මේ අහිංසක මිනිස්සු උද්ඝෝෂණය කළේ සාධාරණ හේතුවකට. ජලය නැති ජීවත් වන් අප කාටවත් බැහැ. එම ඉල්ලීමට පිළිතුරු දුන් අයුරු ප්‍රජාතන්ත්‍ර විරෝධී බවයි මගේ හැඟිම. මෙම ඉල්ලීම්වලට සාධාරණයක් ලබා දෙන්න අපි හැමෝම එකමුතු විය යුතු යැයි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්ත මන්ත්‍රි රුවන් විජයවර්ධන මහතා ගම්පහ රෝහලේ දී පැවැසීය. විරෝධතා වට එල්ල වූ ප්‍රහාරයෙන් තුවාල ලබා ගම්පහ රෝහල් ගත කර සිටින තුවල කරුවන් හා ඔවුන්ගේ ඥාතීන් හමුවේ මන්ත්‍රීවරයා එසේ කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගණන් ගන්න එපා මල්ලි. ඕවා සුළු දේවල්නේ. (නි)
දැන් හැමෝම මේ අහිංසක මිනිස්සුන්ගේ දුක සැප බලන්න පෝලිමේ එයි, පැමිණ යයි. අහිංසක මිනිස්සුන්ට වෙන්නේ වස මිශ්‍ර වතුර බොන්න තමයි. සරත් මහත්තයා නින්දෙන් නැගිටලාද ඔය ප්‍රශ්නේ ඇහුවේ? (නි)
මේ ප්‍රශ්නය ඇති වෙන්න කලින් නේද මහත්තයෝ එන්න තිබ්බේ (දී)
ලංකාවේ නීතියක් තියෙනවාද (දී)
අපේ අනාගතය දැක ගත්තාද ?? (දී)
උගන්ඩාවේ එක් පන්සලක් ඉදිකළ පළියට කෝටි ගණන් දී පිරිසිදු පානීය ජල ව්‍යාපෘති හදන අපි මෙතරම් පන්සල් තිබෙන මේ රටේ ජනතාවට කුඩම්මාගේ සැළකිලි ඇයි? (නි)
බොරදියේ මාළු ගොඩයි
මිනිසුන් පදිංචි ප්‍රදේශයක මෙවැනි රසායනික කර්මාන්ත ශාලා පිහිටුවීම වෙන රටවල් වල නම් අනුමත කරන්නේ නැහැ. ලංකාව ආසියාවේ ආශ්චර්යය නිසා වෙන්න ඇති. කාට කියන්නද? (නි)
බල්ලන් බළලුන් වගේ ඔබේ අහිංසක ජනතාව මැරීම නැවත්වීම කෙරෙහි දිවස් කරුණාව යොමු කලයුතු කාලය පැමිණ ඇති බව ගෞරව බුහුමනින් යුතුව දන්වා සිටින්නෙමි. (අ)
අනේ මන්ත්‍රී තුමෝ දැන් කිබුල් කදුළු හෙලන්න්න එපා . බොරුවට .
