ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීමට මහින්ද රාජපක්ෂ ජනපති මින් මද වේලාවකට පෙර කටුනායකින් නවදිල්ලිය බලා පිටත් විය.
විදේශ අමාත්‍ය ජී එල් පීරිස් හා ආමාත්‍ය අරුංගම් තොණ්ඩමන් ද ඒ අතර වූහ.
ශ්‍රී ලංකා ජනපතිට ඇරැයුම් කළැයි විරෝධය පළකරමින් තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් එම උත්සවය වර්ජනය කරන බව ඉන්දියා ආරංචි කියයි.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ජනපති ඉන්දියා උළෙලට යයි
සුරංග මුදියන්සේ Monday, 26 May 2014 04:55 PM
ආසියාවේ සාම පරවියාණෙනි ! ඔබට ජය නියතයි.(නදී)
ලලිත් - එස්.එල් Monday, 26 May 2014 07:56 AM
අපේ ජනපතිට ජයම වේවා !! (නදී)
ශාන සෞදි Monday, 26 May 2014 07:57 AM
අනේ එයාගේ වර්ජනේ. ජය ලලිතා කියන්නේ ඉන්දියාවේ ජනාදිපති නෙවේ. එයා නාවට ඒ වැඩ ඉතා හොදින් සිදුවේවි. විනගේස්වරන් හිතාගන ඇති මෝදි මහත්තයා එන්න කියල ලංකාවේ පාලනය අරන් දේවි කියලා.(නදී)
කමල් Monday, 26 May 2014 08:15 AM
ඉන්දියාව හා කලාපය ස්ථාවර වීම නොඉවසන සමහරක් බටහිර රටවල් ඇතුලු ඇමරිකාව ශ්‍රී ලංකාවේ ප්‍රශ්ණ තම්ල්නාඩුව හරහා බලපෑම් කර ඉන්දියාව අස්ථාවර කිරීමට බලාවි, පකිස්ථානය සමග හොද හිත වර්ධනයට අකුල් හෙලාවි. කලාපය සමගිවීම ඉතා වැදගත්. ඉන්දියාව අපට කොමපණ කෙණෙහිලිකම් කලත් අප ඒවා ඉවසා දමා ඉන්දියාව සමග සිටගත යුතුයි.(නදී)
ගිහාන් Monday, 26 May 2014 08:21 AM
මගේ රටේ එකම නායකයාණෙනි.! ශ්‍රී ලංකා මාතෘ භූමිය ඇතුළු කලාපිය ආරක්ෂාව වෙනුවෙන් ඉන්දියාවේ සහාය නොඅඩුව ලබා ගෙන මගේ රට ඉහළට නවා තැබීමේ හැකියාව ඇත්තේ ඔබතුමාට පමණයි. ඔබතුමාට සමස්ත ශ්‍රී ලංකික ජනතාවගේ සුභාශිංසනය හිමිවෙනවා. තෙරුවන් සරණයි. (නදී)
රොෂාන් Monday, 26 May 2014 08:44 AM
නමේ මුල් අකුර මාරු කරලවත්ද මේ උඩින් ප්‍රතිචාර දක්වල තියෙන්නෙ? (නදී)
ලුම්බිණි Monday, 26 May 2014 08:46 AM
මෙම ගමන තුලින් දැනට උතුරේ ලිය ලමින් පවතින නොසන්සුන් තාවයට පිළිතුරක් ලැබෙනවා නම් ඒක ලොකු දෙයක්. (නදී)
නිලංක Monday, 26 May 2014 09:05 AM
ජය වේවා ! (නදී)
නිශාර්ඩ් ප්‍රීනා Monday, 26 May 2014 09:11 AM
