ශ්‍රී ලංකාව සහ දකුණු ඉන්දීය කලාපයට සැඩ සුළං සහ තද වැසි ඇතිවන බව ඇමෙරිකාවේ ජාතික කාලගුණ අනාවැකි මධ්‍යස්ථානය කියයි. ඝර්ම කලාපීය වායුගෝලයේ වෙනස්වීම් අනුව ජුනි 04 දා මෙම අනාවැකිය පලකැර ඇත. එම අනාවැකියේ දැක්වෙන්නේ ජුනි මස 05 දා සිට 18 වැනි දා දක්වා මෙම තත්ත්වය පතින බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමු ඒ අනාවැකියවත් විශ්වාස කරන්න පුලුවන්ද කියලා. කොහොම වුනත් ඔයාලා මේ වෙල් අපි දිහා බලාගෙන ඉන්න එකත් පොඩි හයියක්. (නි)
ඇමෙරිකාවෙන් හරි කමක් නැහැ හරියට කියනවා නම්. (නි)
සම්බුදු හිමිගේ සහ තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටෙන් ආශිර්වාදයෙන් ශ්‍රී ලංකාවත් සියලු වැසියන්වත් නිවාස සහ දේපොලත් ආරක්ෂා කරදෙත්වා. කිසිදු ව්‍යයසනයක් නොවේවා. (නි)
ඇමෙරිකාවෙත් ඉඳගෙන හරියටම ලංකාවේ කාලගුණ විපර්යාස ගැන කියන්නේ කොහොමද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
එයාලගේ කතා බොහෝ විට හරියනවා (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට මේවා කරන්න පුළුවන් නවීන උපකරණ නැද්ද? නමුත් මෙවැනි අන්තර් ජාතික විශ්ලේෂණ වාර්තා හරි අධ්‍යයනය කරන්න වටිනවා නේද? (නි)
අපේ ලංකාවේ සාස්තර කියන දේවාල වල කපු මහත්වරු, කපු මෑණිවරු කොතරම් ඉන්නවද ? ඒ අයටවත් මොකද මේ විපත් ගැන කියන්න බැරි? එහෙම කිවුවා නම් ඇමරිකාව කියනකල් ඉන්න ඕනෑ නැහැනේ (නි)
අමෙරිකාවෙන් කියල තියන නිසා කෝකටත් 18 වෙනිදා පහුවෙන කම්වත් පරිස්සමින් ඉන්න.(නදී)
ඇමෙරිකාවේදී නම් හරියටම වෙලාවත් එක්ක අනා වැකි කියනවා. අපි ඒක අත් දැකීමෙන්ම දන්නවා. අවදානමේ බරපතලකමත් කල් ඇතුවම දෙනුම් දෙනවා. ජනතාව සුදානම් කරනවා. මෙහෙ කාලගුණය මිනිස් ජීවිත වලට හුගාක් බලපානවා. වේගෙන් කාලගුණය වෙනස් වෙනවා.(නදී)
හෙටම වහින එක නවතිනවා, බලන්නකෝ බොරුනම් (දී)
නිවැරදිව කාලගුණ අනාවැකි කියන්න ලංකාවේ ඈත පළාතක ගැමියකුට පුළුවන් .අපේ කාලගුණ දෙපාර්තුමේන්තුවට ඇමරිකා සරණං.(නදී)
ඕක මහසෙන් සුළි සුළග ද ? දැන් නිකම් සුළි සුළගක් වුනොත් කොහොමද?(නදී)
අමෙරිකාවෙන් කිව්ව නම් හරි. අපේ අය කිවොත් ඒකේ අනික් පැත්ත වෙන්නේ.(නදී)
ලංකාවේ අයට දැන් තමා කාල ගුනේ මතක් වෙලා තියෙන්නේ. අදිරාජ්‍යවාදී වැඩක් කියලා කියාවී දැන් කට්ටිය එක්ක.(නදී)
අපේ මහසෝනා කන්තෝරුවේ අයට මේවා බලලවත් යමක් ප්‍රකාශ කරන්න බැහැනේ.(නදී)
ජපානයේ කාලගුණ අනාවැකි කිව්වොත් කිව්වා . කිරිගහට ඇන්න වගේ. කොයි දේකටත් ආධාර උපකාර කරන ජපානයෙන් කාලගුණ උපකරණ ටිකක් ඉල්ලා ගන්න ලැජ්ජද? ඉරණමකට පත්වුවිට, කරන අපරාධ මුදල් නාස්තියට වඩා.සල්ලිදීල ගත්තත් වටිනවා.(නදී)
සදුන් අමෙරිකාවේ කොහෙද දන්නේ නැහැ ඉන්නේ ඔය තරම් හරියට අනාවැකි කියනවා කියන්න. අපිට නම් මෙහෙ වරදින අනාවෙකි දැකලා තියෙනවා.(නදී)
අපේ කට්ටිය යවපු සැටලයිටි එකෙන් මොනවගේ උදව්වක් ද අපි මේ වෙනකොට ගන්නේ ?(නදී)