මෙච්චර කල් කොහෙද ඔබතුමා ගිහින් හිටියේ (දී)
මන්ත්‍රී තුමනි, බියගම කලාපයේ රබර් අත්වැසුම් කර්මාන්ත ශාලා වලත් මෙහෙමද කියලා බැලුවොත් හොඳයි නේද? අබලි රබර් ග්ලවුස් තොග ගෙනියන වෙළදුන් විකිණිය හැකි ඒවා විකුණා ඉතිරි විෂ සහිත රබර් අත්වැසුම් කැබලි ගමේ පාලු වතුවලට , පුරන් කුඹුරු වලට ,ඇළ මාර්ග වලට හොර රහසේ ගෙනගොස් දානවා. මෙයින් මේ ප්‍රදේශයේ ජනතාවටත් ජලය විෂවීමේ ප්‍රශ්නයක් එන්නත් බැරි නැහැ. මල්වාන, වල්ගම,යබරලුව,වෑකන්ද ගම උලහිටිවල, කලුකොන්දයව, දෙකටන ගම්වල මෙම විෂ රබර් අත්වැසුම් තෝරන වැඩපළවල් පරිසර නීතිය උල්ලංගනය කරමින් පවත්වාගෙන යනවා. මේවා ගැන හොයන්න අදාළ බලධාරීන් දැනුවත් කරන්න.බියගම ප්‍රදේශයේ ළිං වල ජලය පරීක්ෂා කරවන්න. (නි)
අහිංසක මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට විසදුමක් දෙන්න බැරිද (දී)
මහත්තයා මේ මොනවාද කියන්නේ නිදාගෙන ඇහැරලා වගේ (දී)
අහිංසක මිනිස්සු ඉල්ලුවේ පිරිසිදු වතුර, වතුර ඉල්ලපු සිංහල මිනිස්සුන්ට සලකපු විදිහ නින්දිතයි (දී)
දේශපාලන වාසි ගන්න හිතන්නවත් එපා (දී)
විසදුමක් දෙන්න පමා උනා.. එකයි මේක මෙච්චර දුරදිග ගියේ..(දී)
ජනතාවට අවශ්‍ය වෙලාවට විසදුම් දෙන්න (දී)
කැත වැඩක්නේ හමුදාවත් කළේ. හමුදාව එල්ටීටී එකෙන් බැට කනකොට ලේ ටික පවා දුන්නේ අහිංසක මිනිස්සු. (නි)
අනිවාර්යයෙන්ම මෙයාලට කතිරේ ගහන්න. වල දුටු කල වල ඉහගැනීම නරක පුරුද්දක් නෙමෙයි මේ අයට.(ස)
අතට අත දුන්නාම ඔක්කොම හරිද මහත්තයෝ
විපක්ෂය දුරුවලයි
රුවන් කියන්නෙ හොඳ කෙනෙක්. අනිත් අයට වගේ හොරකම් කරල සල්ලි හොයන්න අවශ්‍යතාවක් ඔහුට නෑ.(ස)
මේ මන්ත්‍රීතුමා මොන පක්ෂයේද? (නි)
සිවිල් ජනතාව පාලනයට හමුදාව යෙදවීම කිසිසේත්ම අනුමත කල නොහැකියි. මට හිතෙන්නේ ආන්ඩුවේ අයටත් දැන් මේ ආන්ඩුව ඇති වෙලා වගේ. විවිධ මති මතාන්තර තියෙන අය ආන්ඩුවට බාගෙන පාර්ලිමේන්තුවේ ඔලු ගෙඩි ගාන වැඩිකර ගත්තත් ඒ නිසාම ආන්ඩුව අස්ථාර වෙන ප්‍රවනතාවයත් වැඩි වෙන්න පුළුවන්. (දී)
කෝ අපේ වග කිවයුත්තෝ කතා නැද්ද .?
