බි‍්‍රතාන්‍යයේ පැවැත්වෙන දූෂණ විරෝධී අන්තර්ජාතික සමුළුවට සහභාගී වීමට බදාදා (11) දිවයිනෙන් පිටත්ව ගිය මෛත‍්‍රීපාල සිරිසේන ජනපති ඇතුළු දූත පිරිස බි‍්‍රතාන්‍යයේ හීත්රෝ ගුවන්තොටුපළේදී බි‍්‍රතාන්‍ය මහ රැජිනගේ විශේෂ නියෝජිතවරයෙක් වන නියෝජ්‍ය ලූතිනන් බෲස් හෝල්ඩර් සහ විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ විශේෂ නියෝජිත කැත්රින් කොල්වින් ඇතුළු පිරිසක් විසින් මහත් හරසරින් පිළිගනු ලැබූහ.
ශ‍්‍රී ලංකාවේ වැඩබලන බි‍්‍රතාන්‍ය මහකොමසාරිස් සුගීෂ්වර ගුණරත්න මහතා ඇතුළු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයන් පිරිසක් ද ජනාධිපතිතුමා පිළිගැනීමට එක්ව සිටියහ.
අද (12) ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 02.30 ට පමණ ලන්ඩන් නුවර ලැන්කාටර් හවුස් හි දී බි‍්‍රතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන දූෂණ විරෝධී අන්තර්ජාතික සමුළුව ආරම්භ කෙරෙන අතර ජනපති එහිදී සමුළුව ඇමතීමට ද නියමිතය.
මෙම සමුළුවේදී අල්ලස, දූෂණය සහ අක‍්‍රමිකතා වැළැක්වීමට නව රජය ගෙන ඇති පියවර පිළිබඳව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ලෝක නායකයින් දැනුවත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩේවිඩ් කැමරන් ට ඊයේ කට වැරදිලා ප්‍රසිද්ධියේ රැජිනට කිව්වා මේ රැස්වීමට සහභාගී වෙන ඇෆ්ගනිස්තානයයි නයිජීරියාවයි ෂෝක් එකට දුෂිතයි (ෆැන්ටාස්ටිකලි කරප්ට් ) කියලා. (බ)
අද ආණ්ඩුවේත් විපක්ෂයේත් දෙකේම දූෂිතයන් නිදැල්ලේ ඉන්න එක ගැන කනගාටුයි. අද යන්තම් බැසිල්ව අරගෙන . නමුත් කවදා දඩුවම් ලැබෙයිද කියන එක ගැටළුවක් (බ)
ලෝක දුෂන සොයන්න කලින් අපේ රටේ දුෂන ටික සොයන්න.(හේ)
ලෝකේ දුෂණය අවුස්සයි අපේ රටේ දුෂණ පල් වෙවී ගඳ ගහයි .ලෝකෙට පරගාතේ ගෙදරට මරගාතේ (බ)
මුන්නැහේ මේ සමුළුවට ගිහින් මොනවා කියන්නද ? (හේ)
අපේ ගරු ජනාධිපතිතුමාට ජය වේවා! (නි)
ඔබතුමාට අපේ සුබ පැතුම්! (නි)
බි‍්‍රතාන්‍යයේ සහ වෙනත් රටවල දූෂණවිරෝධී රැස්වීම් වල කතාකළාට, අපේ නව යහපාලන රජයේ ඉන්නේත් බහුතරයක් දූෂණ කළ සහ තවමත් කරනා අයමනේ. පැරදුන දුෂිතයන්ද නැවත ඇමතිකම් ලබා තනතුරු දරනවා. අපි කැමති කතාවට වඩා ක්‍රියාවෙන් එය කර පෙන්වනවාට (නි)
අපගේ සුබ පැතුම් ඔබ තුමාට.(හේ)
දුසන විරෝදී සමුළුව අවසන්කර ආ විගස අපේ රටේ සිදුවී ඇතයි කියන දුසන සියල්ල ට විරුද්දව කටයුතු කරාවි කියා අපි සිතමු .. (ර)
ලෝකයම පිළිගත් අපේ සරල ජනපති, ජයවේවා ඔබට! (නි)
"නයෙක්" වුනහම අවශ්‍ය වෙලාවේදී පෙනේ පුප්පල පෙන්වන්න ඕනේ මම නයෙක් කියලා. (ර)
අද කතාවෙන් පසු අපි බලපොරොත්තු වෙනවා මන්දගාමීව දුෂකයන්ට එරෙහිව ගෙනයන නඩු හැකි ඉක්මනින් ඉවරකර, මහජන මුදල් කාබාසිනියා කළ උදවියට විරුද්ධව තීරණ ගෙන, යහපාලනය කෙරෙහි කළකිරීමෙන් සිටින හැට දෙලක්ෂයක් ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කර, කටවචනයට යහපාලනයක් නොවී සැබෑම සැබෑ යහපාලනයක් ලැබෙයි කියලා (නි)
අති ගරු ජනාධිපතිතුමාට අපේ උණුසුම් සුබ පැතුම්.! (ර)
අපි මේ සැදී පැහැදී බලා ඉන්නේ එහිදී කළ කතා ටික අහන්නයි (නි)
ලෝකයේ ප්‍රභල නායකයින් පවා මෛත්‍රී මහතාට අද සළකන හැටි දැක්කහම සතුටුයි (නි)
අද ලංකාවේ හොරු නිදැල්ලේ. ඉතින් තවත් මොන දුෂණ විරෝධයක්ද? (නි)
සමුළුව අමතා දිවයිනට සැපත්වූ විගස පොලිස් පතිතුමා අමතා ලක් දෙරණේ දුසන මැඩලනු ඇතයි රට වැසියේ ඇගිලි ගනිති. (ර)
අනුන්ගේ දුෂණ වලට කලින් අපේ දුෂණ ගැන සමුළුවක් කැදවන්න. (ර)
පරීක්ෂණ කිය කියා කට්ටිය බොරුවට කල්මරනවා. ඉතින් මොන දුෂණ විරෝධයක්ද සර්? (නි)
අපේ ජනාධිපති තුමාට අපේ සුබ පැතුම්.! (ර)
ටෙලිකොම් සිරිසේනගෙන්ම පටන් ගමුද අපි? (බ)
ලංකාවට මෙවැනි සමුළුවකට අරාධනා ලැබීම සතුටට කරුණක්. (ර)
මෙතුමා මොකටද ලන්ඩන් යන්නේ උගන්ඩාවට යන්ද එපායි (ම)
ජනපතිතුමනි ඔබේ උත්සාහය සාර්ථක වේවා. දැනට පාලනයට සම්බන්ධ හා නැති සියලුම මුදල් වංචා කළ හැමෝටම දඩුවම් දෙන්න එක අපේ රට වෙනුවෙන් කරන යුතුකමක්. ඔබතුමාට පින්. (බ)
අනුන්ගේ දුෂණ කුණු සොයන්න කලින් අපේ රටේ ජනතාව බෙරිහන්දෙන දුෂණ කුණු සොයන්න ..(බ)
අපේ දුෂණ එක තැන පල්වේ අනුන්ගේ දුෂණ සොයන්නේ ඇයි (බ)