ජනපති පසුගියදා පොළොන්නරුවේදී කළ ප්‍රකාශය අනුව ජනතාවට පීඩනයක් ගෙන දෙන බදු ප්‍රතිපත්ති හදන ආර්ථික විශේෂඥයන් ගෙදර යවා ලබන 2 වැනිදායින් පසු ජනතාව පිට පැටවෙන බදු බර අඩුකරන හැටි රටම බලා සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (20) බොරැල්ලේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකදී පැවසීය.
රජයේ සුරැකුම්පත් හා රාජ්‍ය ණය උපකරණවල ආයෝජනය කළ විදේශ මුදල් රැසක් විදේශිකයන් ආපසු රැගෙන ගොස් ඇති බවත් එය ඇමෙරිකා ඩොලර් බිලියන 2.8ක් පමණ වන බවත් කී මන්ත්‍රීවරයා රුපියලේ අගය එන්න එන්නම කඩා වැටෙන බවත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ඒ කලේ ආර්ථිකය ගැන කතා කරන්න රාජපක්ෂ මහත්තය ලඟට ගත්තේවත් නැ, දැන් ආයේ වීරයා වගේ කතා කරන්න පටන් අරන් (අ)
පිටරට සල්ලි කතාවත් අර ලම්බෝගිනි, බකිංහැම් අශ්වයෝ, හෙලිකොප්ටර් වගේම පචයක් බව තාම තේරෙන්නේ නැද්ද ජෝන් ළමයෝ ඔයාට.,(බ)
ප්‍රදීප් - හැමදේම හරියට කිරීම කෙසේ වෙතත් ඒකාලේ සංවර්ධනය වුණා, අාර්ථිකෙත් දියුණු වුන, මිනිසුන්ට සහනත් ලැබුන. දැන් කෝ ඒ එකක්වත්? (බ)
විදේශිකයන් ආපසු රැගෙන ගිය සල්ලි වෙනුවට අපේ ආණ්ඩුවේ අය පසුගියකලේ පිටරට බැංකුවල දාපු සල්ලි ගෙනාවනම් ප්‍රශ්නය ඉවරයිනේ (හේ)
පොළොන්නරුවේ සිංහයෙක් වගේ වුනාට දෙවෙනිදා කියයි හුටා මම දන්නේ නැතිවම වැඩිකරලා කියල. දැන් කොපමණ දේවල් එතුමා දන්නේ නැතිව වෙනවද. (බ)
මම නම් බලා ඉන්නේ 2500 නෙමෙයි 5000 ඔබතුමාගේ පවුල ජීවත් වෙන හැටි බලන්නයි (බ)
2500 ජීවත් වෙන්න පුළුවන් කියපු මහා ලොකු ආර්ථික විශේෂඥයෙක්යනේද මෙයා (බ)
හැමදේම හරියටම කරපු නියම කට්ටිය (ම)
රුපියල් දෙදාස් පන්සීයකින් පව්ලකට මාසයක් ජීවත් වෙන්න පුළුවන් කියලා කිව්ව විදියටම්ද මේවා කියන්නේ ? (ර)