මෛත්‍රීපාල සිරිසේන ජනපති නාරාහේන්පිට අභයාරාමයේ සුචරිත දහම් පාසලේ 78 වැනි සංවත්සරයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් අද සහභාගී විය. එහි කැපී පෙනෙන සිද්ධියක් වූයේ නිතරම වාගේ අභයාරාමයට යන එන මහින්ද රාජපක්ෂ හිටපු ජනපති පැමිණ නොසිටීමයි.
අභයාරාමයේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පැවසූයේ ජනපතිට ලිපියකින් පමණක් ඇරයුම් කළ බවයි. එහෙත් හිටපු ජනපතිට ඇරයුම් කළ හෝ නොකළ බවක් ඒ හිමියෝ සඳහන් කළේ නැත.
වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් කියා සිටියේ හය වැනි පැරකුම්බා රජතුමාගෙන් පසුව රට එක්සේසත් කළේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපති බවයි.
පාතාලය මර්දනය කරන ලෙස මුරුත්තෙට්ටුවේ හිමියෝ ජනපතිගෙන් ඉල්ලීමක් කළහ.
පාතාලය මර්දනය කිරීමට දැනටමත් පොලිස්පතිට හා යුදහමුදාපතිට දන්වා ඇති බව සිරිසේන ජනපති ප්‍රකාශ කළේය.
අභයාරාම ශ්‍රී සුචරිත වර්ධන දහම් පැසලට පැමිණි පළමු රාජ්‍ය නායකයා සිරිසේන ජනපති බව මුරුත්තෙට්ටුවේ හිමියෝ පැවසූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩ කතා කියන්න එපා යසපාල මහත්තයෝ. යෝෂිත එංගලන්තේ ඉඳලද යුද්ධය අවසන්කළේ? සරත් මහත්තයාගේ 30 වසරක අත්දැකීම් තමා අපිට ජය ගෙනාවේ. (නි)
දුකක් කරදරයක් වුනාම ඉස්සරත් මිනිසුන් පන්සලට රැස් වුනා (හේ)
බෞද්ධ නොවන ආගමික ස්ථාන දෙස බලන්න. ඒ කිසි තැනක දේශපාලනය නැහැ. ආගමික උත්සවයකට පැමිණීම යහපත්ය. එහෙත් අභයාරාමය මහින්දාරාමය වීම අයහපත්ය. (නි)
එදා පන්සලට එන්න නැතුව ඇති.(හේ)
මිසාබ්, කොළ පාට කණ්ණාඩි දැම්මහම නම් මටත් පෙනෙන්නේ මහින්ද බංකොළොත් වගේ (නි)
ජෝර්ජියෝ, ඇත්තටම පහුගිය තිස් අවුරුද්දක් හිටියේ කොහෙද? (නි)
මේකේ අදහස් දාපු අයගෙන් කවදාවත් ණයක් නොගත් කෙනෙක් ඉන්නවද? කරුණාකර සත්‍ය හෙළි කරන්න (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
එතුමාට වෙන වැඩක් ඇති (නි)
අනේ අපිට නම් කමක් නැහැ (නි)
2005 දීත් 2010 දීත් මහින්ද ඉල්ලනකොට ජනාධිපතිතුමා මහින්ද පිළිගන්න උත්සව සංවිධානය කළා. නමුත් අද මහින්දට එන්නවත් බැහැ. (නි)
මිසාබ්, ඔයාලා ඡන්දෙ දුන්න අයත් බංකොලොත් දේශපාලකයෝ තමයි. (නි)
එයා ඉතින් පන්සල් වේදිකාවට ඇවිල්ල බෙරිහන් දෙන්නේ තවත් සහෝදරයෝ කීපදෙනෙක් එක්කාසු කරගෙනනේ. අද පන්සලට ආවේ උතුම් වැඩකටයුත්තක් සඳහා එකතුවෙන පින්වතුන්නේ. එතනට මහින්දගේ "කටහඬ" ඕනෑ කරන්නෙ නැහැ. (නි)
හරියට ඉත්තෑවගේ ගෙදරට කබල්ලෑවා රිංගුවා වගේ. මහින්දලාගේ මෛත්‍රීලාගේ ගැටුම් බල බලා ඉන්න නොවේ අපිට ඕනෑ. අර ඡන්දෙට කලින් පොරොන්දු වෙච්ච ඒවා දෙන්න (නි)
තිස්ස, මහින්ද නෙමෙයි තීරණ ගත්තේ, සුමනේනේ (නි)
එතුමාට අාරාධනා කරන්නෙ නැතුව ඇති සමහරවිට (නි)
අනේ අපේ පන්සල් වලටත් වෙච්ච දෙයක්? (නි)
හැම නායකයාම පන්සල කරේ තියාගෙන ඉන්නේ අවසානේ රට බංකොළොත් මහ අසීලාචාර මිනිස්සු තමයි බිහි වෙන්නේ. කරුමේ තමයි අපේ මිනිස්සුන්ගේ (බ)
මහින්ද කියන්නේ උතුම්, වෙනත් අයට සමාන කරන්න බැරි මනුස්සයෙක් (නි)
