IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ජානක පෙරේරා ඝාතනයේ නඩු විභාගය ජනවාරියේ

හිටපු තානාපතිවරයකු මෙන්ම උතුරු මැද පළාත් සභාවේ  හිටපු විපක්ෂ නායකවරයකුද  වන මේජර්  ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 29  දෙනෙකු අනුරාධපුරයේදි මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රාහාරයකින් ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ අධි චෝදනා ලබා සිටින ප‍්‍රධාන විත්තිකරු 2016 වසරේ ජනවාරි 25 වැනි දා දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයට පත් කරන ලෙස අනුරාධපුර විශේෂ මහාධිකරණයේ විනිසුරු ඛේමා ස්වර්නාධිපති මහත්මිය නියෝග කළාය.

මෙම නඩුව 2016 වසරේ ජනවාරි මස 25, 26 සහ 27 තෙදිනෙහි අඛණ්ඩව විභාගයට ගැනිමටද මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළාය.

ප‍්‍රධාන සැකකාර උමාර් හබිතාබ්ට එරෙහිව  නීතිපති  අධි චෝදනා 48 ක් ගොනු කැර ඇත.

මේ අතර මෙම අපරාධයට අධාර අනුබල දුන් බවටත් ඒ සදහා කුමන්ත‍්‍රණය කළ බවටත් අනුරාධපුර මහාධිකරණය හමුවේ වරද පිලිගත් එල්.ටී.ටී.ඊ සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා හැරිමේ අංශයේ හිටපු කර්නල්වරයකුට වසර විස්සක බරපතල වැඩ සහිත සිර දඩුවමක් උතුරු මැද පළාත් බද හිටපු මහාධිකරණ විනිසුරු සහ වයඔ පළාත් බද වත්මන් මහාධිකරණ විනිසුරු  සුනන්ද  කුමාර රත්නායක මහතා මීට පෙර නියම කළේය.

මෙම අපරාධයට අධාර අනුබල දිමේ වරදට  වසර දහයක්ද කුමන්ත‍්‍රණය කිරිමේ වරදට වසර දහයක්ද වශයෙන් වෙන්ව මෙම විසි වසරක බරපතල වැඩ සහිත සිර දඩුවම නියම කෙරිණි. එසේ මීට පෙර දඩුවම් නියම වුයේ  මෙම නඩුවේ දෙවන විත්තිකාර මඩකලපුව චෙන්කලඅඩි පදිංචි සම්මුගනාදන් සුදාහරන් නැමැති කොටි සංවිධානයේ මරාගෙන මැරෙන බෝමිබ පුපුරුවා හැරිමේ අංශයේ හිටපු කර්නල්වරයකුටය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

ජානක පෙරේරා ඝාතනයේ නඩු විභාගය ජනවාරියේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 481 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site