බරපතල දූෂණ විමර්ශනය පිළිබඳ ජනාධිපති කොමිසමේ සාමාජිකයෝ අද පස්වරු 1.30 ට පමණ ගාලු වරායට පැමිණ එහි පොලිස් අත්අඩංගුවේ පසුවන ඇවන්ගාඩ් නැවට ගොඩවූහ.
විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපතිගේ ඇවන්ගාඩ් ආරක්ෂක සමාගම ගිය රජය කාලේ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ අවි ලබාගත් බවට ජනාධිපති කොමිසම ඉදිරියේ සඳහන්වූ සාක්කිවල සත්‍යතාවය සොයා බැලීම සඳහා කොමිසම එම නැවේ අවි පිරක්සීමට තීරණය කළේය.
රක්නා ලංකා සමාගම ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශයට අයත් ආයතනයක් බවත් එම සමාගමේ අවි ආයුද ඇවන්ගාඩ් නැවේ තිබිය නොහැකි බවත් කියති.
මෙම නැවේ ටී56 අවි ඇතුළු වෙනත් අවි 815 ක් තිබූ බවද ඇතැම් අවිවල අංක මකා හෝ මැකී ඇති බවද කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd