සිව්දින නිල සංචාරයක් සඳහා තායිලන්තයට පැමිණි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තායිලන්ත රජ පවුලේ මහා චක්රි සිරින්දෝරන් රජකුමරිය ස්රා පතුම් මාළිගාවේදී හමුවී සාකච්ඡා පැවැත්වීය.
පැයකට අධික කාලයක් සිරිසේන මහතා සහ තායිලන්ත රජ කුමරිය අදහස් හුවමාරු කරගත්හ. දෙරටේ ආගමික හා සමාජයීය සබඳතාව ශක්තිමත් කර ගැනීමටත් දෙරටේ මිත්‍රත්වය වඩාත් ශක්තිමත් කිරීම පිළිබඳවත් එහිදී දීර්ඝව සාකච්ඡා කෙරිණි.
තායිලන්ත රජකුමරිය පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයේදී අනුරාධපුරය, පොළොන්නරුව ඇතුළු ප්‍රදේශවල සිදු කළ සංචාරය පිළිබඳවත් ශ්‍රී ලංකාවේ පවතින සුන්දරත්වය පිළිබඳවත් මෙහිදී සිහිපත් කළාය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇසළ,මොනවද මේ කියන කතා? (නි)
ඔබගේ සියළු කටයුතු සාර්ථක වේවා ජනපතිතුමනි! (නි)
සමහර ප්‍රතිචාර බැලුවහම හරිම කළකිරීමක් ඇතිවෙනවා. අපේ මිනිසුන්ගේ ආකල්ප තවමත් ප්‍රාථමික මට්ටමේ තිබෙන්නේ. (නි)
මෙයා අතට අත දුන්නේ කොහොමද දන්නේ නෑ. (බ)
දෙරට අතර සබඳතා ශක්තිමත් කරගැනීම වැදගත් (නි)
මෙයත් අත් මේස් නම් දාල නෑ ...... (ම)
රට රටවල් සමඟ මෙලෙස සබඳතා තරකර ගැනීම රටේ ඉදිරි දියුණුවට බොහෝ වැදගත් (නි)
මට මොහාන් වැනි මිනිසුන්ගේ බුද්ධිය ගැන හරිම දුකයි. අපේ රටේ වාගේම අනෙක් රටවලත් එයාලට අවේණික සංස්කෘතියක් තිබෙනවා. ආචාර සමාචාර විධි තිබෙනවා. (නි)
සුබ පැතුම්! (නි)
ජොනිය බෝඩ් කරන්නේ නැතුව ආපහු අවොත් ඒ ඇති. (ම)