විදේශිය ගායකයකුගේ ප්‍රසංගයේදී ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතාට ජනපති ලෙස රටේ තරුණ තරුණියන් ගේ හැසිරිම සම්බන්ධව ප්‍රකාශයක් කිරීමට අයිතියක් ඇතැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානායක මහතා පැවැසිය.
දිවිනැගුම දෙපාර්තුමේන්තුවේ ප්‍රතිපාදන යටතේ හයලක්ෂ විසි එක්දහසක ද්‍රවයම ආධාර හා පොල් පැල යටිනුවර අඩු ආදායම් ලාභි පවුල් 38 කට බෙදා දිමේ උත්සවයකට එක්වෙමින් දිසානායක මහතා එසේ කීවේය.
‘ජනපතිතුමාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අන්තර්ජාලයේ ෆේස් බුක් වල දිගින් දිගටම මඩ ගහන්න පටන් ගත්තා. නමුත් ජනපති එහෙම ප්‍රකාශයක් කළේ කාටවත් ගහන්න හිතාගෙන නොවේ. මේ රට බෞද්ධ වැදගත් සංස්කෘතියක් තියෙන ජාතියක්. ඒ සංස්කෘතිය ආගම ජාතිය ගැන කැක්කුමක් තියන නිසයි එහෙම ප්‍රකාශයක් කළේ‘ යැයි ඒ මහතා පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප අපටම අනන්‍ය දේශීය සභ්‍යත්වයත් සමඟම ඉදිරියට ආ ප්‍රෞඪ ජාතියකි. එම සංස්කෘතියත් සමඟම රැකගෙන ආ සිරිත් විරිත් රැසකින් හෙබිවීම තුළ අන් රටවල හා සැසදීමේදී ඉහළ ගුණාත්මකබවකින් විරාජමාන වූ බව නොරහසකි. මෙවන් දෑ තුළින් එම හරයන් විනාශවීම ඉදිරි අනාගත පරපුරටද වැරදි ආදර්ශයකි. එය රාජ්‍යයේ නායකයා විසින් විවේචනය කිරීම යුතුකමකි. (නි)
ඔවු එතුමා කළ දේ හරි. මම නම් කියන්නේ එතුමා මේ රටේ මීටවැඩිය බරපතල ප්‍රශ්න වලදී කිසිම ප්‍රකාශයක් නොකළ එක තමයි වැරදි කියලා. මහ දවාලේ ඩිෆෙන්ඩර් වලින් මිනිස්සු පැහැරගෙන යන එක අපේ සංස්කෘතියට හොඳ නැති වුණාට ඒ ගැන ප්‍රකාශයක් කළේ නැහැනේ. ඒවා තමයි වැරදි. (නි)
ඔබව පත්කළේ සමාජශීලී වෙබ් අඩවි වල ඉන්න සභ්‍යත්වය දන්නා රටට ආදරය කරන තරුණ කැලය. ඔවුන් එළවුයේ රට සහ සභ්‍යත්වය විනාශ කරන නඩයයි. ඔවුන් රට විනාශ වෙන්න දෙන්නේ නැහැ. (නි)
කොහොමත් රටේ සංස්කෘතිය කන්නේ දේශපාලකයන් හා ඔවුන්ගේ වටේ රොක් වී සිටින පිරිසම තමා. මේ සිදුවුණේ එක සිද්ධියක්. නමුත් කොළඹ නගරයේ එක රැයකට මොනතරම් නම් සංස්කෘතියට එරෙහි දේවල් සිදු වෙනවද? (නි)
ජනාධිපතිතුමා තම අදහස් පළකළයුතු මීටවඩා වැදගත් කාරණා තිබෙන බව ඇත්ත. ජනාධිපතිතුමා හැමදේටම තම අදහස පළකළයුතු නැති බවත් ඇත්ත. ඒත් එතුමා තම අදහස පළකර තිබෙන්නෙ සමාජයේ අවදානය යොමුවිය යුතු දෙයක් ගැන. පිටරටින් එන ඕනෑම දෙයක් අවිචාරයෙන් පිළිගන්නා අපේ තරුණ සමාජය ඉදිරියට සුපර් ස්ටාර්ස්ලා වීදි සංචාරය කරනකොටත් ඇඳිවත ගළවා දමා ගසන්න බැරි නැහැ. (නි)
රටක පළමු පුරවැසියා ප්‍රසිද්ධියේ කරනු ලබන ප්‍රකාශ, එම රටේ අදහස ලෙස සළකනු ලබනවා. එහෙම නොවෙන්න නම් "මගේ පුද්ගලික අදහස මේකයි" කියා කිවයුතුයි. මේ ප්‍රසංගයේ සිදු වූ තිසරපට විසිකිරීමට මුලික වූ අයට හෝ ඔවුන්ගේ නොහැදියාවට දොස් නඟනවා වෙනුවට සංවිධායකයින්ට දොස්නැඟීම මම අනුමත කරන්නේ නැහැ. (නි)
අපේ මිනිසුන්ට ඕනෑම දේකට මුලට "විදේශීය" වෙන්න ඕනෑ. නැත්නම් ගතියක් නැහැ. (නි)
මේ රටේ මීටවැඩිය ලොකු ප්‍රශ්න තිබෙනවා විසඳන්න (නි)
ඔය කියන විදිහේ සංස්කෘතියක් දැන් රටේ කොහෙද තියෙන්නේ? (නි)
බොහොම හරි (නි)
ඔය සංස්කෘතිය බලාගන්න තිබුනා කොළඹ එක රැයක් වීදිවල ගතකළා නම්...... (නි)
ඔව්, සමහරුන්ට ලැජ්ජා නැතිවුණාට ලංකාවේ ඉන්න 98%කට ලැජ්ජාව තිබෙනවා. (නි)
අපිත් මේ කතාවට එකඟයි (නි)
1967දී ලග්ගල කලුපාන ප්‍රදේශයේ මහා කැලේ ඇතුළේ මායිම් පෙන්වලා, අක්කර 100 ඉඩම් බෙදාදීමේ බලපත්‍ර දුන්නේ මම මූලිකවෙලා. ඒ කාලේ මගේ වයස 23යි. රජයේ සේවයට පැමිණිලා මාස 3යි. අද කළා නම් ලොකු උත්සවයක්... (නි)
එතුමාට කොහොමත් සංස්කෘතිය,සදාචාරය ගැන හැඟීමක් තිබෙනවා (නි)
මේ කාරණය ගැන නම් හොඳින් කල්පනා කර බැලියයුතු වෙනවා (නි)
එතුමා කළදෙයින් අපේ රට තවමත් සංස්කෘතියට ගරුකරන රටක් කියලා ලොවට ඔප්පුවුණා (නි)
රටේ සංස්කෘතිය වෙනස් කරන්නේ විශේෂයෙන්ම අපි කියවන පොත්පත් සහ ජනමාධ්‍යයන්. ඒවා හරියාකාරව රටට සමාජයට වැඩක්වෙන ආකාරයට හසුරුවනවා නම් හොඳයි. (නි)
රටක සංස්කෘතිය විනාශවෙලා නම්, විනාශ වෙන්න යනවා නම් රටක නායකයෙක් ඒ පිළිබඳව අදහස් දැක්වීම නිවැරදියි. සංස්කෘතිය, ආගම නීතිගත කළනොහැකි නිසා ඒවායේ කරුණු නායකයෙකු විසින් ජනතාව වෙත කියා දියයුතුයි. නීති මාර්ගයෙන් ක්‍රියාත්මක වියහැකි දෙයට එතුමා අත නොගැසිය යුතුයි.(ඉඩම්, බලය ආදී දෑ) පූජ්‍ය පක්ෂයද මේ මොහොතේ නිවැරදි දේ වෙනුවෙන් පෙනීසිට රටක් සහ එහි දරුවන් වැටීසිටින සංස්කෘතික අගාධයෙන් මුදා ගතයුතුයි. (නි)
කාටවත් දොස් කීමෙන් පලක් නැහැ. ඔය පෙනුනෙ දැන් අපේ සස්කෘතිය. සමහරවිට මේ දරුවා පිටරට හැදුන වැඩුන ළමයෙක් වෙන්න ඇති. ජනාධිපතිතුමා ඔය තත්වය කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කළා නම් වඩාත් හොඳයි නේද? ලංකාවෙ සංස්කෘතියෙ හරස්කඩක් ඔය කරුණෙන් පෙනෙනවා කියලා මම නම් හිතන්නේ නැහැ. සමාජයේ අති පොහොසත් පන්තියක හැසිරීම පමණයි ඔය. (නි)
වෙන වැදගත් දෙයක් ඇත්තෙම නැද්ද මන්දා කතාකරන්න? (නි)
දැන් අපේ රටේ අයට තිබෙන ලොකුම ප්‍රශ්නය මේක තමයි (නි)
සංස්කෘතිය නැහැ කියනවාට වඩා තිබෙන ටික රකින්න වෙහෙසුණොත් හොඳයි නේද? (නි)
සංස්කෘතික සාරධර්ම නිර්ණායක දේශපාලන සටන්පාඨ වියයුතුද? (නි)
එතුමා කවදත් කරන්නේ හරි දේ (නි)
එතුමා කළ දෙයෙහි වැරැද්දක් මමත් දකින්නේ නැහැ (නි)
ඔව්, සමහරුන්ට ලැජ්ජා නැතිවුණාට ලංකාවේ ඉන්න 98%කට ලැජ්ජාව තිබෙනවා. ඉතිරි 2% ගැන බලාගන්න අන්තර්ජාලයට ආවොත් පුළුවන්. (නි)
අද පොල් පැල දෙන්නත් උත්සව! (නි)
ජනාධිපතිතුමාට ඇත්තටම මේ රටේ සභ්‍යත්වය ගැන හැඟීමක් තිබෙනවා (නි)
මේ රටේ බෞද්ධ රටක්. එසේ පැවසීමම ඇති. ඔබට පින්! (නි)
මම නම් කියන්නේ අර්ථවත් සංස්කෘතික සංවර්ධනයක් කළයුතු බවයි (නි)
තමන්ගෙ හමුදාපතිගෙ දුවටයි, තමන්ගෙම පුතාටයි, බෑනටයි තලන්න ඕන තැන අහක හිටපු සංවිධායකයන්ට තලල හරියනවද? (බ)