මිනීමැරුමක් සම්බන්ධ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන්ට අද මහනුවර පලාත් බද මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය ඇප නියම කළාය.
1999 වසරේ සිදුවූ මිනීමැරුමක් සම්බන්ධයෙන් රහස් පොලිසිය පසුගියදා ඔහු අත්අඩංගුවට ගත් අතර රිමාන්ඩ් භාරයේ සිටයදීම අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබාගත්තේය.
වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහුට විදේශගතවීමට අවශ්‍ය බව කියමින් ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ බිරිය ඉදිරිපත් කළ ඇප අයදුම්පත සලකා බැලූ අධිකරණය ඇප නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවාට කියන්නේ දේශපාලකයන්ගේ ප්‍රචාරණ වැඩසටහන් කියල. ටික දවසකින් ලොකු ප්‍රසිද්ධියක් සමඟ නිදහස් (ම)
මේගොල්ලන්ට ලෙඩ වෙන්නෙම රිමාන්ඩ් කළාමනේ. (නි)
මට නම් පෙන්නේ ජනක බණ්ඩාරට ඇප නෙමෙයි.. ජනක බණ්ඩාරට සැප (බ)