‘අපේ රටේ පොදු මහජනතාව වෙනුවෙන් ඉතා විශිෂ්ට සේවාවක් ඉටුකරන අභ්‍යන්තර කටයුතු සහ සංස්කෘතික අමාත්‍යාංශය සහ ඊට අදාළ අංශ විධිමත්ව, සැලසුම්සහගතව, කාර්යක්ෂමව සේවාවන් ඉටු කිරීම සඳහා සුහුරුපාය නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමට ලැබීම පිළිබඳව සතුටු වෙනවා‘ යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(29) බත්තරමුල්ල සුහුරුපාය නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පැවසීය.
‘ගොඩනැගිල්ල කොපමණ ලස්සන වූවත්, එහි නව තාක්ෂණික උපකරණ තිබුණත් පැමිණෙන ජනතාවට සේවය සැලසීමේදී ඔවුන්ට සතුටින්, සුහදතාවයෙන් තමන්ගේ කටයුතු සිදු කිරීමේදී තෘප්තිමත්භාවයක් ඇති වන්නේ නැතිනම් තාක්ෂණික උපකරණ, මෙවලම් කොතරම් අලූත් වූවත් අපිට සෑහීමකට පත්වීමට පුළුවන්කමක් නැහැ‘ යැයිද කී ජනපති මීට පෙර කළ යුතුව තිබූ දෙයක් ප්‍රමාද වී හෝ දැන් ඉටුකර තිබෙන බව කීවේය.
‘යුද්ධය පැවැති කාලයේදී අපේ ආරක්ෂක හමුදා වන යුධ හමුදා , නාවික, ගුවන්, පොලීසිය, සිවිල් ආරක්ෂක සේවාවන් විසින් ඉටු කළ සේවාව අතිමහත්ය. එදා ඔවුන් කළ සේවාවට සමාන විශිෂ්ට සේවාවක් මෙම දෙපාර්තමේන්තු මගින් ඉටුකළා. ඔවුන් එය කළේ, තුවක්කු හෝ උණ්ඩ භාවිතයට නොගනමින්. ඔවුන්ගේ ඒ සේවයට අවශ්‍ය නව වැඩපිළිවෙළක් අපි ක‍්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා‘ යැයිද ජනපති එහිදී සඳහන් කළේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ගැන ඔබතුමා මොකද කියන්නේ කියලත් දැනගන්න කැමතියි (නි)
ලස්සන ගොඩනැගිලි හදන්නත් නව තාක්ෂණය රටට ගෙනෙන්නත් හැකියාව තියෙන්නේ ඕනෑ (ම)
මේ වගේ ගොඩනැගිල්ලක් කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවටත් හදලා දුන්නොත් රටේ දුප්පත් අසරණ ජනතාවට කරන සේවයකි .(ම)
ගොඩනැගිලි වගේද ඔබතුමා එක්ක සමහර ඉන්න කට්ටිය. එයාලත් නවීකරණය කරන්න වෙයි හොඳ මහජන සේවයක් ලබාදීමට. (නි)
ඔක්කොම කතා විතරයි. දුකයි අපේ රට ගැන. (නි)
අවුරුද්දෙන් හදාපු ගොඩනැගිල්ලේ ලොකු (බ)
ගොඩනැගිලි ලස්සන උනත් නුනත් කමක් නැහැ . කගේ කාගේත් හිත් ලස්සන නම් එය ඉතාමත් උතුම්ය. (බ)
ලස්සන සැම දේ මොහොතට සුව දේ එහි කෙලවර දුක දේ ...(බ)