ජනතා විමුක්ති පෙරමුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී සරත් මායාදුන්නේ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කර තමා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළේය.
මෙවර මහ මැතිවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 2 ක් හිමිවූ අතර ඒ සඳහා මාතර දිස්ත්‍රික්කයෙන් තරග කර පරාජයට පත්වූ සුනිල් හඳුන්නෙත්ති සහ හිටපු විගණකාධිපතිවරයකු වූ සරත් මායාදුන්නේ යන මහත්වරුන් තෝරා ගනු ලැබිණි.
පාර්ලිමේන්තුවේ නොසිටියත් දූෂණයෙන් තොර රටක් බිහිකිරීමට තමා හැමවිටම ඇප කැපවන බවද ජනතාවගේ ඡන්දය හා මනාප අනුව තමා වැනි අයට පාර්ලිමේන්තුවේ ඉඩක් නැති බව පෙනෙන හෙයින්ද තමා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී පදවියෙන් ඉල්ලා අස්වන්නේ යැයි හිටපු විගණකාධිපති සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ මහතා අද (3) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පසුගිය 1 වැනිදා දිවුරුම් දුන් ඔහුගේ මන්ත්‍රී පදවිය දින 3කට සීමාවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමාගේ විශේෂ කතාව සම්පුර්ණයෙන් බලා අදහස් ඉදිරිපත් කරන්න. රටට වන හානිය, අපගෙන් වියයුතු වගකීම් හොඳින් විස්තර කරනවා. බල ලෝබයෙන් පෙළෙමින් ජනතා මුදල් ගසා කන තක්කඩියන්ට හොඳ පූර්වාදර්ශයක් දීලා තියෙන්නේ. රටට සේවය කරන්න ජනතාවට සේවය කරන්න මෙතනම ඉන්න ඕනෑ නැහැ කියලා එතුමා කියනවා. (නි)
දේශපාලනේ අපි හිතන තරම් සුන්දර නැහැ නමුත් ජනතා විමුක්ති පෙරමුණට දොස් කියන්නත් බැහැ. ආසන 83 ක් අරගෙනත් ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර 12 න් 6ක්‌ම ජනතාව ප්‍රතික්ෂේප කළ පරාජිතයන් ගෙනෙන්න සන්ධානයට හැකිනම් ආසන 4 කට ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර 2 ක් ලැබුනම ඔවුන්ද තමන්ගේ පරාජිතයන් ගෙනෙන ඒක වරදක් නැහැ අනික ජාතික ලැයිස්තු අනුපාතය බලනකල 93/13-34/12 14/2 4/2 ජනතා විමුක්ති පෙරමුණට අඩුතරමින් දිස්ත්‍රික් 15 කට වත ඒක මන්ත්‍රී අසුනක් හිමිවිය යුතුයි නමුත් අවාසනාවට ඔවුන්ට ඒ අවස්ථාව අහිමි විය හේතුව මෙවර ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය ඉහල අගයක් ගත් නිසාය ඒ නයින් බලන කල ඔවුනට තමන්ගේ අපේක්ෂකයන් පත්කිරීමට ඉහලම අයිතිවාසිකමක් ඇත නමුත් මහින්දට එලව එලවා පහරදීමේ දිට්ටදම්ම වේදී කර්මය පටිසන්දී ඇත (බ)
තමාට වඩා හොඳින් එම කාර්ය වෙනත් කෙනෙකුට කරන්න පුළුවන් නම් ඊට ඉඩදීම දියුණු මානව ලක්ෂණයකි. (නි)
මේ අදහස තේරුම් ගන්න පුළුවන්නම් පැරදුන කිසිම කෙනෙක් පාර්ලිමේන්තු යන්නේනැ.මොහුට ගරුකළ යුතු සමාජයක් හදන්න අපි එකට අත්වැල් බැදගමු.ලජ්ජා නැති කට්ටියට හු කියල පන්නන ඕනි (අ)
මාය දුන්න කැඩිලා ලු (ම)
ඔහු කළ ප්‍රකාශයත් සමඟ බලලයි අදහස් පළකළයුත්තේ. (නි)
ලාල් කන්තට දෙන්න (හේ)
කවුද ඒ තැන පුරවන්න සුදුස්සා.(හේ)
අයින්වෙන එක තමයි කරන්න තියෙන්නේ. වැඩියෙන් මෙහෙවු ජනතාවක් ඉන්න රටක මොන දේශපාලනයද? (නි)
