ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධුපර ජය ශ්‍රි මහා බෝධින් වහන්සේ වැදපුදා ගෙන ආශිර්වාද ලබා ගත්හ.
ජනාධිපති හා අගමැති ප්‍රමුඛ මැති ඇමැතිවරු අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන්ද බැහැදැක ආශිර්වාද ලබා ගත්හ.
උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී. බී. දිසානායක, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න, රාජ්‍ය පරිපාලන අමාත්‍ය කරු ජයසූරිය, කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර, සමාජ සේවා අමාත්‍ය පී හැරිසන්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම හා උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා ඇතුළු මැති ඇමතිවරු එම අවස්ථාවට එක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමක ජීවත් වෙන බෞද්ධයෙකුට කවදාවත් උඩ මළුවට යන්න ලැබෙන්නේ නැහැ . පුදුමේ කියන්නේ පුරාණ සිංහල රජවරු නම් හැමෝටම එක වගේ ඉඩ දුන්න. (අ)
රෝයිගේ කතාව ඉතාමත් උතුම්. එහෙත් අපි ඉපදී තිබෙන්නේ එහෙම හිතන්න පුළුවන් යුගයක නොවේ. අපේ ආගම, රට සහ ජාතිය විනාශ කරන්න රට ඇතුළෙත් පිටත් හතුරෝ. (නි)
මෙයා රට සංවර්දනය කරනවා කීවට දේවාල වල සහ පන්සල්වල තමන්ටම කරගන්නවා මිසක් රටේ මිනිස්සුන්ටවත් රටටවත් සංවර්ධනයක් ගැන කිසි කතාවක් නැහැ. ඔක්කොම සංවර්ධන කටයුතු නවත්තපු එක විතරයි කරේ. (අ)
පක්ෂ බේද නොසලකා එකාවන්ව එක්සත්ව මගේ රට දය ඉහලින්ම ඔසවා තබන්න ඔබ සැමට වාසනාව ලැබේවා ! (අ)
මහජනතාවගේ සිතුම් පැතුම් ඉටුකරන අවංක අව්‍යාජ පාලකයිනට ජනතාවගේ ආශිර්වාදය ස්වයන්ක්‍රියවම ලැබේවි. (අ)
දකුණු අතේ පිරිත් නුල්ද , දෑතේ මල්වට්ටිද තබා ගන්න දේශපාලන යුගය වෙනස් කර හදවතේ ධර්මය ජීවමානව ඇති නායකයින් සහ ජනතාවක් රටේ බිහිකළ යුතුයි.(සැ. යු. : වරදවා තේරුම් නොගන්න. ) (අ)
රෝයි නම් හරිම බුද්ධිමතෙක් බවයි පෙනෙන්නේ . (අ)
නැවත ඉපදෙන රටක, සුබ හෙටට ජය ශ්‍රී මහා බෝ සමිඳු සරණ වේවා! (නි)
නායකයෙක් දැහැමි නම් ජනතාවත් ඉබේම එහෙම වෙනවා. (නි)
රෝයි, ඔබ කියන දෙයට මම 100%ක් එකඟ වෙනවා. අතළොස්සක් හෝ ඔබ වැනි අය සිටින බව දැනගැනීමත් සතුටකි. (නි)
රෝයි කතා කරන්නේ සංවර්දනය පොඩ්ඩක් හරි ඇති රටක මිනිසුන් ගැන. එ්ත් මේක 3 වන ලෝකේ රටක් ඕවට තව ගොඩක් කල් තියේයි. (නදී)
මිනිස්සුන්ට පේන්න බොරුවට පන්සල් ගියාට වැඩක් නැහැ. ජනාධිපති හරි අගමැති වැඩ කරලා පෙන්නන්න ඕනේ. අද පන්සල් යනවා හෙට පල්ලියට යනවා රට වල පල්ලට යනවා (නදී)
මේ ශ්‍රී ලංකාදීපය බුදුදහමින් පෝෂණය වූ බුදු දහමට තෙවරක් පුජාකළ රටක්.මෙහි පාලකයින් බුදු දහම ආරක්ෂා කිරීමට නිරතුරුව කැපවී සිටියා.දළදා වහන්සේ රාජකීයත්වයේ සංකේතයයි. (නි)
අපිට නම් කවදාවත් අතීතය අමතක වෙන්නේ නැහැ (නි)
මගේ ගොඩක් අදහස් මම එවන්නේ මගේ රට මගේ ජාතිය ගැන තියෙන කැක්කුමෙන්. (නි)
ජනපතිත් අගමැතිත් රනිල්ම තමයි ?අපිට මේවා බලල හිත හදාගන්න වෙනවා? ඇත්ත තිත්තයි ? (දිල්)