ඒ කියන්නේ හිටපු ජනපතිත් යන්න එන්න ගත්තේ පරාජයවීමෙන් පසුවද? (නි)
මහින්ද මහත්තය පින් කරලා තියෙනවා .එ්කයි අවරුදු 2 කට කලින් ගෙදර ගියේ. නැත්තම් දැන් ලංකාවේ තියෙන ප්‍රශ්න හැම එකටම එතුමා මුහුණදෙන්න ඕනෙනේ .එකනේ දැන් ඉන්න අය විදවන්නේ ඉල්ලගෙන. (බ)
එතුමා එන්නෙ නැතුව ඇති (නි)
මේවා දහම් ගැට මාලාවක් වගේ (නි)
පුදුමයි ආවේ නැති එක.(හේ)
ආ ඔය ඉන්නේ අපි හොයා හොයා හිටපු මිස්ටර් අැවන්ට් ගාර්ඩ් (බ)
ජනපති එන බව දැන මහින්ද මහත්තයා එන්න නැතුව ඇති.(හේ)
මහින්ද නම් මෛත්‍රී මහතා යන එන තැනකට යන්නේ නැහැ. එ්ක අපි දන්නවා (නි)
මහින්දට එන්න බැහැ කියලා හිතෙන්න ඇති (නි)
ඇයි දන්නේ නැහැ. (නි)
මේක පන්සලක්ද ශ්‍රීලනිප කාර්යාලයක්ද කියලා දැන් හිතාගන්න බැරුවයි ඉන්නේ (නි)
යුද්ධය කෙසේවෙතත් රට ණය උගුලේ හිරකරලා රට කොල්ලකාපු එක අමතක නැහැ (නි)
සරත් කඩේ යනවා කියමුකෝ. එතකොට ගමගේ මේ කොහේ යනවද? (නි)
ඊර්ෂ්‍යාවනේ. වෙන මොකක්ද ඉතින්? (නි)
මහින්ද මහතා හැමවිටම තීරණයක් ගන්නේ ගොඩක් හිතලා (නි)
සරත්, කෙනෙක් තව කෙනෙකුට සමාන වන්නේ නැහැ කොහොමත්. එහෙම සමාන කිරීමත් වැරදි වැඩක් (නි)
අපේ ගමේ පන්සලේ දහම් පාසල් උත්සවයටත් ආරාධනා කළොත් ජනපතිතුමා නෑවිත් ඉන්න එකක් නැහැ එහෙනම් (නි)
සරත් හරි. ඒ කළා වගේ වැඩ ලංකාවේ කවුරුවත් කරලා නැහැ (නි)
සංජීව, රටේ අසරණ මිනිස්සු උපදින්න ඉන්න දරුවන් පින් කර තිබෙනවා. ඒ නිසයි අවුරුදු 2 කට කලින්ම ඒකාධිපතියෙකුගෙන් රටම නිදහස් කරගන්න ලැබුනේ. එහෙම නොවුණා නම් මේ වෙනකොට රට ඉවරයි (නි)
තවමත් කඩේ යන කවුද මේ සරත්? (නි)
තිස්ස, ඔබ හරියටම හරි. මහින්ද හොඳට තීරණය කරලා කල්පනා කරලා අවුරුදු දෙකකට කලින් ඡන්දෙ තියලා ගෙදර ගියා. (නි)
අභයාරාමය මහින්දාරාමය වෙලා තිබුනේ. දැන් නැවතත් අභයාරාමය වෙලා (නි)
එක අතකට එතුමාට එහෙම යන්න උවමනාවකුත් නැහැනේ (නි)
කලබල වෙන්න අවශ්‍ය නැහැ. ජනපති පන්සලට ගියා කියලා පන්සල ජනාධිපති මන්දිරය වෙන්නේ නැහැනේ (නි)
ජනපතිතුමාට ජය! (නි)
සෙනඟත් නැහැ වගේ (නි)
මහින්ද මහත්තයා වැදගත් වැඩකට යන්න ඇති කොහේ හරි.(හේ)
අන්න ඉන්නවලු හතරලියැද්දේ (හේ)
ඇයි පන්සල් මේ වගේ දේවල් වලට යොදාගන්නේ? (නි)
මහින්ද කියන්නේ දැන් බංකොලොත් දේශපාලකයෙක් වගේ පෙනෙන්නේ. තවම එයා ළඟ ලිපිගොනු තියෙන අයව ආරක්ෂා කරන්න හද හදා කොහොමහරි බලය ගන්න හදන්නේ. (නි)
අභයාරාමය වැනි අධි සුඛෝපභෝගී හෝටලයකට පන්සලක් කියලා කියනවනම් පන්සල් වලට මොකක්ද කියන්නේ? (ම)
මිසාබ්, ඔබ දන්නවද බංකොලොත් කියන වචනයේ තේරුම (නි)
දැන්නම් කොහේ ගියත් අපිට කමක් නැහැ (නි)
ගොඩක් අය හිතාගෙන ඉන්නේ සරත් මහත්තයා යුද්ධය අවසන් කළා කියලා. සරත් මහත්තයා හමුදාවේ හිටියේ අවුරුදු 30 ක ඉඳලා. එහෙනම් යුද්ධය ඉවර වෙන්න ඕනෑ අවුරුදු 30 කට කලින්. යෝෂිත මහතාගේ හමුදාවට එක්වීම තමා යුධ ජයග්‍රහණයට මුලික හේතුව. (නි)
මහින්ද මහත්තයාට ඕවට එන්න වෙලාවක් නැහැ (නි)
කතාවක් තියනවනේ "කලකදී වහලු කලකදී රස වෙනවලු" කියලා. නියම මිනිස්සු නම් මොන අවාසිය ආවත් ආත්මය පාවාදෙන්නේ නැහැ. එහෙම අය කීයෙන් කීදෙනාද අද ඉන්නේ. (නි)