විපක්ෂය නියෝජනය කරන උදය ගම්මන්පිල වගේ මහින්ද පිලේ අය දැන් නිහඬ මොකද? ඇයි ඒගොල්ලෝ විපක්ෂ නායකකම ඉල්ලුවේ නැත්තේ? කරු මහත්තයා මෙයාට දුන්නේ විපක්ෂයේ වෙන කවුරුත් ඉල්ලපු නැති නිසාලු. ඇයි මහින්ද පිලේ අයට සම්බන්දන්ව විපක්ෂ නායක කරන්න ඕනෑ වුණේ? (නි)
ටිල්වින් ඒ වෙනුවට පත් කරන්න (ම)
දමිළ ජන්ද ඉලක්ක කර ගනිමින් උදය ගම්මන්පිල , විමල් වීරවංශ වැනි මහින්ද පිලේ අය අද සම්බන්දන්ට විපක්ෂ නායකකම ගැනීමට ඉඩහැර ඇත. (ම)
ලංකාවේ මිනිස්සු වැඩිම මනාපයෙන් පත්කරන්නන් අතරේ ශීෂ්ටසම්පන්න මිනිසුන්ට තැනක් නැහැ. (නි)
තමන්ගේ අයිතිවසිකම් වෙනුවෙන් පෙළගැසෙන්නේ ජවිපෙයි. ඒත් ඡන්දෙ දෙන්නේ.....? (නි)
ඒ කියන්නේ අහවලාගේ අන්තිම තුරුම්පුවත් සුනේ සුන්! (නි)
ජවිපෙ මෙවර උගතුන්ගෙන් පිරුණු ජාතික ලැයිස්තුවක් ඇත්තේ තමන්ට පමණක් කියමින් එය මාර්කට් කළා. කතාව ඇත්ත වුණත් පත්කරනකොට ලැයිස්තුවේ එක්කෙනෙක් හැලිලා හඳුන්නෙත්ති ආවා. දැන් මෙයා වෙනුවට තවත් පරාජිතයෙක් නොදමා ඔබේ ලැයිස්තුවේ ඉන්න උගතෙක් මැතිසබයට යවන්න (නි)
සමීර ඔබ නොදන්නවාද සන්දානයේ මන්ත්‍රීවරු 56ක් වෙල්ගම විපක්ෂ නායක කරන්න කියලා ලියුමක් දුන්න බව, (ම)
දැනට පවතින්නේ ජාතික ආණ්ඩුවක් නොව සබාග ආණ්ඩුවකි. මක්නිසාද ආණ්ඩුවට සහයෝගය නොදක්වන විශාල පිරිසක්ද පාර්ලිමේන්තුවේ සිටින බැවිනි. ජාතික ආණ්ඩුවක් යනු සියලු පක්ෂ එකතු වී පිහිටුවාලන ආණ්ඩුවකි. තවද ජනවාරි 8 පොරොන්දු පත්‍රයට අනුවද උපරිම ඇමති සංඛ්‍යාව 20 කි. (නි)
දිනෙත් පොඩ්ඩක් පුවත්පත් බලන්න. ඒ ලිපිය කතානායකට අවසන් මොහොතේදී දීල නැහැ. (ම)
සම්පන්දන් විපක්ෂ නායකයා කරගන්න ඕනෑවුණේ මොකද කියන එක මටත් ප්‍රශ්නයක්? කෝ දේශප්‍රේමීන්? අපරාදේ අපේ ඡන්දේ! (නි)
ලාල්කාන්ත මහතා ජාතික ලැයිස්තුවට සුදුසුයි (නි)
ලිපි වලින් විපක්ෂ නායක තෝරන්න බැහැ. එයාලට අද වෙල්ගම යෝජනා කරන්න තිබුනා. එහෙම කරලා නැතිලු නේද?? (නි)
මහජනයාගේ මුදල් වියදම් කරලා ඡන්ද තියලා අවසානේ පාර්ලිමේන්තුවේ ඉන්න ලොකු ලොකු අයට ඕනෑ විදියට අවසන් තීන්දු ගන්නවා නම් පුලුවන්නේ ඡන්දයක් නොතියා ලොකු අයගේ උවමනාවන් අනුව පළාත් වලට ඕනෑ කෙනෙක් පත්කරන්න. (නි)
දේශප්‍රේමීන් හා ජාතිප්‍රේමීන් වෙන්කරගන්න සම්පන්දන් හොඳයි (නි)
සම්පන්දන් විපක්ෂ නායකයා වුණාට මොකද? මොකද එයා ලංකාවේ නෙමෙයිද? (නි)
ඔබතුමාගේ කාර්යභාරය ජනතාවට වැඩක් වන අයුරින් යොදා ගනිතැයි සිතනවා (ම)
මායාදුන්න මන්ත්‍රීතුමාගේ විරෝධය දුෂිතයින් , අපරාධකරුවන් , කුඩු ජාවාරම්කරුවන්, නුගතුන් පාර්ලිමේන්තු එවා ජවිපෙ නියෝජනය අඩුකළ ලංකාවේ ඡන්දදායකයින්ටයි.ඔහුගේ කතාව හොඳට අහන්න.... (නි)
මෙතුමාගේ කතාවෙන් පැහැදිලි වන ප්‍රධානම දේ අපේ රටේ ඡන්දෙ පාවිච්චි කරන රටවැසියන් විශාල ප්‍රමාණයක් රට ගැනවත් අනාගත දරුවන් ගැනවත් නොහිතා පක්ෂ පාට ගැන පමණක් සිතන බවව. ඔවුන් කොතරම් නරක වැඩ කළත් කොතරම් වැරදි ලෙස හැසිරුනත් ඔවුන්ටම ඡන්දය පාවිච්චි කරන බව. අහෝ ඛේදවාචකයකි මගේ මවුබිම (නි)
ඒක ඉතින් එයාගේ කැමැත්ත (නි)
ඒකත් එහෙමද? හොඳයි හොදයි (නි)
අයින් වෙන්න කියලා කවුරුහරි කිවුවද දන්නෙ නැහැ. අපරාදේ ඒ මනුස්සයත් නැහැ දැන්. (නි)