කිසිදු බලවේගයකට ජාතියේ අවශ්‍යතා පරාජය කළ නොහැකි බවත් ජාත්‍යන්තර බලපෑම්වලට ජනාතාව ඉඩ නොදෙන බවත් බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්දයෙන් පෙනෙතියි මහින්ද රාජපක්ෂ ජනපති නිවේදනයක් නිකුත් කරමින් කියයි.
‘අපට අන් සියල්ලටම වඩා වැදගත් වන්නේ මේ රටේ ජනාතවගේ කැමැත්ත බව දැඩිව අවධාරණය කළ යුතුයි.ජාතියේ අවශ්‍යතා පරාජය කිරීමට ඉදිරියේදී කිසිවකුටත් ඉඩ නොතබන බව අවධාරණය කරමි.රටේ ස්වාධිනත්වය හා ස්වෛරී භාවය සුරැකිමට රජය ගත් පියවරට ජනතා විශ්වාසය විජග්‍රහණයෙන් තහවුරු කැර තිබේ.’
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට ගැන හිතන්න දන්නේ නැති හැම දේම නිකන් ඉල්ලන අයට නම් මේවා තේරෙන්නේ නැහැ. ජය වේවා මගේ රටට.(නදී)
ඔබතුමාට ජයවේවා (දිල්)
දැන් ඉතින් 'පොදු අපේක්ෂකයෙක්' තෝරාගෙන ඉතුරු වැඩ ටිකට ලෑස්තිවෙමු.(නදී)
දැන් කන්ද නැගලා ඉවරයි. පල්ලම බහින්නයි තියෙන්නේ.(ධිල්)
ජන්දය දීපු අයගෙ ප්‍රතිශතයෙ එතරම් අඩුවක් නැහැ. 65%-68% ක් කියන්නෙ හොඳ අගයක්. ජනතාව නිවැරදි තීන්දුවක් දීලා තිබෙනවා. බහුතරය ආණ්ඩුව කෙරෙහි තවදුරටත් විශ්වාශය තියලා තිබෙන බවයි පෙනෙන්නෙ. කොහොමටත් ඔවුන්ට උදම් ඇනීමට හැකියාවක් නැහැ. ජනතාවගෙ සැබෑ ගැටලුවලට නිසි අයුරින් පිලියම් යෙදිය යුතුයි. නැතිනම් විකල්පවලට යාවී.(නදී)
මේ තරම් ජයක් ලබලත් අඩුවෙච්ච ප්‍රතිසතයක් ගැන කතා කරනවා. හරියට පැරදිච්ච එව්වෝ මාධ්‍ය සාකච්ඡා තියල තමන් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවා කියනවා වගේනේ මේ හාදයන්ගේ අදහසුත්. මේ වගේ දෙවන පන්තියේ මැතිවරණයකින් වත් කිසිම අභියෝගයක් කරන්න බැරි කට්ටිය ගේ කතාවනම් ඉර හද අල්ලන්න ... .මිනිස්සුන්ගේ උනන්දුවක් නැති මිනිස්සුන්ගේ අවදානයක් නැති රාජ්‍ය පෙරලියක් සිදු නොවන මැතිවරණයකින් පොඩි ප්‍රතිශතයක් අඩු වුනු ගමන් කට්ටිය හරියට රාජ්‍යා බලේ අරගෙන වගේනේ..හරි හරි කට්ටිය දිනුම්.. සන්ධානේ පරාදයි.රජයත් ඉවරයි.ජනාධිපති තුමාගේ ජනාධිපති කමත් ඉවරයි....අනේ මෙහෙමත් මී හරක්..(නදී)
ඊලග ජනපතිවරණයේ ජය ප්‍රතිඵල වලින් පෙන්නා දෙන බව ජනපතිතුමාගේ විශ්වාසය තහවුරු වූ බවයි අපිට නම් පෙනෙන්නේ.(නදී)
බත් කන මිනිස්සු රටට ආදරෙයි. රටට ආදරය කරන මිනිස්සු අතිගරු ජනාධිපති තුමා සමගයි අනිත් අයට අපි බනින්නේ නැහැ මොකද තවම මොලේ මෝරලා නැහැ මොලේ මෝරපු දවසක රටට ආදරය කරයි. මොලේ හැදෙන්නට දෙමාපියන්ගේ ජාන බලපානවා ජාන හොද නැති උනහම රට ගැන හැගීම නැති වෙනවා.(නදී)
මොනවා කියන්නද මන්දා!(දී).