හමුදා සොල්දාදුවනි, ඔබලා බිම්බෝම්බ වලින්, තුවක්කු පහරෙන්, බිම වැටෙද්දී බෝදි පුජා තබමින් ලේ දන්දෙමින් ඔබලාට ආදරේ කළේ මේ අහිංසක මිනිසුන් බව අමතකද? මේ අහිංසකයන් පාරට බැස්සේ පැජරෝවත්, මහා මාලිගා, ඉල්ලලාවත් නෙමෙයි. පිපාසයට බොන වතුර ටික වෙනුවෙන්.(ස)
ප්‍රශ්නයට විසදුම් සොයන්නට එන්නේ මිනිස්සු මියගොස් තුවාල වුණාට පස්සෙද? රෝහලට එන්න පෙරත් මේ අසරණ මිනිසුන් සමග එකතු වෙන්න තිබුනා නේද? (නි)
මේ සැබෑ වෙන්නේ කොසොල් රජු දුටු සිහින 16 නොවේද? (ස)
මේ වගේ සුළුදේකට ඇයි මේ ලංකාවෙ ඉන්න උගත් බුද්ධිමත් ජනතාව කලබල වෙන්නේ? (නි)
කියන්නත් දෙයක්ද මහත්තයෝ (දී)
හමුදාවට පෙට්‍රල් බෝම්බ වලින් ගැහුවේ සාමාන්‍ය ජනතාව වෙන්න බැහැ. සිද්ධිය වුණ දවසේ කිව්ව සටන් පාඨත් වෙනදා වගේ නොවෙයි. මට නම් හිතෙන්නේ සංවිධානාත්මක කණ්ඩායමක් රතුපස්වල මිනිස්සු විතරක් නොවෙයි මුළු රටම වැරදි පාරක යවනවා. හැබැයි මේකේ ඇත්ත නැත්ත හොයන එක ආණ්ඩුවේ වගකීම. (නි)
ඔය මන්ත්‍රීතුමා මෙච්චර කල් එතකොට කොහෙද හිටියේ? ගමේ මෙහෙම ප්‍රශ්නයක් තිබෙන බව කලින් දැනගෙන හිටියේ නැද්ද? (නි)
ලංකාවේ යුද්දය ඉවර කල දවස් වල මොවුන් දෙවිවරු සේ පෙනුනා (දී)
ඔබ ප්‍රමාද වැඩියි
මේක ජාත්‍යන්තරය දකින්නේ මොන විදිහටද (දී)
වතුර ප්‍රශ්නය බරපතලයී මතකද මාවිල්ලාරු සිද්දිය කොටි නැති කරන්න මග පාදුවෙත් වතුර ප්‍රශ්නයක් රජය වට්ටන්නත්රජය වට්ටන්නත් සමහර විට මේක අවස්තාවක් විය හැකි (දී)
හමුදාවට අපේ තිබුණූ ගෞරවය අදින් පස්සේ අවසානයි (නි)
ඒ මිනිස්සු වැරදි නෑ...
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයෙන් පැමිණ අපේ රටේ මානව හිමිකම් ගැන බැලුවොත් මොන වගේ තත්ත්වයක්ද උදා වෙන්නේ? (නි)
ඔන්න පළමුවැනි දේවදුතයා පැමිණියා (නි)
තමන්ගේ අයිතිවාසිකම් ලබාගන්න තව කට්ටියකගේ අයිතිවාසිකම් නැති කරපු එකනම් වැරදියි. (නි)
මිනිස්සු පාරට බැහැලා උද්ගෝෂණය කරන්නේ ප්‍රශ්නය හුඟාක් බරපතල් නිසා. නැතුව නිකන් ඉන්ට බැරුවට කෙගහනවා නොවෙයි. කියන එක වග කිවයුත්තන් තේරුම් ගත්තොත් හොඳයි.
