IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ජනපති උපන්දිනට ලන්ඩනයේත් පිංකම්

ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 68 වැනි උපන්දිනය වෙනුවෙන් එතුමන්ටත් ශ්‍රී ලාංකික ජනතාවටත් සෙත්පතා පිංකම් කිහිපයක්ම ලන්ඩන් නුවරදී පැවැත්විණි.

ඉන් පළමුවැන්න සංවිධානය කර තිබුනේ මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂා ශාඛාව මඟිනි.

කින්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවති එම බෝධිපුජාමය පිංකම සඳහා ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ චමින්ද කුලරත්න සහ ප්‍රදීපා සේරම් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛාවේ  නිලධාරී මඬුල්ල සහ සාමාජික සාමාජිකාවන්ද විහාරස්ථ දායක දායිකාවන්ද විශාල පිරිස සහභාගී වුහ.

මෙයට අමතරව මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය මඟින් සංවිධානය කරන ලද  පරිත්‍රාන ධර්ම දේශනයක් සහ හීල් දානමය පිංකමක්ද ඉරිදා රාත්‍රියේ සහ ජනාධිපති තුමන්ගේ උපන්දිනය දවසේ උදෑසන මහකොමසාරිස් කාර්යාලයේදී පවත්වනු ලැබිය. 

බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක ලන්ඩන් බෞද්ධ විහාරධිපති  බෝගොඩ සීලවිමල නාහිමි, ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති අග්ග මහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමි, බර්මින්හැම් බෞද්ධ මහා විහාරාධිපති  විතාරන්දෙණියේ කස්සප නාහිමි ඇතුළු බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික විහාරස්ථාන බොහො ගනනක් නියෝජනය කරමින් මහා සංඝරත්නය 18 නමක් පිංකම සඳහාවැඩම කළහ. 

වැඩ බලන මහකොමසාරිස් නෙවිල් ද සිල්වා ඇතුළු මහා කොමසාරිස් කාර්යාලයීය සේවක සේවිකාවන් සියලුම දෙනාත් සිංහල, දෙමල, මුස්ලිම් සහ අනෙකුත් ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක්ද එම පිංකම සඳහා සහභාගිව සිටියහ.

 

 



අදහස් (0)

ජනපති උපන්දිනට ලන්ඩනයේත් පිංකම්

ධම්ම Friday, 22 November 2013 03:16 PM

ඉතාම හොඳ වැඩක්. කාටවත් මතක තියෙනවාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ තුමන්ගේ උපන් දිනය හෙම.(ස)

:       0       0

සිරි Friday, 22 November 2013 03:21 PM

පිස්සුද? (ස)

:       0       0

ශ්‍රියාලතා Friday, 22 November 2013 03:51 PM

නම ගන්න කරපු වෙඩක්,කෝ කට්ටිය (ස)

:       0       0

කළු Friday, 22 November 2013 10:09 PM

සෙනග නම් එපමණට නැහැ නේද? (නි)

:       0       0

පුක්කුස වීරේ එඩ්මන්ටන් Friday, 22 November 2013 05:15 PM

එංගලන්තයේ ලංකාවේ මිනිස්සු ඇත්තෙම නැද්ද? මෙච්චරද ආවේ? (නි)

:       0       0

ඉඳුනිල් කින්ග්ස්බරි Friday, 22 November 2013 05:41 PM

දැන් ලංකාවේ අයට එම්බසිය අරහං වෙලා වගෙයි. පැමිණ ඉන්න පිරිස දුටුවහම මට ඒ බව හිතුණා. (නි)

:       0       0

මධු Friday, 22 November 2013 06:29 PM

ලංකාවේ ඇත්තෝ ගැන නොසිතා ඔය ඇත්තොවත් පින්කම් කරගන්න. (නි)

:       0       0

සරත්- ක්‍රොයිඩන් Friday, 22 November 2013 06:46 PM

ආ! මේ හැමදාම ෆොටෝ වලට ඉන්න කැමති කට්ටියනේ ඇවිත් ඉන්නේ.මෙච්ච්රද ආවේ? එම්බසියේම 50 විතර වැඩ කරනවනේ. (ස)

:       0       0

ඩිංගි Saturday, 23 November 2013 04:54 AM

අපි මෙහෙ සීතලේ ගැහෙනවා (නි)

:       0       0

සඳරුවන් Friday, 22 November 2013 07:45 PM

බලය ඇතිකොට එතනට කවුරුත් ඇබලයෝ වගේ පොරකනවා.බලය නැතිකොට කවුරුවත් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 639 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site