ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් දිනය (18) වෙනුවෙන් එතුමන්ටත් පොදුවේ සියලුම ශ්‍රී ලාංකික ජතාවටත් සෙත්පතා මෙම සති අන්තයේ සහ ලබන සඳුදා  පිංකම් තුනක් ලන්ඩන් නුවර දී පැවැත්වීමට යයි.

පළමු වැන්න  සෙනසුරාදා සවස ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්තානයේදී පැවැත්වේ.

මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛාව එම බෝධි පූජා පිංකම සංවිධානය කරයි.

ඉරිදා රාත්‍රී පිරිත් දේශනයක් සහ සඳුදින හීල්දානමය පිංමක් සංවිධානය කර ඇත්තේ ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය විසිනි.

මෙම පිංකම් සඳහා මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක ලන්ඩන් බෞද්ධ විහාරාධිපති  බෝගොඩ සීලවිමල නාහිමි ඇතුළුව ලන්ඩන් නුවර සහ ඒ අවට ශ්‍රී ලාංකික විහාරස්ථානයන්හි මහා සංඝ රත්නය වැඩම කරවනු ඇත. මහා කොමසාරිස් කාර්යාලය මඟින් මෙම පිංකම වාර්ෂිකව පවත්වයි.