
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍ය ධුරයේ අද වැඩ බාර ගත්තේය.
ඩිජිටල් කටයුතු අමාත්‍යාංශයේදී වැඩ බාර ගැනීම සිදු කෙරෙනු අතර එහිදී අමාත්‍යංශ නිලධාරීන් අමතමින් ජනපතිවරයා පැවසූයේ දේශපාලන අධිකාරියේ සහ ඩිජිටල් තාක්ෂණවේදීන්ගේ අපේක්ෂා සමපාත වී ඇති මේ අවස්ථාවේ රට ඩිජිටල්කරණය කිරීම සඳහා සියලුම වෘත්තීයවේදීන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවයි.
ඩිජිටල්කරණය තුළින් ආර්ථික කටයුතුවල කාර්යක්ෂමතාව වැඩි කර රටේ ආර්ථිකය ඉහළ මට්ටමකට ගෙන ඒමට හැකි බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd