(ඩයනා උදයංගනී)
ජනතාව නොමරා මරණ අසීමිත බදු ප්‍රතිපත්තිය වෙනුවට රටේ සිදුව ඇති වංචා දූෂණ ගැන අපක්‍ෂපාතී විමර්ශනයක් කර සොරා කෑ මුදල් ජනතාවගේ අතට ලබාදීමට පියවර ගන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.
නුදුරු අනාගතයේදීම අසීමිත බදු බර නිසා ජනතාවට හුස්ම ගත නොහැකි නොමරා මැරෙන තත්වයක් ඇතිවන බව කී ජී.එල් පීරිස් මහතා බදු හැර ආදායම් සෙවිය හැකි විකල්ප නොමැති බව රජය කියමින් සිටින බව ද සඳහන් කළේය.
ජනතාව තව තව බදු බරින් මිරිකීම වෙනුවට ජනතාවගෙන් සොරා කෑ මුදල් යළි මහා භාණ්ඩාගාරයට ලබාගැනීම ආදී ආදායම් ලබාගත හැකි ක්‍රම සම්බන්ධයෙන් රජය ගැඹුරින් සිතාබැලිය යුතු බව ද මන්ත්‍රීවරයා කීවේය.
මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද (7) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඩොලර් 179 බැගින් ගත හැකි ගල් අඟුරු මෙටි්‍රක් ටොන් එකක් ඩොලර් 284 බැගින් වන පරිදි ටොන් ලක්‍ෂ 63ක් ගෙන්වා ඇති බව විගණන වාර්තාවකින් හෙළි වී ඇති බව ලංකාදීප ඉකුත් 12 වැනිදා පුවත්පතේත්, අලුත් කැලණි පාලම හා අතුරුගිරිය අතර අධිවේග මාර්ගය සම්බන්ධයෙන් දූෂිත ගණුදෙනුවක් ඇති බවත් ඉන් කෝටි ගණනක් රටට අහිමි වී ඇති බවත් සන්ඩේ ටයිම්ස් පුවත්පතේත් වාර්තා කර තිබූ බව කී මන්ත්‍රීවරයා මේවා සම්බන්ධයෙන් ජනතා විශ්වාසය දිනාගත හැකි අපක්‍ෂපාතී විමර්ශනයක් පවත්වා සොරා කෑ මුදල් ජනතාව අතට යළි ලබාදිය යුතු බවත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ජෝකර් අංකල්.... ඔක්කොටම කලින් නාකි මයිනයි, කපුටා හිට්ද ප්ලේන් හොරකම් කරපු සල්ලි සහ කතරගම දේවාලයෙන් හොරකම් කරපු සල්ලී ආපහු අරන් දෙන්න ප්ලීස්.....
මේ මහත්තයා අටවා ගත්තු පක්ෂයේ බොහෝ දෙනෙකුට නේද ඔය කියන " වංචා දුෂණ සහ මහජන මුදල් කොල්ලකෑම්" ගැන වැඩිපුරම චෝදනා තියෙන්නේ? මොකද දන්නේ නෑ මේ හිටපුගමන් ඒගොල්ලෝ ගැන පරීක්ෂණ පවත්වන්න කියල කියන්න හිතුනේ.
කොහෙද සහ කවදද ජී එල් එහම ජනතා මුදල් සොරා කෑවේ? මෙච්චර කල් රාජපක්ෂලාගේ හොරකම වහන්න මාද්‍ය ඉදිරියට එවින් උපරිම කඩේ ගියා. මෙයා වගේ කබර කට තියන මිනුස්සු ඉන්න කල්, මේ රට හදන්න බැහැ.
බයි වහලුන්ට මේවා කියලා තේරෙන්නේ නැහැ. දැන් ඔබතුමාටත් බනී ඇත්ත කිව්වට.
නීතිය පිලිබඳ මහාචාර්යවරයෙක්, වසර ගණනාවක් ආණ්ඩු ගණනාවක ඇමතිකම් දැරුවා. දැන් අපිද ඔය නීති ගේන්න ඕනේ. දැන්වත් පව් නොදී ගෙදරට වෙලා හිටියොත් හොඳයී අනුන්ගේ පශ්චාත් භාග පොලිෂ් නොකර.
එදා පොහොට්ටුවන්ගේ සපත්තු ලෙවකාපු GLP අද හොරු අල්ලන්න දඟලනවා.
මහාචාර්යතුමා පවුල් පාලන ආණ්ඩුව කාලේ ඇමතිකම් දරණකොට හොරු කවුද කියලා දන්නෙම නැහැ. බබා.
පක්ෂත් පිහිටවල මහා පරිමාන දුෂණ වංචා යටගහපු උගත් මහතාව පලමුවෙන්ව ඇතුලට දාන්න ඕන . ලැජ්ජාවක් නැතුව කතා කරන හැටි , කතා කරන්න තිබුනේ ඇතුලේ ඉඳගෙන .
දැන් ඔය කියන මහජන මුදල් මංකොල්ලා කන වෙලාවේ ඔයේ කොහෙද හිටියේ? මයිනගේ සපත්තුව යටනේද? එතකොට ඒවා වැදියි කියලා පාරට එන්න කොන්දක් තිබුණේ නැද්ද? කවුරු හරි විටමින් ඉංජෙක්ෂන් එකක් ගැහුවද හදිසියෙම කට පණ ඇවිල්ලා තියෙන්නේ? හරිම බබා ඉතින්.