැහැ වගේ තමා දැනේනේ (රේ)
වීරයන් ඡන්දවලින් නොව බිහිවන්නේ හදවත් වලින්. (ර)
රට වෙසියන් දන්නවා මහින්ද කල සේවය. ඒ නිසා ඔවුන්ගේ සිත්වල තාමත් රැදී ඉන්නේ මහින්ද රාජපක්ෂ නිසා, නොදැනීම එම නම කියවෙනවා. (ර)
ඔය වැරැද්දද අද රටේ තියෙන ප්‍රශ්නය (රේ)
මේ වගේ දේවල් මම දකින විදිහට හිත මතාම කරන වැරදි.අපේ සිංහලයන්ට තවම දුර පේනවා මදි. (අ)