බරපතල අපරාධ හා වංචා විමර්ශන පිළිබඳ ජනාධිපති කොමිසමට මහාධිකරණ විනිසුරුවරුන් පත් කිරීමේ බලයක් ජනපතිට නැති හෙයින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති එම කොමිසමට කැඳවීමට බලයක් නැතැයිද කොමිසම නීති විරෝධී යැයිද හිටපු ජනපතිගේ නීතිඥ ගාමිණී මාරපන මහතා අද (15) මූලික විරෝධතාවයක් මතු කළේය.
කොමිසමේ කිසිම කටයුත්තක් නීතියට එකඟ නැති බවත් හිටපු ජනපතිවරයා කැඳවූ ස්වාධීන රූපවාහිනී දැන්වීම් සිද්ධියේ කෙළවරක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද සිටින බවත් ඔහු කියා සිටියේය.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර මහතා පිළිතුරු දෙමින් කියා සිටියේ කොමිෂන් සභා පනත යටතේ විනිසුරුවරුන් පත් කිරීමේ බලය ජනපතිවරයාට ඇති හෙයින් මාරපන මහතාගේ මූලික විරෝධය ප්‍රතික්ෂේප කළ යුතු බවයි.
කොමිසමේ සභාපති මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඇතුළු පංච පුද්ගල කොමිසම අද හිටපු ජනපති කොමිසම හමුවට කැඳවිණි. මාරපන මහතාගේ මූලික විරෝධතාවය පිළිබඳ තීන්දුව මිනිත්තු 20කින් පමණ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති හා ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සමග කොමිසමේ නිලධරයකුගේ කාර්යාලයේ තේ බොමින් සිටිනු දක්නට ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද මහත්තයාගේ නීතිඥවරුන් කොමිසමේ නිලධාරීන් සමඟ තේ බිව්වට කමක් නැහැ. ආප්ප කෑවේ එහෙම නැහැ නේද? (නි)
අපි කවදත් මහින්ද මහත්තයා සමඟයි (නි)
බලය තිබුණත් නැතත් අපි කවදත් මහින්දට (නි)
මහින්ද මහත්තයත් මිනිහෙක් නිසා වැරදි වෙන්න ඇති. බලයට ඇති ආශාවත් මිනිස්කම නිසයි. (නි)
මිනිසෙක් වූ පමණින් රාජ්‍යය නායකයකු වැරදි කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකියි. මහින්ද හිටපු ජනපතිතුමාගේ මුලික විරෝධය ප්‍රබල තර්කයක් බව සිතේ. (බ)
මිනිසුන්ව රවටන සෙප්පඩ විජ්ජා නම් තවත් අපිට එපා (නි)
මහින්ද මහත්තයා උගත් නිතිකඥවරයෙක්. සිදුවිය යුතු දේ ගැන හොඳ වැටහීමක් ඇතිනේ. (ර)
අලුත් මෙවලම් අත්හදා බැලීමේ දෝෂ ඇතිබව පෙනේ. (ර)
අපි කවදත් රට බේරා ගත් මහින්ද සමගයි. (ර)