වාණිජ අගනගරය ලෙස සැලකෙන කොළඹ පිහිටි ජනාධිපති හා අගමැති කාර්යාල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු මන්දිරය සමීපයේ ඉදිකිරීමට තීරණය කර ඇතැයි මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් පැවසීය.
1978 දී ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අගනුවර ලෙස ප්‍රකාශයට පත් කරන ලද්දේ හිටපු ජනපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ පාලන සමයේය.
එළැඹෙන ජනවාරි 8 වැනිදා මහ නගර සංවර්ධනය පිළිබඳව ජනතා අදහස් විමසීමට ධවල පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවද ඇමැතිවරයා කීවේය.
ගුවන් පහසුකම් සහිත නගරයක් ලෙස කටුනායක සංවර්ධනය කිරීමටත් තීරණය කර ඇතැයිද මහරගම සිට හෝමාගම දක්වා තාක්ෂණ නගරයක් ඉදිකිරීමට යෝජිත බවත් ඉදිරි මහ නගර සංවර්ධන සැලසුම් පිළිබඳව අදහස් දක්වමින් චම්පික රණවක මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැමගේ විවේචනයට ලක් වුවත් එදා නිසරු වෙල්යායක් වූ බත්තර මුල්ල අගනුවර ලෙස සංවර්ධනය කිරීම සඳහා පර්ලිමේන්තුව ඇතුළු විවිධ රජයේ ගොඩනැගිලි නොයකුත් බාධක මැද ඉදිකිරීමට හිටපු ජනාධිපති ජේ .ආර් ජයවර්ධන මැතිදුන් ගත් පියවර බොහෝ අයට දැන් අමතක ඇතිමුත් එදා එතුමාගේ සංකල්පය දැන් ක්‍රියාත්මක කිරීමට තැත් කිරීම ඉතා හොඳය (බ)
දැනට තියෙන තැන හොඳ නැත්තේ ඇයි. ඒවා විදේශ වලට විකුණනවද .අලුතින් හදන්න සල්ලි කොහෙන්ද . කොන්ත්‍රාත්තුව දෙන්නේ කාටද .ඔය කටයුත්ත අත්‍යවශ්‍යද .රටට ප්‍රයෝජනවත් ව්‍යාපෘති කරන්න ඇමති තුමනි .නරකද දුම්රිය විදුලියෙන් දුවන්න හැදුවොත් (බ)
සල්ලි වැඩිවෙලාද ආයෙත් හදන්නේ? සියල්ලටම කලින් කොළඹ වතුර පිරෙන ඒවා හදන්න, මිනිසුන්ට පාරේ බැහැලා යන්න. ඕව හදනවාට වැඩිය තව අඩුපාඩු ගොඩයි මිනිසුන්ට (නි)
ඔය පරිපාලන කටයුතු වසන්ජයට බාර අරගෙන කරන්න බැරිද දන්නෙ නැහැ (නි)
තිබෙන ඔක්කොම කාර්යාල, දෙපාර්තමේන්තු බත්තරමුල්ලට යවා දැනට තිබෙන වාහන තදබදය තව වැඩිවුණාම ප්‍රදේශවාසී අපි පාරේ යන්නේ කොහොමද? (නි)
කිය කියා ඉඳලා නම් වැඩක් නැහැ. වැඩක් කර පෙන්විය යුතුයි (නි)
හොඳයි ඉතින් කරලා බලමුකෝ ඒකත් එහෙනම් (නි)
කුණු හැම තැනම දන එක නවත්තලා ඉන්න . නැත්නුම් කොච්චර සංවර්ධනය කළත් වැඩක් නැහැ. මුළු රටම ගඳ ගහනවා දැන්. හැම පාර ආඉනෙම කුණු පිරිලා, පාරවල් වල තණකොළ වැවිල. කතේ බැහැ (ම)
