ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 68 වැනි උපන්දිනය වෙනුවෙන් එතුමන්ටත් ශ්‍රී ලාංකික ජනතාවටත් සෙත්පතා පිංකම් කිහිපයක්ම ලන්ඩන් නුවරදී පැවැත්විණි.
ඉන් පළමුවැන්න සංවිධානය කර තිබුනේ මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂා ශාඛාව මඟිනි.
කින්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවති එම බෝධිපුජාමය පිංකම සඳහා ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ චමින්ද කුලරත්න සහ ප්‍රදීපා සේරම් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛාවේ නිලධාරී මඬුල්ල සහ සාමාජික සාමාජිකාවන්ද විහාරස්ථ දායක දායිකාවන්ද විශාල පිරිස සහභාගී වුහ.
මෙයට අමතරව මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය මඟින් සංවිධානය කරන ලද පරිත්‍රාන ධර්ම දේශනයක් සහ හීල් දානමය පිංකමක්ද ඉරිදා රාත්‍රියේ සහ ජනාධිපති තුමන්ගේ උපන්දිනය දවසේ උදෑසන මහකොමසාරිස් කාර්යාලයේදී පවත්වනු ලැබිය.
බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක ලන්ඩන් බෞද්ධ විහාරධිපති බෝගොඩ සීලවිමල නාහිමි, ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති අග්ග මහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමි, බර්මින්හැම් බෞද්ධ මහා විහාරාධිපති විතාරන්දෙණියේ කස්සප නාහිමි ඇතුළු බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික විහාරස්ථාන බොහො ගනනක් නියෝජනය කරමින් මහා සංඝරත්නය 18 නමක් පිංකම සඳහාවැඩම කළහ.
වැඩ බලන මහකොමසාරිස් නෙවිල් ද සිල්වා ඇතුළු මහා කොමසාරිස් කාර්යාලයීය සේවක සේවිකාවන් සියලුම දෙනාත් සිංහල, දෙමල, මුස්ලිම් සහ අනෙකුත් ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක්ද එම පිංකම සඳහා සහභාගිව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ වැඩක්. කාටවත් මතක තියෙනවාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ තුමන්ගේ උපන් දිනය හෙම.(ස)
පිස්සුද? (ස)
නම ගන්න කරපු වෙඩක්,කෝ කට්ටිය (ස)
සෙනග නම් එපමණට නැහැ නේද? (නි)
එංගලන්තයේ ලංකාවේ මිනිස්සු ඇත්තෙම නැද්ද? මෙච්චරද ආවේ? (නි)
දැන් ලංකාවේ අයට එම්බසිය අරහං වෙලා වගෙයි. පැමිණ ඉන්න පිරිස දුටුවහම මට ඒ බව හිතුණා. (නි)
ලංකාවේ ඇත්තෝ ගැන නොසිතා ඔය ඇත්තොවත් පින්කම් කරගන්න. (නි)
ආ! මේ හැමදාම ෆොටෝ වලට ඉන්න කැමති කට්ටියනේ ඇවිත් ඉන්නේ.මෙච්ච්රද ආවේ? එම්බසියේම 50 විතර වැඩ කරනවනේ. (ස)
අපි මෙහෙ සීතලේ ගැහෙනවා (නි)
බලය ඇතිකොට එතනට කවුරුත් ඇබලයෝ වගේ පොරකනවා.බලය නැතිකොට කවුරුවත් නැහැ. (නි)