(අංජුල මහික වීරරත්න)

දේශගුණික විපර්යාසවලට ප්‍රතිඵලදායක ලෙස විසඳුම් ලබාදිය හැකි රටවල් දේශගුණික ක්‍රියාකාරකම්වලට ඍජුව මැදිහත් නොවීම අනාගත මානව වර්ගයාගේ පැවැත්මට තර්ජනයක් විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

COP27 සමුළුවේ සාර්ථකත්වයට ලොකුම බාධාව දේශපාලනීකරණය සහ කල්මරමින් සිටීම බව ද ජනාධිපතිවරයා කීය.

 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ COP27 ගිවිසුම පිළිබඳ විශේෂ ප්‍රකාශයක්  කරමිනි.

මෙම සමුළුව අර්ථවත් වීමට නම්, COP 28 හි තිරසාර ප්‍රගතියක් ලබා ගත යුතු අතර එසේ නොමැති නම්, COP විසුරුවා හැරීම වඩාත් සුදුසු බවද මේ ආකාරයට පවත්වා ගෙන යා යුතු නැති බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

ඊජිප්තුවේ ෂාම් එල් ෂීක්   (Sharm El Sheikh) හිදී  පැවැත්වුණු දේශගුණික විපර්යාස පිළිබඳ COP-27 සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහතාද සහභාගී විය.