හිටපු අගමැති රජීව් ගාන්ධි මහතාගේ ඝාතනයට සම්බන්ධවූ වැරදිකරුවන් නිදහස් කර ඉන්දියාවේ ශ්‍රේස්ඨාධිකරණයේ තීන්දු හැල්ලුවට ලක්කළ සහ තමිල්නාඩුව හැර අනිත් ප්‍රාන්තවල සියලුම ජනයාගේ පිළිකුලට ලක්වුණු ඇය සහභාගී නොවීමට තීරණය කිරීම දේශහිතයිෂි සියලු ඉන්දීය ජනතාවගේ සතුටට කරුණක් වනු නොඅනුමානය. එමෙන්ම ඉන්දීය රජය තම විදේශ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට කාගෙවත් උපදෙස් හෝ අවසර උවමනා නැතිබව, ඔහු සියලුම ප්‍රාන්ත මහා ඇමතිවරුන්ට ආරම්භයේදීම පෙන්වාදීම හොඳ ස්ථාවර ගමනකට හොඳ අඩිතාලමකි.(නදී)
රූපවතී Monday, 26 May 2014 09:15 AM
අනේ හොදයි මමත් බලන් හිටියේ ජයලලිතාගේ ප්‍රතිචාරය මොන ආකාරයේද කියා දැන ගන්නයි. එයාගේ තියන මෝඩකමයි , ශරීරයේ සයිස් එකයි එකතු උනාම ලගදීම එයා පුපුරලා විනාශ වෙනවා. එයත් කොටින්ට උදව් කලේ ලංකාවෙන් කෑල්ලක් අනාගතේ කොටින්ගෙන් ඉල්ලගන්න පුළුවනි කියලයි.(නදී)
රාජපක්ෂ Monday, 26 May 2014 09:16 AM
හොද ආරම්භයක් වේවි , මම හිතන විදියට ලංකාවට හොද කාලයක් උදා වේවි, ඉන්දියාවත් අසල්වැසි රට වල උපකාර අරගෙන ආසියාවේ සමගිය සමාදානය ඇති කරන්න උත්සහ ගනීවි. මොකද මෝඩි මහත්තයා උගත් අනාගතය දකින්න පුළුවන් කෙනෙක්.(නදී)
නිලන්ත Monday, 26 May 2014 09:24 AM
ජය ලලිතා නම් කවදාවත් හැදෙන්නේ නැහැ වගේ.(නදී)
දයා අලහාකෝන් Monday, 26 May 2014 09:25 AM
සුබගමන් ජනදිපතිතුමනි..! (නදී)
පාලිත සේනාරත්න Monday, 26 May 2014 09:40 AM
දැන් මෙයා ජය ලලිතා නොවෙයි පරාජය ලලිතා (අ)
අෂේන් Monday, 26 May 2014 10:04 AM
සමහර අදහස් ගැන දුක හිතෙනවා. බැරි වෙලාවත් දකුණු ඉන්දියානු විරොදයක් ආවොත් මොධි ලංකාවේ පැත්ත ගනීද? ප්‍රබල රටවලින් බලපෑම් ආවොත් ඒවා අතහැරලා ලංකාවේ පැත්ත ගනීද ? ඉන්දියාවට ලංකාවට වඩා ඒ රටවල් වටිනවා. පොඩ්ඩක් හිතල බලන්ඩ .(අ)
ශාන්ති Monday, 26 May 2014 10:44 AM
ජයලලිතාට පේන්ඩ අපේ ජනාදිපතිතුමා ගියපු එක හොදයි. ඔබට සුබ පතමි (නදී)
භානුක Monday, 26 May 2014 10:54 AM
ජය ලලිතාට නරකද ආයෙත් පරණ නිලි ජීවිතය පටන් ගත්තොත්. දැන් නම් කෙල්ලගේ චරිතය රංග පාන්න බැහැ. ඒ වුනාට නපුරු නැන්දම්මාගේ චරිතයට නම් අගේට ගැලපෙනවා. හැරුනොත් කාට හරි බාල්දියක් පෙරලාගෙන. (නදී)
චන්දන Monday, 26 May 2014 11:04 AM
අපටත් රජෙක් ඉන්නවා කියල දැනුනේ මහින්ද මහත්තය නිසා (නදී)
නිමේෂ් Monday, 26 May 2014 11:13 AM
අපේ ජනාධිපතිට ජයවේවා! (නදී)
