දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් අද දිනයේදී (මැයි 02) ඉන්දියාවේ මුම්බායි නගරයේ පිහිටි "අන්නාමලේ" දේවාලයේදී පූජාවක් සිදු කළ බව "ඉන්දියන් එක්ස්ප්‍රස්" වෙබ් අඩවිය සඳහන් කර සිටියි. ජොන්ටි රෝඩ්ස් මෙසේ පූජාවක් සිදු කර ඇත්තේ අප්‍රේල් 23 වැනිදා මුම්බායිහි පිහිටි "santa cruz" රෝහලේදී සවස 3.29ට උපත ලැබු ජෝන්ට් රෝඩ්ස්ගේ දෙවැනි දියණිය (ඉන්දියා ජෙනී රෝඩ්ස්) වෙනුවෙන් බව සඳහන් වේ.
මෙම පූජාව සඳහා අලුත උපන් දරුවා මෙන්ම ජොන්ටිගේ බිරිඳ වූ මෙලානී ජෙනීද එක්වූ බව සඳහන් වේ. මෙම පූජාවන් පසුව ජොන්ටි ඇතුළු පිරිස ඉන්දියාවේ තමිල්නාඩු නගරය බලා ගොස් තිබෙන අතර, ඒ ජොන්ටි රෝඩ්ස් පුහුණුකරු ලෙස කටයුතු කරන "මුම්බායි ඉන්ඩියන්ස්" කණ්ඩායම ක්‍රීඩා කරන තරගයක් සඳහා බව මෙම වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කොට ඇත.
බුද්ධික සේනාධීර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd