බරපතල වංචා හා දූෂණ විමර්ශන කොමිසමේ ප්‍රධාන පරීක්ෂක ප්‍රදීප් මෙන්ඩිස් අබේසේකර බව කියමින් කොමිසමේ තොරතුරු ලබාගැනීමට උත්සාහ කළැයි කියන 9 දෙනකුගේ දුරකථන අංක පිළිබඳව සොයා බැලීමට කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (7) අවසර දුන්නේය.
අබේසේකර මහතා කුරුඳුවත්ත පොලිසියට කළ පැමිණිල්ලක් අනුව එම දුරකථන පණිවිඩ ගැන දුරකථන සමාගම්වලින් තොරතුරු ලබාගැනීමට අවසර දුන් මහේස්ත්‍රාත් ජනවාරි 20 වැනිදාට නඩුව කල් තැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd