(ටී.කේ.ජී.කපිල )
සුප්‍රකට ළමා චිත්‍රපට කතා මාලාවක් වන,හැරී පෝටර් පැළඳ සිටින විස්මිත තොප්පිය (Sorting Hat ) නිපදවූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ,පරිගණක විද්‍යා දෙපාර්තමේන්තුවේ සිසුන් විසින් එය ජාත්‍යන්තර රොබෝටික් තරඟාවලියකට ඉදිරිපත් කර , ඒ සඳහා පළමු ස්ථානය දිනාගැනීමට දිනා ගැනීමට සමත් වී සිටිති .
ඒ.සී. ගම්මන්පිල, ඒ.පී.විජේසිංහ, ටී.එන්.වන්නිආරච්චි, ඊ.එම්.වී.එන්.අමාජීව,ඩී.වයි.ජයසිංහ සහ පී.රවීන්ද්‍ර එස්.ද .සිල්වා එම සිසුන් පිරිසයි .
මෙම තොප්පිය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කළ එම විශ්ව විද්‍යාල සිසුන් .
මෙම තොප්පිය සම්පූර්ණයෙන්ම පරිගණක ඇසුරින් ක්‍රියාත්මක වෙනවා .මෙම තොප්පිය පැලඳ සිටින අයෙකු අසලට කවුරු හෝ පුද්ගලයකු පැමිණියහොත් , ඒ බව මෙම තොප්පිය පැලඳ සිටින පුද්ගලයාට,තොප්පිය තුළ සවි කර ඇති සංවේදක මගින් දැනුම් දෙනවා .
ඊට අමතරව "ඔටිසම්" රෝගය වැළඳිය ඇති දරුවන් නිතරම සමාජශීලී නැහැ . ඔවුන් අනෙක් දරුවන් සමග කතා කිරීමට භයයි . අකමැතියි .
එම දරුවන්ට මෙම "ඔටිසම්" රෝගී තත්ත්වය වැළඳී ඇත්ද , නැද්ද යන්න මුලින්ම අනාවරණය කරගැනීමට මෙම තොප්පිය සමත් වෙනවා .
එම රෝගී තත්ත්වයෙන් පෙළෙන දරුවන් , මෙම තොප්පිය පැළඳීමෙන්ඔ,වුන්ගේ මොළයේ නියුරෝන වෙත යොමු කෙරෙන උත්තේජන මගින් අනෙක් දරුවන් සමග සාමාන්‍ය පරිදි සතුටින් ගත කිරීමට මෙහි ඇති පරිගණක ක්‍රියාකාරීත්වය උපකාර කරනවා .
මෙම xi ජාත්‍යන්තර රොබෝටික් තරගාවලිය ඉකුත් නොවැම්බර් මස 26 දා සිට 29 දා තෙක් යුරෝපයේ ආසියාවේ සහ ඇමරිකාවේ පිළිගත් විශ්වවිද්‍යාල නියෝජනය කරමින් පැමිණි සිසුන් පිරිස් සහභාගීත්වයෙන් ස්පාඤ්ඤයේ , මැඩ්රීඩ් නුවර පැවති අතර , එම සියලුම සිසුන් ඉදිරිපත් කර නිර්මාණ පරදවා මෙම ශ්‍රී ලාංකික සිසුන් ඉදිරිපත් කළ මෙම හැරී පෝටර් තොප්පිය , මෙම ජයග්‍රහණය දිනාගෙන තිබුණි .
මෙම සිසුන් පිරිස මෙම ජයග්‍රහණය ද රැගෙන , ඊයේ(01) දින රාත්‍රි 8.40 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 652 දරන ගුවන් යානයෙන් දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අතර,ඔවුන් පිළිගැනීමට එම සිසුන්ගේ දෙමාපියන් , එම විශ්වවිද්‍යාලයේ සහෝදර සිසුන් මෙන්ම,එම විශ්වවිද්‍යාලයේ අධ්‍යයන අංශයේ කථිකාචාර්ය වරුන් ද ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලාට සුබ පැතුම්... රටට ආඩම්බරයක්. අපෙන් පඩි අරගෙන නිශ්චිත වැඩක් කරන්නේ නැති එක දේශපාලකයෙක් වත් නෑ මේ වගේ ළමයි ටිකක් පිළිගන්න. මේ වගේ වැඩවලින් සල්ලි ටිකක් ගහගන්න බෑනේ...
රටට කොයිතරම් ආඩම්බරයක් වගේම අභිමානයක්ද ඔබ සියලුම දෙනා... හදවතින්ම සුබ පතනවා.
සුබපැතුම්...!!!
හරිම සතුටුයි, ජ‘පුරෙන් දක්ෂ ඉංජිනේරුවන් බිහිවන බව පෙනෙනවා. ඔබ සැමට මගේ සුබපැතුම්..!
මේ ප්‍රතිචාරවලට ඩිස්ලයික් දැම්මේ කව්ද? හරිම කළකිරෙනවා.. ඒවටත් කැමැති නැති අය ඉන්නවා දැක්කාම...