මෙතැනදී හමුදාවට බනින්න එපා (දී)
ඒ ජනතාව ඉල්ලුවේ ඒ මිනිස්සුන්ගේ මුලික අයිතිවාසිකමක් (දී)
කොහොම වුණත් මේ ප්‍රශ්නය විසදන්න වගකිවයුත්තන් මැදිහත්වීම ප්‍රමාණවත් නොවුණා කියන එක මගෙත් හැගීමක්. මේක කම්හලේම ප්‍රශ්නයක් කියලා තාම ඔප්පු වෙලත් නැහැ.මේ තරම් ප්‍රදේශයක භූගත ජලය අපිරිසිදු වීම මේ කම්හලෙන් වෙනවා කියලා විශ්වාස කරන්නත් බැහැ.මොන යම් හෝ පිළිගත් ක්‍රමවේදයක් තිබෙන්න ඇතිනේ පරිසරයට වෙන හානිය අවම කරන්න. නිකම්ම කම්හලක් ගොඩ නගන්නේ නැහැනේ.රජයෙන් කුමක් හෝ සාධාරන විසදුමක් ලැබෙන බව දැන දැනත් ඊයේ මේ අය පාර හරස් කළේ ඇයි? අදහස් දමන කට්ටිය කියන විදියට මේ ආදර්ශය දිගටම ගෙනියන්න දුන්නා නම් පාරවල් හැමදාටම උද්ගෝෂණ වලට බදු දීලා අපි හැමෝටම ගෙවල් වලට වෙලා තමයි ඉන්න වෙන්නේ. (නි)
මේ දේශපාලකයන්ට තිබුණේ පානීය ජලය පිළිබඳ ප්‍රශ්නය නල ව්‍යාපෘතියක් මගින් විසඳන්න. ලබුගම කලටුවවේ සිට කොපමණ දුරකට වතුර බෙදා දෙනවාද? වැලිවේරිය කියන්නේ වතුර දෙන්න නොහැකි තරම් දුරක තිබෙන ගමක් නොවෙයිනේ. කර්මාන්ත ශාලාවට කරන දේ දෙවනුව හිතන්න පුළුවන්. (නි)
රටේ අනාගත නායකත්වයකට සුදුසුකම් සපුරමින් සිටින තරුණයෙක්. ඔහු ඇත්තෙන්ම වැදගත් (නි)
රතුපස්වල කියන්නේ පොළොවේ යකඩ වැඩි නිසා.කබොක් ගල් ඔය පැත්තේ බහුලව ඇති.ලංකාවේ තව අත් වැසුම් කම්හල් තිබෙනවා. කෝ ඔය ගැටළු? කොහොම හරි වතුර මිනිසාගේ මූලික අවශ්‍යතාවයක්. දේශපාලකයෝ වගකියන්න ඕනෑ මේවට. දැන් බලන්න සබරගමුව මායිමේ තිබෙන කලටුවාව වැවෙන් කොළඹට වතුර දෙනවා. ලගම තිබෙන ඇහැලියගොඩ නගරයට පිරිසිදු වතුර නැහැ. නළ ජලය අපිරිසිදුයි කියල හැමෝම දන්නවා. එහෙත් ඉවසනවා. (නි)
ඔය වගේ සමාජ ගැටළු විසඳන්නේ මර්දනයෙන් නම් ප්‍රජාතන්තවාදී රටක් වෙන්නේ කොහොමද? හමුදා මර්දනයකට එන්න ලෝක ප්‍රජාව පිළිගත් ක්‍රමවේදයක් තියෙනවා.සිද්ධ වෙන්නේ මොනවද කියලා පේනවනේ. (නි)
මම හිතනවා එතුමා මේ ප්‍රශ්නයේදී මැදිහත් වුණා මදි කියලා. තම ප්‍රදේශයේ ජනතාවට වන අසාධාරනකම් ගැන මීට වැඩියෙන් මැදිහත් විය යුතුයි (නි)
මේක මොකක්ද? මේ ගැන වැඩිය හිතන්න එපා (නි)
ඔලුව නැති මිනිස්සු අතීතය අමතක කරලා ලබන වතාවෙත් ඔය කට්ටියවම පත්කර ගන්න.එතකොට කන්න වෙන්නේ වෙඩි නොවෙයි... (නි)
