ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉරාන සංචාරය අවලංගු කර ඇතැයි තානාපති ආරංචි මාර්ග පවසයි.
ඉරාන රජයේ නිල ආරාධනයකට අනුව ලබන 21 වැනි දා ජනාධිපතිවරයා ඉරානයේ දෙදින නිල සංචාරයක් සඳහා පිටත්ව යෑමට නියමිතව සිටියේය.
ඉරාණ නිල සංචාරයට වෙන් කළ දිනයන්හි වෙනත් අත්‍යවශ්‍ය රාජකාරි කටයුතු යෙදීම නිසා ජනාධිපතිවරයා මෙම සංචාරය අවලංගු කරීමට තීරණය කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ ගොඩක් අය නටන්නේ ඉතින් ඉන්දියාවේ පදයටනේ.
දෙන්නම පිට ඉන්න එක සුදුසු නැති බව අත්දැකීමෙන්ම දන්නවා. දෙන්නම ඉතින් දේශපාලනේට අලුත් අය නෙමෙයිනේ. හොඳ අත්දැකීම් තියන දෙන්නෙක්නේ. (නි)
ඒක එතුමාගේ පුද්ගලික තීරණයක්නේ (නි)
විදෙස් ගමනකට දින යොදාගත්තට පස්සේ මොකක්ද අලුතෙන් යෙදුනු ඊටවඩා වැදගත් වැඩේ මේ රට ඇතුළේ. ජනතාව බොරු කියලා රවට්ටන්න හදන්න නම් එපා. (නි)
ඉරානය කියන්නේ පසුගිය යුද සමයේ අපට අඛණ්ඩව සහය දක්වපු රටක්. එරටේ ආරාධනාවක් ක්ෂණිකව ප්‍රතික්ෂේප කිරීම දුරදක්නා නායකයෙකු අතින් සිදුනොවිය යුත්තක්. අපි උත්සාහ කළයුත්තේ සෑම රටක් සමඟම සුහද සම්බන්ධතා වර්ධනය කරගන්නයි. එසේ නොකළොත් පසුගිය රජයට වෙච්ච ඉරණමම අත්වෙන්න පුළුවන්. (නි)
මේ අසීරු වෙලාවේ එතුමා මේ රටේ ඉන්න එක හොඳයි (නි)
ඇත්ත. එතුමා මේ වෙලාවේ වඩාත් අවශ්‍ය මෙහෙට (නි)
මට නම් පෙනෙන්නේ අර අනාවැකියට සමහරු හොඳටම බයවෙලා වගෙයි... (නි)
ගෙදර ගියොත් අඹු නසී.... මඟ හිටියොත් තෝ නසී... හ්ම්ම්ම්! (නි)
අර 26 වෙනිදා තිබෙන මාරකය ගැනත් හිතනවා වගෙයි (නි)
ඒක නුවණක්කාර වැඩක්. නිතරම විදේශගතවීම නිසා රටේ වැදගත් කටයුතු මඟහැරෙන බව එතුමාට අවබෝධ වෙලා තියන බවයි පෙනෙන්නේ. (නි)
හොඳ තීරණයක්. (නි)
ඇත්ත. වෙන රටවල් ගැන බලන්න කලින් මේ රටේ ප්‍රශ්න විසඳලා ඉන්න එපායැ (නි)
ට්‍රම්ප් තරහාවෙයි හොඳේ. බලාගෙන! (නි)