බණ්ඩාර ,ඇයි කටාර් ගියේ? (නදී)
බණ්ඩාර කටාර් ගේ මාර මොලේ. අනේ බණ්ඩාර කටාර්, වාඩි වෙද්දී හිමින් වාඩි වෙන්න, මොකද රටක් වටිනා මොලයක් තැලෙන හින්දා.(නදී)
හේළි හිතා ගෙන ඉන්නේ එයාගේ මොලේ තියෙන තැනම අනෙක් අයගේ මොළෙත් තියෙනවා කියලා. මේ පායන කාලෙට ඔහොම හිතෙනවා. බණ්ඩාර මහත්තයා ඕවා ගණන් ගන්න එපා. ඔය මිනිස්සුන්ගේ තියෙන්නේ දෙමව්පියන්ගේ ජාන නෙමෙයි.(නදී)
මේ වෙලාවේ ආණ්ඩුව පරද්දනවා කියන්නේ අපේ බෙල්ල අපි විසින්ම මිරිකා ගැනීමකි (දී)
ජනාධි පති තුමනි අපි සැමදා ඔබ සමගයි (දී)
අපේ ජනාධිපති තුමාට තෙරුවන් බලයෙන් සවිය ආරක්ෂාව ලැබේවා! (දී)
ගිලෙන්න යන මිනිහා පිදුරු ගහේ හරි එල්ලෙනවලු. ඡන්දය අඩුවීම විශාල ජයග්‍රහණයක් නම් ඡන්දය හා ආසන වැඩි වූ ජවිපෙ හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය යන දෙකටම කුමක්ද වී ඇත්තේ? (නි)
2009 යුද්ධය නිම කරනවාත් සමඟ ගත්ත ජන්ද ප්‍රමාණය වසර 5 කට පසුවත් ගන්න ඔිනේ කියල හිතීම දේශපාලනයේ අණුවන කමක්.2009 දී කෘතග්‍රණ දන්න එජාප හා ජවිපේ ජන්ද ගොඩක් ආණ්ඩුවට ලැබුණා .මේ වාගේ ප්‍රාදේශිය මැතිවරණයකදි 60% ට ආසන්න ප්‍රමාණයක් තවමත් ආණ්ඩුව ජන්ද ගැනීම විපක්ෂයේ ජයග්‍රහණයක් යැයි සිතිම මුලාවක්. (දී)
බන්දුල පෙරේරා කඩේ ගියාට කමක් නැහැ සායක් ඇදගෙන කඩේ යන්න එපා.(නදී)
මගේ චන්ද ඔක්කොම වැඩ කළා (දී)
ජනතා විශ්වාසය තහවුරු වුණා. 10% ඡන්දත් අඩු උනා.(නදී)
ජය වේවා ජනපති තුමනි. කොහොම හරි ජෙනරාල්තුමාවත් ඔය ගමනට හවුල් කරගන්න.(නදී)
ආසන ගානක්ම අඩු වෙලාලු නේද ? ඒ ගැනත් හිතට අරන් වැඩ කලා නම් හොඳයි. ජනපතිතුමනි, පාර්ලිමේන්තුවේ ඉන්න වැඩකට නැති අය අයින් කරලා දාන්න.(නදී)
ඒ කියන්න තව තවත් බඩු භාණ්ඩ වල ගණන් උස්සන්න පුලවන් කියන එකනේ. අනේ වාසනාවන්.(නදී)
බන්දුල පෙරේරා මහත්තයො, ඔබේ ප්‍රතිචාරය ට මෙන්න මගේ අනුමැතිය. (දී)
පසුගිය මැතිවරණය සමග සසදනවිට මේක මහා පරාජයක් කියලයි මට හිතෙන්නේ ආණ්ඩුවේ. මීට කලින් තුනෙන් දෙකක තිබුන ඡන්ද ටිකට මොකද උනේ. අන්න ඒකයි අපි හිතන්න ඕනේ.(නදී)
ජනපතිතුමනි, ඔබට ජයවේවා!! තවම බඩට වැඩිය රට ගැන හිතන මිනිසුන් ඉන්න එක ගැන සතුටුයි. නමුත් ජනතාවට පොඩි සහනයක් දෙන්න බලන්න. (නි)
සංජ්, ඔබ හරි... 2009 දී ඡන්ද පදනම ඉහලට ගියේ පැහැදිළි හේතුවකට. වසර 5 කට පසු ඒක අඩුවෙන එක සාමන්‍ය දෙයක්.. කට්ටිය කතා කරන්නෙ දැන් ඉතින් දිනුව කියල... (දී)