අනේ රුවන් මහත්තයෝ, ඔය ගම් ටිකට නළ ජලය හරි දෙන්නකෝ. ඔය කම්හල වැසුනත් වතුර නම් හොද වෙන එකක් නැහැ. (නි)
දැන් ඔක්කොම හරිනේ ඉතින් (නි)
ජනාධිපතිතුමනි, ඔබ කොහෙද? මිනිස්සු මැරෙන්න බය නැහැ අසාධාරණය වෙනුවෙන් (නි)
කෝ අපේ පාලකයෝ
සිවිල් ජනතාවට උණ්ඩයෙන් පිළිතුරු දෙන්න එපා.මොකද අපේ රටේ යුද්ධය වෙලාවේ හමුදාවට ශක්තියක් වෙලා ඔවුන්ගේ පිටුපසින් සිටියේ මේ වීර ජනතාවයි.එය කිසිදිනක අමතක කරන්න එපා (නි)
අපි යළිත් අපේ හමුදාවට සෙත් පතමු. මෙම ක්‍රියාවට අනුබල දුන්නවුන්ට කල්පයක් ආයු පතමු. ඊට දේශපාලන නායකත්වය සැපයූ අය සියල්ල සියළු මැතිවරණ වලින් බලයට පත්කරමු (නි)
දැන් ඔක්කොම හරි. එයා කැළණියෙන්-මෙයා ගම්පහින්. දවස් කීයක් ගියාද මේ ප්‍රශ්නය ගැන දැනගන්න? මනිස්සු මැරෙනකන්, තුවාල වෙනකම්ම හිටියද? (නි)
ඇසල තමුසේ කියනවකො එහෙනම් හරියට උද්ගෝෂණය හැටි (දී)
ඔක්කොම යුද්දෙට ගිය අය නෙවෙයි නේ.යුද්දෙන් පිට කොළඹට වෙලා හිටපු අය සාමාන්‍ය මිනිස්සු ගැන හිතන්නේ නැ. එසේ නැත්නම් මේ අය ඒ මිනිස්සුන්ට සලකපු විදිය ගැන පිට රට මිනිස්සු දැක්කොත්
අවාසනාවන්ත සිදුවීමක්
මේවා ඔක්කොටම වගකියන්න ඕන නූගත් දේශපාලනුවෝ තමයි. (ස)
මෙයා එවුවේ කවුද දන්නවාද
ඔන්න ඔහොම තම ලකුණු දාගන්නේ. රටට හෙන ගැහුවත් කමක් නැහැ. ලකුණු වැටෙනවනේ දැන්. ඔය ප්‍රශ්නේ විසදුවනම් මුලින්ම හරිනේ. මිනිස්සුන්ට නරක ආදර්ශ නොදී.(ස)
ඔය සිංහල ජාතික හමුදාවට මෙහෙම කරන්න අණ දුන්නේ කවුද? (නි)
විසදුම් නොදී මෙහෙම ජන මර්දනය කළාට හරියන්නේ නැහැනේ. (නි)
රට යන්නේ උඩුගම් බලා (දී)
බන්දුල වගේ කට්ටිය රට කරන්න ගිය නිසා තමයි ඔහොම වෙන්නේ
උද්ගෝෂණය කරනවා කියන්නේ පොලිසි වලට, හමුදා වලට ගල් ගහනවටද? පාරවල් වහගෙන අහිංසක මිනුසුන්ව රස්තියාදු කරනවටද? එහෙම අයට නම් හමුදාවෙන් ගහලා එලෙව්වට කමක් නැහැ. (නි)
ලංකාවේ සදාචාරය අනේ අතට තමයි යන්නේ
මමනම් මේ සැමදෙයක්ම කියෙව්වේ හරිම හිරිකිතයකින් ..? මිනිසුන්ට බොන්න වතුර ටිකක් දෙනවා කියන්නේ නිවන්දකින්න පිනක් කරගත්තා හා සමානයි..? (දී)