දයා Monday, 26 May 2014 11:26 AM
අපේ ජනාධිපති තුමාට ජයවේවා.තෙරුවන් සරණ. (අ)
මදුභාශිනි Monday, 26 May 2014 11:35 AM
ඉන්දියාවේ වර්තමාන පෙරළිය ලෙසින් හැදින්විය හැකි නරේන්ද්‍ර දමොදර්දාස් මෝඩි මහතා අද දිවුරුම් දෙමින් මහා භාරතයේ අගමැති බවට පත්වෙයි. ලෝක ජනගහනයෙන් 18% ක් වන ඉන්දියාවේ මෙන්ම ආසියාවේද බලවතා වීමේ හැකියාව ඔහු සතුව ඇත. ඒ ඔහුගේ විදේශ ප්‍රතිපත්ති මාලාව තුළිනි. ඔහුගේ දිවුරුම් දීමේ උත්සවයට ආසියානු කලාපයේ අසල්වැසි රාජ්‍යයන්ට ආරාධනය කිරීමෙන් ඔහු විසින් කලාපිය එකමුතුවක් අපේක්ෂා කරන බවක් කියවෙයි. ඉන්දීය නව අගමැතිවරයා තම රටේ ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකාව කොතරම් වැදගත් දැයි මනාව තේරුම් ගෙන ඇති බව ඔහුගේ ආරාධනයේ ස්වභාවයෙන්ම තේරුමයි. එමෙන්ම එය හොඳින් කළමනාකරණය කර ගෙන ඉන්දියාව සමග සුහද ගනුදෙනුවක යෙදීම ශ්‍රී ලංකාවේ ආරක්ෂාවටද හේතු වන්නේය. අන්‍යොන්‍ය අවබෝධයකින් යුතුව යන ගමනේදී රටේ විශාල භෞතික වෙනසකට තුඩු දෙන බොහෝ කරුණු යෙදෙනු ද ඇත. මේ අතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගොඩනැගෙන නව සම්බන්ධතාවයට බාධා කරන්නට ඉන්දියාව තුළ ම නොයෙකුත් බලවේග ඇත. ඒ තමිල්නාඩු ජයලලිතා, කොටිහිතවාදීන් ඇතුළු කණ්ඩායම් වන අතර ඉන්දියාවෙන් පිටත සිටින දෙමල ඩයස්පෝරාව, අධිරාජ්‍යවාදී යුරෝපා හවුල, ඇමෙරිකාව, කැනඩාව, එංගලන්තය සහ නොර්වේ වැනි රටවල් අප හුදකලා කරන්නට උත්සාහ කරති. ඒ වන් අවස්තාවක මෝඩි මහතාගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් පළමුව සුභ පැතු රජ්‍යනායකයා අප රටේ අතිගරු ජනාධිපතිතුමා වීම මෝඩි මහතා තුළ අප රට වෙනුවෙන් විශේෂතත්වයක් ඇතිවීමට හේතු විය. ජයලලිතා ඇති ව්ශාල බලයක් ලබාගෙන අපේ නායකයා ඉන්දියාවේ උත්සවයට ගෙන්වන්නට එපා යයි කියද්දීත්, එය තුට්ටුවකටවත් ගනං නො ගෙන අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෙන්වා ගැනීම දෙමළ ඉලාමයට ගැසූ ඇතුල් පහරක් ලෙස විග්‍රහ කළ හැකිය. එවන් මොහොතක නො බියව ඉදිරියට යන, අප රට භීෂණයෙන් මුදවාගෙන නිදහස සහ සාමය උදාකළ, අනාගතයේ මව් බිම උදෙසා ඇති විශාල සේවයක් කරන්නට කැප වී සිටින ගෞරවනීය නායකයාණෙනි, ඔබතුමාට සුභ ගමන්..,!!! (අ)
සරත් සෞදි Monday, 26 May 2014 12:07 PM
අපේ ජනාදිපතිතුට ජය වේවා බුදු සරණ ජයවේවා (අ)