එක්සත් ජාතින්ගේ සංවිධානයේ 70 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද සවස 4.05 ට කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියේ ය.
ජනාධිපතිවරයා රැගත් එමිරේට්ස් ගුවන්සේවයට අයත් ඊ.කේ 654 දරණ ගුවන් යානය ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයට පැමිණි මොහොතේ ඔහු පිළි ගැනීමට පැමිණි ජනතාව ප්‍රීති ඝෝෂා නැගූහ.
ජනාධිපතිවරයා පිළිගැනීමට හත්දහසකට ආසන්න ජනතාවක් කටුනායක නයිකන්දේ සහ ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තය පාර දෙපසට පැමිණ සිටියහ.
සිනහමුසු මුහුණින් ගුවන් යානයෙන් බිමට බට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහු පිළිගැනීමට පැමිණි මැති ඇමතිවරුන්ට ආචාර කිරීමෙන් අනතුරුව ජනතාවට අතරට ගියේය.
එහිදී පැමිණි පිරිස් රට යුධ අපරාධ චෝදනාවලින් ගලවා ගැනීම පිළිබඳව ස්තුතිය ජනාධිපතිවරයට පුද කරමින් ප්‍රීතා ඝෝෂා කළහ.
මෙම අවස්ථාවට චම්පික රණවක, අර්ජුන රණතුංග, එස්.බී දිසානායක, ලසන්ත අලගියවන්න, තිලංග සුමතිපාල ඇතුළු මැති ඇමතිවරුන් රැසක් පැමිණ සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මයිනෝ නැත්තේ කොහෙද..? හොඳට ඉන්න ජනාධිපති තුමාව අන්දවන්නේ අපේ පාට ගාගත්තු ජනතාවම තමයි . (අ)
බුදු සරණයි ඔබට! (නි)
ඔබ සාදරයෙන් පිළිගන්නවා (නි)
දැන් ඔබතුමා හෙමිගිට පහුගිය කාලයේ රට ට විරුද්ධව, පක්ෂව වුන දේවල් අධ්‍යයනය කර බලන්න . එකත් හැටි, මේ දෙකම එකම කාලේ වුනේ ශ්‍රී ලංකාවේ අවාසනාවට තමා . (ස)
ශ්‍රී ලංකාව ලැබූ හොඳ ජයග්‍රහණයක්. මෙහි ප්‍රතිඵල බඩු මිල අඩුකර ජනතාවටත් බෙදා දෙන්න (නි)
ඔබ රටට වාසනාවන්! (නි)
ජය වේවා! (නි)
අනික් කට්ටිය ගියානම් යන්නේ ඔහොම පිට ගුවන් සේවාවල නෙමේ හොදේ. අපේම ශ්‍රීලන්කන් එකක සේරම දාගෙන නේද, සල්ලි ගියත් සොබනේ පෙන්වන්න ඕනිනේ ඇමරිකාවට. (ර)