ක්‍රියාත්මක කරලාම බලමුකෝ (නි)
මමත් හිතනවා මේ අදහස හොඳයි කියලා (නි)
ඒක හොඳ අදහසක්. එතකොට කොළඹ තිබෙන තදබදය පෙනෙන්නෙත්, ඇඟට දැනෙන්නෙත් නැහැ. (නි)
අනේ ඕව හදන්න කලින් අපට උදෙය්ට කාර්යාලයට එන්න කෝච්චියක් දාල දෙන්න , කෝච්චියෙන් බහිනකොට අපේ ඇටකටු කුඩුවෙලා , හරියට මුගලන් හාමුදුරුවෝ පිරිනිවන් පනකොට වගේ .බොරු පුරාජේරු වැඩ කරන්න නොවේ අපි යහ පලනයෙට ඡන්දෙ දුන්නේ , (අ)
රජයේ සියලුම ආයතන එක නගරයක එක කිරීම එතමත් හොදයි මොකද අද වැඩක් කරගන්න ගියාම එක වැඩකට බත්තරමුල්ල අනෙකට බම්බලපිටියට තව එකකට කොටුවට මේවගේ රට පුර ඇවිදින්න ඕනේ ඒ හැම දේටම බස් වියදම් දරන්නත් ඕනේ අවශ්‍ය යටිතල පහසුකම් ඇතිකර එක තැනකට රැගෙන යාම ජනතවට මෙන්ම ආයතන ආරක්ෂාවටද ඉතමත් හොදයි අනෙක් රටවල මේ ආකාරයට කරනවා (අ)
කරනවා කියන ඒවා තවත් ඇති. කරලා පෙන්නමුකෝ (නි)
බත්තරමුල්ල තලවතුගොඩ සිට රැකියාවට කොළඹ යන එන උදවියට දෙවියන්ගේම පිහිටයි. දැනටමත් තිබෙන ඇතුල්කෝට්ටේ පාර්ලිමේන්තු මංසන්දියේ මාර්ග තදබදය ගැන දන්නේ නැතිවද මේ ඔක්කොම කාර්යාල මෙහෙට සේන්දු කරන්නේ. (ම)
කරනවා කියපුවා නම් ගොඩයි. ඒත් කරපුවා නම් තාම පෙන්න නැති තරම්. කාලය ගෙවීගෙන යනවා. ජනතාව දුක් විඳිනවා. හැකි ඉක්මනින් කරන්න පටන්ගන්න එකයි වෙන්න ඕනේ. (හේ)
ඔය හදන්න යන්නේ චන්ද්‍රිකා මැඩම්ගේ සිහින මාලිගාව.මතක නැද්ද ඔයාලට එයා ඉන්න දවස්වල කෝටි ගානක් වියදම් කරලා පුරවන්න පටන් අරන් විරෝධය නිසා නැවතුන එක? (බ)
කරනවානං ඔන්න වැඩක්. දෙමටගොඩ සිට බත්තරමුල්ලට කිලෝමීටර 7 වැඩිය නේ. පාරවල් පළල කරවට වඩා දුම්රිය මාර්ගයක් දැම්මොත් විනාඩි 15 කොටුව බත්තරමුල්ලට යන්න පුළුවන්. (ර)
දැන් රටම ස්වයංපෝෂිතයිනේ. මීටවඩා එදා ජනතාවට දුන් පොරොන්දු ඉෂ්ට කළොත් හොඳයි නේද? (නි)
අපි මාලබේ ඉදන් කොටුවට එන්න පැය 2 කට වඩා ගන්නවා. ඔක්කොටම කලින් ඒ පැත්තේ තදබදය නැති කරන්න. (ර)
අනේ ඔන්න ඔය ජනාධිපති මන්දිරේ පොළොන්නරුව පැත්තටම ගෙනියන්න බැරිද? (හේ)
ඔය මන්දිරෙන් ට්‍රැෆික් ඇති වෙන්නේ නැනේ. ඕවට ඇති පදමට වියදම් කරලනේ තියෙන්නේ. අනික ඕවා දැන්ම කරන්න ඕනේ දේවල් නෙමේනේ. කරන්න ඕනේ පොදු ප්‍රවාහන දියුණු කරන එකනේ. (ර)