(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මේ රජය ඉදිරිපත් කළ අයවැය තුනෙන්ම ජනතාවට බැකෝවලින් බෙදන සංස්කෘතියක් ඇතිකළ බව ජාතික ජන බලවේගයේ   මන්‍ත්‍රිනී ගීතා හේරත්  මහත්මිය පාර්ලිමේන්තුවේදී කීවාය.

"ජනාධිපතිතුමා පැය 05ක් තිස්සේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ අයවැය පුරාම තිබුණේ සාමාන්‍ය ජනතාවට සහන ලබාදෙන හැටි. ජනතාවට කන් හැන්දෙන් බෙදලා ඉහළ පැලැන්තිය, දේශපාලන අධිකාරියට  බැකෝවලින් බෙදාගත්ත සංස්කෘතියක් තමයි  අපි  එදා දැක්කේ.

දැන් ඒ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙලා. අපි ඉදිරිපත් කරපු අයවැය තුනෙන්ම ජනතාවට බැකෝවලින් බෙදන සංස්කෘතියක් තමයි අපි  ඇතිකරලා තියෙන්නේ. අපිට ගන්න තියෙන විශ්‍රාම වැටුප පවා අහෝසි කරගෙන ජනතාවට සහන දෙන අයවැයක් අපි මෙවරත් ඉදිරිපත් කරලා තියෙනවා"