වෙලාවට වතුර නැති වුණේ. නැත්නම් මෙතුමලාට ජනතාව අතරට යන්න හේතුවකුත් නැහැනේ.හැමදේම වෙන්නේ අන්තිමට ජනතාවගේ අවාසියටමයි (නි)
බොරු සෝබන කතා. එයාල බලයේ හිටියත් ඔය ටිකම තමා. විරෝදතා වලට මමනම් අකමැති. ඒවා ජන ජීවිතය තවත් අඩාල කරනවා.දේසපාලන කුමන්ත්‍රණ . (අ)
මොනවා වුණත් මර්වින් විතරයි මිනිස්සු වෙනුවෙන් ආවේ (නි)
සාධාරණයි ඒ උනාට දැන් වැඩේ වෙලා ඉවරයි
ඉල්ලීම් සාධාරන එක ඇත්ත. නමුත් පොලිසියට හමුදාවට ගල්, පොලු මුගුරු වලින් ගහන එක සාධාරණද? කිසිම දෙයක් වෙන්නේ නැහැ හරියට උද්ගෝෂණය කළා නම්. (නි)
පාර අවහිර කරපු එක නම් වැරදියි තමයි. ඒත් ඊට වඩා මේ මිනිසුන්ගේ ප්‍රශ්නය විශාලයි. මිනිසුන්ට මෙවැනි ඉල්ලීමක් කරන්න ඒවාට ඇහුම්කන් දෙන්න අද පාලකයින්ට නොහැකි වුණේ මන්ද? මොවුන් බලයට පත් කර අප බලාපොරොත්තු වන්නේ මොනවාද? පාලකයින්ට හැම පහසුකමක්ම පාහේ නොමිලේම ලැබෙනවා. මොහුන් බලයට පත්වෙද්දී පවසන සුරංගනා ලෝකය කෝ? වැඩිකල් නොගොස් මිනිසුන් සේරම පාරට බසීවි මෙවැනි ක්‍රියා හෙලා දැකීමට. අපේ මේ පුංචි ලස්සන රට මිහිපිට අපායක් නොකරනු මැන. මතක තබාගන්න , සාමාන්‍ය මිනිසාගේ ශක්තියෙන් කළ නොහැක්කක් නොමැති බව (නි)
රබර් ග්ලවුස් නිෂ්පාදන කම්හල් තිබෙන හැම ස්ථානයක්ම පරීක්ෂා කර බැලිය යුතු කාලය එළඹ ඇතෙයි සිතනවා. ඔය කවුරුත් නිසි විධියට අප ජලය පිට කරන්නේ නැහැ. එයාගේ වියදම් අඩුකර ගන්න කටයුතු කරනවා. බියගම, මල්වාන පැත්තේ ඉවත දමන රබර් ග්ලවුස් පාලු වතුවල ගොඩ ගසා මදුරුවන් බෝවන ස්ථාන හදනවා. මේවා බලන්න කෙනෙක් නැහැ. (නදී)
දැන් ඒ ගැන කතාකරලා වැඩක් නැහැ
කුඩු මුදලාලිලාට, සල්ලි කාර මහ කොටින්ට උපරිම සැප සමග ආරක්ෂාව. බොන්න වතුර ඉල්ලන අහිංසක ජනතාවට වෙඩි ප්‍රහාර නියමයි. (නදී)
සාධාරනයි කල වැඩේ තමයි කැත
අපේ හමුදාවේ කොල්ලන්ට අපි වැන්දේ නැති ටික විතරයි. අපි ඔබට සදා නය ගැතියි. උඹලා වෙනුවෙන් අපිට එදා කරන්න පුළුවන් උනේ බෝධි පුජාවක් තියල, ලේ ටිකක් දන් දීල බලාගෙන ඉන්න එක විතරයි. මේ සුකර දේශ පාළුවන්ගේ ගැට වලට අහුවෙන්න එපා. මිනිස්සුන්ට ගැහුවා, පාර සුද්ද කරලා දුන්නා. එත් ඒ මිනිස්සුන්ගේ වතුර ටික. තාම ප්‍රශ්නේ එතනමයි නේද. මේකද අපේ දරුවන්ට දෙන පැහැබර අනාගතය.
