
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර දිසානායක මහතා ග්‍රීසියේ දැවැන්ත මුදල් ආයෝජනයක් කර ඇති බවට ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂක තුසිත හල්ඔලුව මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නීතිඥවරු ඊයේ (4 ) මධ්‍යම රාත්‍රියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළහ.
අදාල චෝදනා සාවද්‍ය බවත් ඒ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් අවශ්‍ය බවත් එම නීතිඥවරු කීහ.
නීතිඥ අකලංක උක්වත්ත මහතා මෙම පැමිණිල්ල ගොනු කරනු ලැබූ අතර ජනාධිපති නීතීඥ උූපුල් කුමරප්පෙරුම මහතා ද මෙම අවස්ථාවට එක් විය.
COMMENTS
ඔලුවක් නැති හල්ඔලුවට මෙදා සැරේ හොද පාඩමක් ඉගෙන ගන්න පුළුවන් වෙයි !
සුදුවෑන්, බුද්ධි අංශ එවල කරුණාවෙන් කියන එකද, නීති ක්‍රියාමාර්ග ගන්න එකද වඩා හොඳ කියල අදහස් එවන්න.
අර haloluwa කියන හාදයා ඔළුවක් නැති ගානට බැලූ බැල්මට කිසිදු වගකීමකින් තොරව කරන ප්‍රකාශයක් බව පෙනී යයි . වහා අත්අඩංගුවට ගෙන, දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කළ යුතුයි. අධිකරණ භූමියෙන් පිටතට එන සැකකරුවන්/චූදිතයන්ට තීන්දුවක් ගැන ප්‍රකාශ ලබා ගැනීම හැර වෙනත් ගැලරි චූන් වන කතා වහාම අධිකරණයෙන්ම ඇප කොන්දේසි ලෙස ඇතුලත් විය යුතුයි
ලොතරැයි මණ්ඩලයේ හිටිය කාලේ සමහරවිට ලොතරැයි මුදල් වන්චා කරලා එයාම කරපු වැඩක් ද කවුද දන්නේ පහුගිය කාලවල හිටියේ රටම කාබාසීනියා කරපු පට්ට හොරු?
උගන්ඩාවේ සල්ලි ගැනත් හොයන්න ඕනෑ එක සමාන චෝදනා දෙකක් මෙයාලා කලබල වුනාට වැඩක් නෑ මුලු රටම දන්නවා ඇත්ත.
බයවෙලත් වගෙ......
සීඅයිඩිය දාලා හොයන්නේ කොහොමද විස්තරේ දැනගත්තේ කියලා. නැතුව බොරු චෝදනාවක් නිසා වෙන්න බෑ. නැත්නම් මේ වෙනකොට අනුර චෝදනාව ප්‍රතික්ෂේප කරලා තියෙන්න ඕන. වෙස් මූණු දාගෙන ඉන්න කම්බා හොරුන්ට මේවාට උසාවි යන්නත් බෑ. ඇත්ත හෙලිවන නිසා.
අපේ අනුර සහෝදරයා. හොරෙක් නෙමෙයි කියලා රටම දන්නා එකේ මේ හලොළුව මොනවාද මේ දොඩවන්නේ..?
ඡන්ද කඩන්න ඔවුන් හැම ඔලුවක්ම දාල බලනවා.. පව් අප්පා.. ඒ්ත් ඉතින් දුක් විඳින්න වෙයි.
මේක කිව්වා කියන්නේ මංගල, මංගල මැරිලා කලක් වෙනවා, අහන්න විදියක් නැහැ. මෙයාට ඕක එළියට දාන්න හිතුණේ ලොතරැයි මණ්ඩලයේ බඩු නොදී හිටියාට චෝදනා පත්‍රය ආව නිසාද? කෝ අර මෝල්ටාවේ සල්ලි ගැන කියපු සෙට් එක..., ඊට දෙවෙනි නැහැ මේක...
අනුර ඔය ගත්ත මුදල කාගෙන් හරි අඩුවෙන්න එපායෑ, මොකද රජයෙන් හොරකම් කරන්න අවස්ථාවක් නැති බව හැමෝම දන්නවා... අනෙක සතයක් ගත්තා නම් මෙලහට එල්ලලා, පක්ෂයේ මුදල් ගන්න බැරි බව පක්ෂයේ විනය අනුව සහතික කරන්න පුළුවන්... මංකොල්ල කාලා නම් කවුරු හරි ඉදිරිපත් වෙන්න එපාද? මේවා විහිළු, තමන්ට චෝදනා එනකොට ඒක වෙනතක හරවන්න කරන බොළඳ වැඩ...
මාලිමා ආන්ඩුව විරුද්ධව කොහොම දේවල් කිව්වද? අද වෙනකම් කිසි දෙයක් ඔප්පුකරගන්න බැරිවුණා. නිකන් කයිය ගහන එක විතරමයි. හැබැයි කම්බ හොරුන්ට කඩේ යන අයට මේ පාර වැඩ වරදියි වගේ... අපි බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා නේද යෝගා...?