බන්දුල, ඔයාට මොකද වෙලා තියෙන්නේ? මෙහෙම යනකොට රට ගොඩක් දියුණු වෙයි. (නි)
ජනාදිපතිතුමනි. ඔබට ජය වේවා.(නදී)
සන්තෝසයි ජනතාව නිවැරදි තීරණය අරගෙන තියෙනවා (දී)
කට්ටියගේ අදහස් දැක්කම මට මොකුත්ම කියන්න හිතෙනේ නැහැ බන්දුල පෙරේරා ඔබගේ අදහස් වලට මගෙන් මල් මිටක්.(නදී)
හැම දේම හරියි කියන්නත් බැහැ ටිකක් හිතන්න වෙනවා.(නදී)
එතකොට ඡන්ද හා මන්ත්‍රීවරු ගාන අඩුවෙලා තියෙන්නේ ජනතා විශ්වාසය තහවුරු උන නිසාද? (නදී)
ඡන්ද අඩුවන්න මුලික හේතුව රට ගැන හිතන පිරිසට වැඩියේ බඩ ගැන හිතන පිරිස වැඩිනිසා. ජීවත්වීම දැන් අපහසු එක ඇත්ත. මෙම ඡන්ද අඩුවීම ගැන හිතල වත් මහජනයාට යම්කිසි ඇගට දැනෙන සහනයක් සැලසීමයි රජයේ යුතුකම.(නදී)
දැන ජිනිවා ප්‍රශ්නේ ඉවර වුනා. ඒත් ප්‍රශ්ණය එන්නේ ඊලග ඡන්දෙදි.(නදී)
මම නම් ඔය අැහුවමයි. ඡන්දෙ අඩුවෙලා ජනතා විස්වාසේ තහවරු වෙන විදියක් ගැන. ඒ කියන්නේ පරාද උනා නම් උපරිමය තහවුුරුයි කියන එකද ? අනේ මට තේරෙන්නේ නැහැ මේවා.(නදී)
බන්දුල පෙරේරට කරන්ට ඕන සැත්කම තායිලන්තයේ කරනවා. නරකද එහෙ ගිහිල්ල සැත්කම කරගෙන අවොත් ඊලග මැතිවරණයට කලින්. (නදී)
රජයේ වැරදි හදාගන්න ඔබතුමාගේ ප්‍රතිරූපය විනාශ කරන අය ඈත්කරන්න.(නදී)
ගෙදර යන්න කාලේ හරි (නදී)
ඔව් තව බොහොම ටික කාලයක් බලයේ ඉන්න පුළුවන් බව පේනවා.(නදී)
අනේ සර් අපිට හිමි තැන දෙනවදෝ .(නදී)
විශ්වාසය කෙසේ නමුත් අපේ බඩ කට ගැනත් බලන්න. (නි)
ජනාදිපති තුමනි ඔබතුමාගේ චන්ද සටනේ ජනතා ජය තහුරු උනාට අපිට නම් එහෙම වුනේ නැහැ.(නදී)
බන්දුල කියනදේ තේරෙන්නේ නැති අය තමයි ප්‍රථිචාර දාන්නේ.(නදී)
එන පොට හොද නෑ. බහින කාලේ වගේ.(නදී)
චන්ධිට උත්තර දෙන්න අවශ්‍ය නැහැ. ගැනුන්ගේ අර මොකක්ද එකක් හැදී මිටේ දිගයි කියනවනේ. හැමදාම විභාගේ ෆේල් වෙන කෙනාට වාර විභාගෙකින් යන්තම් එස් එකක් ලැබුනම ඉතින් උසස් පෙලට ඒ ගන්න කෙනාට වඩා සතුටක් දැනෙනවා තමයි. සතුටු වෙන්න සතුටු වෙන්න.(නදී)
ෂේන්, ඇසළ, මමනම් හිතන්නේ ගියපාරට වඩා අඩු වුණත් මෙතරම් හෝ ඡන්ද ප්‍රමාණයක් ලැබිලා තියෙන්නේ සැළකිය යුතු පිරිසකට තවමත් රටට වඩා වැදගත් දේවල් තිබෙන නිසා කියලයි. (නි)
ජනතාව සැමදා ඔබ සමඟයි (නි)
චන්දෙ අඩු උනේ නම් ජනතා විශ්වාශය නැති උන නිසා කියල තේරෙන්නේ නැතිද?(දී)