ඉඹුල්ගොඩ වතුරෙත් අම්ල ගතිය වැඩියි. පී.එච්. ගතිය අඩුයි. ඒක මම හිතන්නේ මේ පැත්තේ වතුරේ හැටි (නි)
ඇසළ , ඔහේගේ දරුවන්ට ඇසිඩ් වතුර බොන්න සිද්ධ වුනානම් ඔහෙට තේරේවි. (නි)
ඒක වහලා කොහොමද? වතුර බොන්න බැරි නම් ළිං ටික වහන්න. රණවිරුවෝ කරන්නේ කියන දේ. බනින්න එපා ඔවුන්ට (නි)
මෙතුමා හරි විදියට විපක්ෂයේ කටයුතු කළා නම් ඔය කම්හල ගැන මීට කලින් රටට විස්තර කියන්න තිබුණා නේද? මම කියන්නේ බොරුද? (නි)
බන්දුල, මේ කම්හලෙන් වතුර අපිරිසිදු වෙනවා කියන්නේ සියලුම ඉවත් කරන ලෝහ සහ රබර්, අපද්‍රව්‍ය, ඇසිඩ් ගැලුම් වලට දාලා පොළවේ වළලන නිසයි (නි)
මේ රටේ පාලකයෝ ..තුන් වේලම කන්නේ දුප්පත් ජනතාවගේ මුදල් වලින් ..හරිම හිතට අමාරුයි ..? මගේ රටේ ජනතාව විදින දුක් දැක්කම , පෙර පිනකට මම දරුවොත් සමග පිටරටක ජීවත් වෙනවා ,ජීවිතේ උපරිම සැප පහසුකම් අතරින් ඉතාමත් සැපවත් ජීවිතයක් ගෙවද්දී මගේ උපන් රටේ වැසියෝ විදින දුක් ? මේවා දකිද්දී හිතට සැනසීමක් නැහැ . දෙවියනේ ..? (දී)
ඔය ටික කියන්න අපිටත් පුළුවන්නේ ඉතින් (නි)
රටේ දුප්පත් මිනිස්සුන්ගේ ගැටළු සාවදානව අසා නිවැරදි විසදුම් දෙන නායකයන් කවදා බිහිවේද?පොළවෙන් ලැබෙන වතුර ටික ප්‍රවේශම් කරන්න අරගල කරන්න වෙලා ,ගුටිකන්න වෙලා. අනේ මෙහෙමත් ආශ්චර්යයක්? (නි)
බන්දුල , "මොනයම් හෝ පිළිගත් ක්‍රමවේදයක් තිබෙන්න ඇතිනේ පරිසරයට වෙන හානිය අවම කරන්න. නිකම්ම කම්හලක් ගොඩ නගන්නේ නැහැනේ" ... ඔහේ ලංකාවේද ජීවත් වෙන්නේ? ආවඩන එක නවත්තලා ලංකාවේ වෙන්නේ මොනවද කියලා ඇස් දෙක ඇරලා මොලේ පාවිච්චි කරලා බලනවා. (නි)
ජනතාවගේ ජල ප්‍රශ්නය විසදුනේ නැති වුණාට ජනතාව පාරට බස්සපු අයගේ අදහස නම් ඉෂ්ඨ වෙලා. දැන් කට්ටිය මාධ්‍ය ප්‍රකාශ කරන්නේ ජල ප්‍රශ්නය ගැන නොවේ. මානව හිමිකම් ගැන. (ස)
රජය මෙම ප්‍රශ්ණෙ මෙපමණ සැහැල්ලුවට ගත්තේ ඇයි කියලා මට නම් තේරෙන්නෙ නැහැ. ඡන්දෙකුත් අත ළග තියෙද්දී.මහජන නියෝජිතයො කියලා සමහරු කියාගත්තත් මහජනතාවට ඔවුන් ගැන විශ්වාසයක් නැහැ.පිළිගැනීමක් නැහැ.ඔවුන් තත්වය තවත් අවුල් කරනවා.මානව හිතවාදී රජයකින් සිදු නොවිය යුතු දෙයක් තමයි සිද්ධ වුනේ.ජනතාවට මෙය මතක තියේවි. (නි)