(අංජුල මහික වීරරත්න)

දීපාවලී සමරු උත්සවයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

ජනාධිපති කාර්යාලය සංවිධානය කර තිබූ මෙම සැමරුම් උත්සවයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු හින්දු බැතිමතුන් වෙත සුබ පැතුම් පිරිනැමීය.

අමාත්‍යවරුන් වන ඩග්ලස් දේවානන්දා, මනූෂ නානායක්කාර, සමගි ජන බලවේගය නියෝජන කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක,ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක අකිල විරාජ් කාරියවසම්, එක්සත් ජාතික පක්ෂ මහලේකම් හිටපු අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර, හිටපු අමාත්‍යවරුන් වන දයා ගමගේ, අනෝමා ගමගේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.යෝගරාජා, කොළඹ නියෝජ්‍ය නගාරාධිපති එම්. ඉක්බාල්, කොළඹ නාගරික මන්ත්‍රීවරුන් වන ජේරාජ් විශ්ණුරාජ්, කනක රන්ජිරන් බ්‍රනවන්, දුමින්ද ආටිගල,එක්සත් ලක්වනිතා පෙරමුණේ සභාපති ශාන්තිනි කෝංගහගේ, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.